අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

ඒඩ්ස්‌වලට හෙළ ඔසුවක්‌

සොයාගත් අපේ වෛද්‍යතුමිය

ඒඩ්ස්‌ (AIDS) යන කෙටි යෙදුමෙන් අර්ථවත් වන්නේ "පරිචිත ප්‍රතිශක්‌ති ඌනතා සහලක්‍ෂණය" (Aqnirev immunity Deficiency Syndrome) යන්නයි. මේ දක්‌වා මෙම වෛරසය ශරීරගත වූ සෑම පුද්ගලයකුටම මරු හා යැමට සිදුවූයේ, මේ දක්‌වා මෙම වෛරසය මගින් පහත දමන ශරීරයේ පරිචිත ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය යළි නගාසිටුවීමට සමත් ඖෂධයක්‌ සොයා ගැනීමට මේ මිහිපිට කිසිවකු සමත් නොවුණ බැවිනි.

එසේ වුවත් එම අඳුරු යුගය නිමා කිරීමට සමත් වන සොයා ගැනීමක්‌ පිළිබඳව පසුගියදා වාර්තා පළ වී තිබිණි. එම වාර්තාවල සඳහන් වී තිබුණේ මාරාන්තික ඩෙංගු රෝගය සඳහා ඖෂධයක්‌ සොයාගත් අම්බලන්ගොඩ, අළුත්වල තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය විසින්ම මෙම ඖෂධය ද සොයාගෙන ඇති බවයි. තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය විසින්ම ඒඩ්ස්‌ සඳහා ද ඖෂධයක්‌ සොයාගෙන ඇති බව සැලවූ සැනින්ම අපට නම් මෙනෙහි වූයේ ඩෙංගු සඳහා ඖෂධයක්‌ සොයා ගත් අවස්‌ථාවේදී ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අපට තමන් ඒඩ්ස්‌ වැනි රෝග සඳහා ද ඖෂධයක්‌ සොයා ගැනීමේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින බවට ඇය කළ ප්‍රකාශයයි.

තරංගා වික්‍රමසූරිය වෛද්‍යතුමියම සඳහන් කරන ආකාරයට ඒඩ්ස්‌ රෝගීන් 10 දෙනකු යොදා ගනිමින් මාස 6 ක කාලයක්‌ පුරා අදාළ ඖෂධය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු කර ඇත. එම පර්යේෂණ මගින් පරිචිත ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය පිරිහී තිබූ ඒඩ්ස්‌ රෝගීන්ගේ ප්‍රතිශක්‌තිකරණ ශක්‌තිය මසක්‌ වැනි කාලයක්‌ තුළ සියයට සියයකින්ම ඉහළ යන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවත් එමෙන්ම එම පර්යේෂණ මගින් එච්.අයි.වී. පොසිටිව් තත්ත්වය මසක්‌ තුළ සියයට සියයකින්ම නෙගටිව් වන බවත්, මෙම ඖෂධය මගින් වෛරසය විනාශ කර රක්‌තානු පිරිසිදු කිරීම සිදු කරන බවත් තහවුරු වූ බවත් වෛද්‍යතුමිය පවසන්නීය.

එසේ වුවත් තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය අප හා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ තමා විසින් සොයාගත් ඖෂධය තවදුරටත් පර්යේෂණයන්ට භාජනය කරන බවයි. ඒ යටතේ දැනට ඒඩ්ස්‌ රෝගීන් 10 දෙනකු යොදාගෙන කරන ලද පර්යේෂණ තවදුරටත් එම රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ යොදාගෙන සිදු කිරීමට අපේක්‍ෂිතය. මෙම පර්යේෂණ අභිනවයෙන් සොයාගත් ඖෂධයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක්‌ ද වනවා ඇත.

කෙසේ වුවත් මෙම ඖෂධයේ විශ්වසනීය භාවය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රශ්න මතු කරන බව නම් පැහැදිලිය. ඩෙංගු රෝගය සඳහා ඖෂධය සොයාගත් අවස්‌ථාවේදී එම ඖෂධය ලබාගෙන සුව වූ රෝගීන් පිළිබඳව අප විමසා සිටි අවස්‌ථාවේදී, සුව වූ රෝගීන්ගේ නම් සහ ලිපින පමණක්‌ නොව දුරකථන අංක පවා ඇය විසින් අපට ලබාදුන්නාය. එම අවස්‌ථාවේදී එම ලිපින සහ දුරකථන අංක ඔස්‌සේ අප ද එම පුද්ගලයන්ගෙන් ඩෙංගු සඳහා සොයාගත් ඖෂධ පිළිබඳව විමසා සිටි අතර, ඔවුහු සෑම කෙනෙක්‌ම ඒ වෙනුවෙන් පෙනී සිටියහ.

