මෙහි පත්‍රය තරමක් ත්‍රිකෝණාකාරයි. අඟල් 3ක් පමණ දිගු කොළය මත තරමක පුංචි රෝම දක්නට ලැබනෙවා. මෙහි මල් කහ පාටයි. රෝග නාශනය කිරීමේදී මෙහි මුල්, කොළ, ඉස්ම, මල් යන සෑම අංගයක්ම ප්‍රයෝජනයට ගන්නවා. මෙමඟින් නිපදවන දේශීය ඔෟෂධ මඟින් ශරීරයේ බාහිර රෝගවලට වගේම අභ්‍යන්තර රෝගවලටත් සුවයක් ලබන්න පුළුවන්. ඇතැම් අය සැරව ගලන තුවාලවලින් පීඩා විඳිනවා. කොතෙක් ප්‍රතිකාර සිදු කළත් සුව වීමක් නැහැ. එවන් සැරව ගලන තුවාල මත කැහිපිත්තන් මුල් සහ කොළ කොටා ඒ යුෂ තුවාල මත ආලේප කරන්න. තුවාල ඉක්මනින් සුව වේවී. ඒ වගේම යම්කිසි පිච්චීමකදී හෝ වෙනත් අවස්ථාවක ඇතිවන දැවිල්ලකදී මෙහි කොළ හොඳින් කොටා (ජෙලි පමණට එන තුරු) ඒ ද්‍රාවණය හමේ ආලේපය කරන්න. එමඟින් ඔබට සිසිලසක් අත්වේවි. ඒ වගේම පැපොල රෝගය වැලඳුණු අයකුගේ සමේ දැවිල්ල සහිත බුබුළු හට ගැනීමේ අවදානමක් පවතිනවා. ඩ්ඥපනඥඵ ලධඵබඥප නමැති එම දැවිලි සහිත බුබුළු මත කැහිපිත්තන් කොළ කොටා ඒ යුෂ ආලේප කරන්න. දින කිහිපයක් කළොත් සාර්ථක සුවයක් අත් වේවි. කැහිපිත්තන් වැලේ මුල්වල විශේෂ ප්‍රධාන නාශක ගුණයක් පවතිනවා. මේ ගුණය නිසා තුවාලවල ඇතිවන ඉදිමුම වගේම රතු වීම නැති වී ඉක්මන් සුවයක් අත්වෙනවා. ඇතැම් අවස්ථාවලදී අධික ලෙස වෙව්ලුම් සහිතව උණ හටගන්නා රෝගීන් සිටිනවා. එවන් රෝගීන්ට කැහිපිත්තන් මුල් පිරිසුදු කර ගෙන එමඟින් කසායක් සාදා (පත 8 - 1ට සිඳුවා) ඒ කසායට ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න දෙන්න. ඕනෑම දරුණු උණකට මෙය ඉක්මන් සුවය ගෙනෙන ප්‍රතිකාරයක්. ඔබ කෑම අරුචිය ඇති අයකු නම් එම තත්ත්වය දුරුකරන්නත් ආහාර හොඳින් දිරවීමේ කටයුතු කරන්නත්, අජීර්ණය සෑදුණු විට ඇති වන බඩ රුජාව දුරු කරන්නත්, බඩඑළියයෑම නැවැත්වීමටත්, දරුවන්ගේ පණු අමාරුව නැති කරන්නත් අගනා ඔෟෂධයක් කැහිපිත්තන් කොළවලින් සාදා ගන්න පුළුවන්. ඇත්තේම එය ඔෟෂධයක් පමණක්ම නෙවෙයි. හොඳ රසවත් අතුරු පසක් එනම් ජෙලි එකක් ලෙස ඔබට මෙය සදාගන්න පුළුවන්. ආහාර ගැනීමෙන් අනතුරුව ඔබ විසින්ම සාදා ගනු ලැබූ ස්වාභාවික ජෙලි එකක් කෑම කොතරම් ගුණද? එය සාදාගන්නේ මෙහෙමයි. ප්‍රථමයෙන්ම කැහිපිත්තන් කොළ ස්වල්පයකට ජලය ටිකක් දමා හොඳින් කොටා මිරිකා ගන්න. ඒ මිරිකා ගත් යුෂ පෙරා බඳුනකට දමා නොසෙල්වෙන ලෙස මඳ වේලාවක් තබන්න. ඉන් පසු එය ජෙලි එකක් වගේ සකස් වෙනවා. සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍රකර අනතුරුව ඔබට එය ආහාරයට ගන්න පුළුවන්. මම පෙර පැවැසූ සෑම රෝගයකටම මෙය අගනා ඔෟෂධයක්. ඒවගේම රසවත් ගුණවත් ආහාරයක්. මේ කැහිපිත්තන් කොළවලින් සාදන ජෙලි එක අම්ලපිත්ත (ගැස්ට්‍රයිටිස්) රෝගයට ඉතාම ගුණදායකයි. ගෑස් ඇති අය දිනපතා උදෑසන හිස් බඩට මේ ජෙලි එක ආහාරයට ගත්තානම් එය ඉතාමත් ගුණදායකයි. ඇතැමුන්ට පීඩාව ගෙනදෙන තවත් රෝගයක් තමයි නොනවත්වා බඩඑළියයෑම. එවන් අවස්ථාවකදී කැහිපිත්තන් මුල් තළා හොඳින් පෙරා මිරිකා ඒ යුෂ සමඟ මෝරු ස්වල්පයක් මිශ්‍රකර උක් හකුරු හෝ සීනි ස්වල්පයක් එයට දමා බොන්න. බඩඑළියයෑම එමඟින් නවතිනවා. මේ පානයට සූදුරු, ගම්මිරිස් ස්වල්පය බැගින් දැම්මත් ගැටලුවක් නෑ. මුත්‍රා ආසාධන නිසා අද අපේ සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳිනවා. මුත්‍ර අඩස්සිය මුත්‍රා ගල් මුත්‍රා දැවිල්ලක් ලෙස පිට වීම ආදී රෝග රැසක් අද බහුලව පවතිනවා. එවන් අයට කැහිපිත්තන් වැලේ මුල් කසාය ඉතාම ගුණදායකයි. වතුර පත අටක් සමඟ කැහිපිත්තන් මුල් කැබලි ස්වල්පයක් මුට්ටියකට දමා එය පත එකක් වනතුරු සිඳවන්න. ඉන් අනතුරුව එය උදේට පත භාගයයි සවසට පත භාගයයි ලෙස උක් හකුරු කෑල්ලක් සමඟ පානය කරන්න. දින 7ක් වගේ මෙය කරන්න. මුත්‍රා රෝග සියල්ලටම එය ගුණයි. මෙය ඉතා තිත්තයි. උක් හකුරු සමඟ බොනව නම් එතරම් අපහසු නෑ. අධික තිත්ත බව නිසාම මෙය ශරීරයේ රුධිරය පිරිසුදු කරන්නත් අගනා ඔෟෂධීය පානයක් බවට තහවුරු වී තිබෙනවා. නිතර උෂ්ණ බිබිළි එන අය, කුෂ්ඨ රෝගීන් මේ කසාය සති දෙකක් පමණ අඛණ්ඩව බොන්න ඉක්මන් සුවයක් අත් වේවි. කාන්තාවන්ට ආර්ථවයේදී ඇති වන වේදනා නැති කරන්නත් මේ කැහිපිත්තන් කොළ සහ මුල් කසාය ඉතා වැදගත්. උණු වතුරට හෝ ගින්දරට අතක් පිච්චුණොත් මොකද වෙන්නේ? තද දැවිල්ලක් හට ගන්නවා. දිය බුබුළු එනවා. දැවිල්ල නැති කරන්නත් දිය බුබුළු ඒම වළක්වන්නත් පුළුවන් කැහිපිත්තන් කොළ එළකිරෙන් අඹරා ඒ පිච්චුන ස්ථානයේ ආලේප කිරීමෙන්. විවිධ සත්ත්ව විසවලටත් මෙය ඉතාම අගනා විස නාශක ඔෟෂධයක්. මී මැසි විස, දෙබරා, බඹරා ආදී දෂ්ටනයකදී කැහිපිත්තන් කොළ, කුප්පමේනියා, බැබිල කොළ දෙහි ඇඹුලින් අඹරා දෂ්ටනය වූ තැන ආලේප කරන්න. එමඟින් විස මර්දනය වීමක් වෙනවා. ඒ වගේම සෙම්රෝග, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම රෝග සුව කරන්නත් කැහිපිත්තන්වලට පුළුවන්. පත්‍ර කොටා ඒ යුෂවලින් සාදාගත් ජෙලි ආහාරයට ගන්න. එය ඉතාම ගුණදායකයි. අද ඇතැම් අය තුළ මිථ්‍යා මතයක් පවතිනවා මේ ඔෟෂධය අධික ශීත බවින් යුක්ත නිසා සෙම වැඩි වෙනවා කියා. නමුත් එහි කිසිම සත්‍යතාවක් නෑ. එය මිථ්‍යාවක් පමණයි. කැහිපිත්තන් ජෙලි දරුවන්ට, කිරිදෙන මවුවරුන්ටත් ඉතාම ගුණදායකයි. මවුවරුන්ගේ කිරි වර්ධනයට මෙය ඉතාම වටිනවා. ඒ නිසා කිරි දෙන මවුවරු කැහිපිත්තන් ජෙලි සතියට අවමය දෙවතාවක් හෝ ආහාරයට ගැනීම වැදගත්. ඒ වගේම වඳ බවින් පසුවන කාන්තා පුරුෂ දෙපිරිසටම වන්ද්‍යභාවය නැති කරන්නත් මේ ආහාරය ඉතා අගනා ඔෟෂධයක්. ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඔෟෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ. නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඔෟෂධීය වටිනාකම දන්නේ නෑ. වෙද ගෙදර

Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples
ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

ගැස්ට්‍රයිටිස් නසන්න කැහිපිත්තන්වලින් හදන ස්වාභාවික ජෙලි කන්න
මෙහි පත්‍රය තරමක් ත්‍රිකෝණාකාරයි. අඟල් 3ක් පමණ දිගු කොළය මත තරමක පුංචි රෝම දක්නට ලැබනෙවා. මෙහි මල් කහ පාටයි. රෝග නාශනය කිරීමේදී මෙහි මුල්, කොළ, ඉස්ම, මල් යන සෑම අංගයක්ම ප්‍රයෝජනයට ගන්නවා. මෙමඟින් නිපදවන දේශීය ඔෟෂධ මඟින් ශරීරයේ බාහිර රෝගවලට වගේම අභ්‍යන්තර රෝගවලටත් සුවයක් ලබන්න පුළුවන්. ඇතැම් අය සැරව ගලන තුවාලවලින් පීඩා විඳිනවා. කොතෙක් ප්‍රතිකාර සිදු කළත් සුව වීමක් නැහැ. එවන් සැරව ගලන තුවාල මත කැහිපිත්තන් මුල් සහ කොළ කොටා ඒ යුෂ තුවාල මත ආලේප කරන්න. තුවාල ඉක්මනින් සුව වේවී. ඒ වගේම යම්කිසි පිච්චීමකදී හෝ වෙනත් අවස්ථාවක ඇතිවන දැවිල්ලකදී මෙහි කොළ හොඳින් කොටා (ජෙලි පමණට එන තුරු) ඒ ද්‍රාවණය හමේ ආලේපය කරන්න. එමඟින් ඔබට සිසිලසක් අත්වේවි. ඒ වගේම පැපොල රෝගය වැලඳුණු අයකුගේ සමේ දැවිල්ල සහිත බුබුළු හට ගැනීමේ අවදානමක් පවතිනවා. ඩ්ඥපනඥඵ ලධඵබඥප නමැති එම දැවිලි සහිත බුබුළු මත කැහිපිත්තන් කොළ කොටා ඒ යුෂ ආලේප කරන්න. දින කිහිපයක් කළොත් සාර්ථක