එහෙත් මෙම අවස්‌ථාවේදී නම් තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය ඒඩ්ස්‌ සඳහා සොයාගත් ඖෂධය ලබාගෙන තම රෝගී තත්ත්වය සුව අතට හරවාගත් ඒඩ්ස්‌ රෝගීන් පිළිබඳව නම් අපට විමසීමේ හැකියාවක්‌ තිබුණේ නැත. ඒ ඒඩ්ස්‌ යනු බොහෝදුරට ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්‌ වන බැවින් සහ එම රෝගයට ගොදුරු වූවන් සමාජයට වසන් වී සිටීමට උත්සාහ දරන නිසාය. එබැවින් තරංගා කුමාරි වික්‍රසූරිය වෛද්‍යතුමියගේ පර්යේෂණයට භාජනය වූ ඒඩ්ස්‌ රෝගීන් පිළිබඳව අප පරීක්‍ෂා කිරීමට යැම නොකෙරෙන වැඩක්‌ බැවින් අප ඒ සඳහා වෙහෙස නොවුණෙමු.

එසේ වුවත් මෙම කාර්යයේදී ඇයට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහයෝගය හිමි වී ඇත. එම සහයෝගය සමගින් මෙම ඖෂධය ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සහතික කර ගැනීමට ඇය සමත් වුවහොත්, මෙම ඖෂධය පිළිබඳව කුමන පාර්ශ්වයක්‌ සැකසංකා මතු කළත්, ඒ සියල්ල පහව යනවා ඇත.

ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමට තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය සාර්ථක උත්සාහයක්‌ දරා තිබෙන්නේ අනුහස්‌පාමින් සිටිනා බටහිර වෛද්‍ය ක්‍රමය, ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමට අසමත්ව සිටියදීය. තරංගා කුමාරි වික්‍රමසූරිය පැහැදිලිව සඳහන් කර ඇති ආකාරයට ඇය මෙම ඖෂධය සොයාගෙන ඇත්තේ සිංහල වෛද්‍ය ක්‍රමය අනුව යමින් දේශීය ඖෂධීය ශාක යොදා ගෙනය.

ඇය ඒ සඳහා පොළඹවා ඇත්තේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඇයට ඇති දැනුම සහ ඇයගේ පියා සර්ප වෙදකමට දක්‌වන ලද පරිචය විසිනි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන්නේ ලාක්‍ෂණික ප්‍රතිකාර පමණයි. එයට වෛරස්‌ විනාශ කිරීමට බැහැ. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ද්‍රව්‍ය ගුණ විඥනය කියල එකක්‌ තිබෙනවා. ඊට අනුව කිසිදු රෝගයක්‌ සඳහා බෙහෙත් නැහැ කියල කියන්න බැරි බව පෙර අවස්‌ථාවකදී ඇය අප හා පැවසීය. ඒ අනුව යමින් සිදු කරන ලද පර්යේෂණ ඔස්‌සේම ඇය විසින් මෙම ඖෂධය ද සොයාගෙන ඇති බව පැහැදිලිය.

කෙසේ වුවත් බටහිරයන්ට බැරි කිසිවක්‌ අපට කරන්න බැහැ කියල සිතන මිනිසුන් සිටින සමාජයක ජීවත් වන ඇය විසින් දරන ලද මෙම උත්සාහය පවා අප අගය කළ යුතුව ඇත. එය කෙසේ වුවත් ඒඩ්ස්‌ සඳහා ප්‍රතිකාරයක්‌ සොයාගෙන ඇත යන්නම බටහිර ලෝකය කලඹන ප්‍රවෘත්තියක්‌ වන බව නම් පැහැදිලිය. ඒ බටහිර ලෝකයේ බොහෝ පිරිසක්‌ ප්‍රතිකාරයක්‌ නොමැති මාරාන්තික මෙම රෝගයට ගොදුරු වී පීඩා විඳිමින් සිටින බැවිනි. රොක්‌ හඩ්සන් වැනි හොලිවුඩ් නළුවන් මෙම රෝගයට ගොදුරුව මියයැම සහ ඒ නිසාම එළිසබත් ටේලර් වැනි හොලිවුඩ් නිළියන් මෙම රෝගය නිවාරණය කිරීමේ කටයුතුවල නිරතවීම ද මෙම අවාසනාවන්ත රෝගය සඳහා සියලු දෙනාගේ අවධානය යොමු වීමට හේතුවී ඇත.

මෙම රෝගය මාරාන්තික රෝගයක්‌ වුවත් මෙය බොහෝදුරට ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්‌ බැවින් සදාචාරය වෙනුවෙන් කටයුතු කරනා බොහෝ දෙනා මෙම රෝගය දුරාචාරයට එරෙහිව ස්‌වභාවධර්මයෙන් ලැබුණ දඬුවමක්‌ ලෙස සලකා කටයුතු කරන තත්ත්වයක්‌ ඇත. එසේ වුවත් මව් කුස තුළ සිටිනා නූපන් දරුවන්ට මෙන්ම රුධිර පාරවිලයනය මගින් පවා මෙම රෝගය බෝවිය හැකි බැවින් මෙම රෝගය දුරාචාරයට දුන් දඬුවමක්‌ සේ සලකා ඉවත බලාගෙන සිටිය නොහැක. එබැවින් ඒඩ්ස්‌ සඳහා ඖෂධයක්‌ සොයාගෙන ඇති බව දුරාචාරයේ යෙදෙන පුද්ගලයන්ට මෙන්ම සදාචාරයේ යෙදෙනා පුද්ගලයන්ට ද සතුටුදායක ප්‍රවෘත්තියක්‌ වනවා ඇත.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය
2013 මාර්තු  17 ඉරිදා දිවයින
free counters