සුවයක් අත් වේවි. කැහිපිත්තන් වැලේ මුල්වල විශේෂ ප්‍රධාන නාශක ගුණයක් පවතිනවා. මේ ගුණය නිසා තුවාලවල ඇතිවන ඉදිමුම වගේම රතු වීම නැති වී ඉක්මන් සුවයක් අත්වෙනවා. ඇතැම් අවස්ථාවලදී අධික ලෙස වෙව්ලුම් සහිතව උණ හටගන්නා රෝගීන් සිටිනවා. එවන් රෝගීන්ට කැහිපිත්තන් මුල් පිරිසුදු කර ගෙන එමඟින් කසායක් සාදා (පත 8 - 1ට සිඳුවා) ඒ කසායට ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍රකර පානය කරන්න දෙන්න. ඕනෑම දරුණු උණකට මෙය ඉක්මන් සුවය ගෙනෙන ප්‍රතිකාරයක්. ඔබ කෑම අරුචිය ඇති අයකු නම් එම තත්ත්වය දුරුකරන්නත් ආහාර හොඳින් දිරවීමේ කටයුතු කරන්නත්, අජීර්ණය සෑදුණු විට ඇති වන බඩ රුජාව දුරු කරන්නත්, බඩඑළියයෑම නැවැත්වීමටත්, දරුවන්ගේ පණු අමාරුව නැති කරන්නත් අගනා ඔෟෂධයක් කැහිපිත්තන් කොළවලින් සාදා ගන්න පුළුවන්. ඇත්තේම එය ඔෟෂධයක් පමණක්ම නෙවෙයි. හොඳ රසවත් අතුරු පසක් එනම් ජෙලි එකක් ලෙස ඔබට මෙය සදාගන්න පුළුවන්. ආහාර ගැනීමෙන් අනතුරුව ඔබ විසින්ම සාදා ගනු ලැබූ ස්වාභාවික ජෙලි එකක් කෑම කොතරම් ගුණද? එය සාදාගන්නේ මෙහෙමයි. ප්‍රථමයෙන්ම කැහිපිත්තන් කොළ ස්වල්පයකට ජලය ටිකක් දමා හොඳින් කොටා මිරිකා ගන්න. ඒ මිරිකා ගත් යුෂ පෙරා බඳුනකට දමා නොසෙල්වෙන ලෙස මඳ වේලාවක් තබන්න. ඉන් පසු එය ජෙලි එකක් වගේ සකස් වෙනවා. සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍රකර අනතුරුව ඔබට එය ආහාරයට ගන්න පුළුවන්. මම පෙර පැවැසූ සෑම රෝගයකටම මෙය අගනා ඔෟෂධයක්. ඒවගේම රසවත් ගුණවත් ආහාරයක්. මේ කැහිපිත්තන් කොළවලින් සාදන ජෙලි එක අම්ලපිත්ත (ගැස්ට්‍රයිටිස්) රෝගයට ඉතාම ගුණදායකයි. ගෑස් ඇති අය දිනපතා උදෑසන හිස් බඩට මේ ජෙලි එක ආහාරයට ගත්තානම් එය ඉතාමත් ගුණදායකයි. ඇතැමුන්ට පීඩාව ගෙනදෙන තවත් රෝගයක් තමයි නොනවත්වා බඩඑළියයෑම. එවන් අවස්ථාවකදී කැහිපිත්තන් මුල් තළා හොඳින් පෙරා මිරිකා ඒ යුෂ සමඟ මෝරු ස්වල්පයක් මිශ්‍රකර උක් හකුරු හෝ සීනි ස්වල්පයක් එයට දමා බොන්න. බඩඑළියයෑම එමඟින් නවතිනවා. මේ පානයට සූදුරු, ගම්මිරිස් ස්වල්පය බැගින් දැම්මත් ගැටලුවක් නෑ. මුත්‍රා ආසාධන නිසා අද අපේ සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳිනවා. මුත්‍ර අඩස්සිය මුත්‍රා ගල් මුත්‍රා දැවිල්ලක් ලෙස පිට වීම ආදී රෝග රැසක් අද බහුලව පවතිනවා. එවන් අයට කැහිපිත්තන් වැලේ මුල් කසාය ඉතාම ගුණදායකයි. වතුර පත අටක් සමඟ කැහිපිත්තන් මුල් කැබලි ස්වල්පයක් මුට්ටියකට දමා එය පත එකක් වනතුරු සිඳවන්න. ඉන් අනතුරුව එය උදේට පත භාගයයි සවසට පත භාගයයි ලෙස උක් හකුරු කෑල්ලක් සමඟ පානය කරන්න. දින 7ක් වගේ මෙය කරන්න. මුත්‍රා රෝග සියල්ලටම එය ගුණයි. මෙය ඉතා තිත්තයි. උක් හකුරු සමඟ බොනව නම් එතරම් අපහසු නෑ. අධික තිත්ත බව නිසාම මෙය ශරීරයේ රුධිරය පිරිසුදු කරන්නත් අගනා ඔෟෂධීය පානයක් බවට තහවුරු වී තිබෙනවා. නිතර උෂ්ණ බිබිළි එන අය, කුෂ්ඨ රෝගීන් මේ කසාය සති දෙකක් පමණ අඛණ්ඩව බොන්න ඉක්මන් සුවයක් අත් වේවි. කාන්තාවන්ට ආර්ථවයේදී ඇති වන වේදනා නැති කරන්නත් මේ කැහිපිත්තන් කොළ සහ මුල් කසාය ඉතා වැදගත්. උණු වතුරට හෝ ගින්දරට අතක් පිච්චුණොත් මොකද වෙන්නේ? තද දැවිල්ලක් හට ගන්නවා. දිය බුබුළු එනවා. දැවිල්ල නැති කරන්නත් දිය බුබුළු ඒම වළක්වන්නත් පුළුවන් කැහිපිත්තන් කොළ එළකිරෙන් අඹරා ඒ පිච්චුන ස්ථානයේ ආලේප කිරීමෙන්. විවිධ සත්ත්ව විසවලටත් මෙය ඉතාම අගනා විස නාශක ඔෟෂධයක්. මී මැසි විස, දෙබරා, බඹරා ආදී දෂ්ටනයකදී කැහිපිත්තන් කොළ, කුප්පමේනියා, බැබිල කොළ දෙහි ඇඹුලින් අඹරා දෂ්ටනය වූ තැන ආලේප කරන්න. එමඟින් විස මර්දනය වීමක් වෙනවා. ඒ වගේම සෙම්රෝග, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම රෝග සුව කරන්නත් කැහිපිත්තන්වලට පුළුවන්. පත්‍ර කොටා ඒ යුෂවලින් සාදාගත් ජෙලි ආහාරයට ගන්න. එය ඉතාම ගුණදායකයි. අද ඇතැම් අය තුළ මිථ්‍යා මතයක් පවතිනවා මේ ඔෟෂධය අධික ශීත බවින් යුක්ත නිසා සෙම වැඩි වෙනවා කියා. නමුත් එහි කිසිම සත්‍යතාවක් නෑ. එය මිථ්‍යාවක් පමණයි. කැහිපිත්තන් ජෙලි දරුවන්ට, කිරිදෙන මවුවරුන්ටත් ඉතාම ගුණදායකයි. මවුවරුන්ගේ කිරි වර්ධනයට මෙය ඉතාම වටිනවා. ඒ නිසා කිරි දෙන මවුවරු කැහිපිත්තන් ජෙලි සතියට අවමය දෙවතාවක් හෝ ආහාරයට ගැනීම වැදගත්. ඒ වගේම වඳ බවින් පසුවන කාන්තා පුරුෂ දෙපිරිසටම වන්ද්‍යභාවය නැති කරන්නත් මේ ආහාරය ඉතා අගනා ඔෟෂධයක්. ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඔෟෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ. නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඔෟෂධීය වටිනාකම දන්නේ නෑ. 
