අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

අර්ශස් සුව කරන ගොටු කොළ පානය

සංස්කෘත භාෂාවෙන් දිව්‍ය මහ ඖෂධී ලෙස හදුන්වන ගොටුකොළ හීන් ගොටුකොළ ලෙසද හෙල වෙදකමේදී භාවිතා කරන අතර ඉන්දියානුවන් බ්‍රහ්ම මණ්ඩුකී යන නම භාවිතා කරනු ලබයි. බහු වාර්ෂික පැළෑටියක් වන ගොටුකොළ පැතිරැණ ස්වභාවයක් ගනී. සෘජු අලවලින් හා සරල පත්‍ර වලින් සමන්විත වන අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය සහ උප නිවර්තන කලාපීය රටවල වැවෙන ශාකයකි. අතීත ශ්‍රී ලංකාවේ වියලි කලාප වල වල් පැළෑටියක් තරමටම දක්නට ලැබුණු අතර වර්තමානයේදී වද වීමේ තර්ජනයට ලක්ව තිබේ.ආහාරයක් වශයෙන් හා ඖෂධයක් වශයෙන් භාවිත කළ හැකි ගොටුකොළ ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙයි. ඉහළ පෝෂ්‍ය පදාර්ථයකින් යුත් ගොටුකොළ ප්‍රෝටීන්, විටමින්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා කැරටින්ද ඉතා ඉහළ මට්ටමක පවතී. නූතන විද්‍යාව මගින් පර්යේෂණ රාශියකට භාජන කර ඇති ගොටුකොළ වල පිළිකා නාශක ගුණයද ඇති බව සොයාගෙන ඇත. කුඩා දරැවන්ගේ බොහොමයක් රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසද බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතී.

පීනසට ගොටුකොළ දඩු, සුදු ලූණු, වලගසාල්, ඉගුරැ පියළි මේවා කළං 3 බැගින් ගෙන පත අට එකට සිද සීනි, මී පැණි දමා උදේ හවස පානය කරන්න.උදෑසන කිවිසුම් යෑම සහිත පීනසට
ගොටුකොළ දඩු, අරළු, වලගසාල්, සිවිය මේවා කළං 3 බැගින් ගෙන පත අට එකට සිද උදේ හවස පානය කරන්න.ලේ පීනසට (නාසයෙන් ලේ යෑමට) ගොටුකොළ කළං 6ක්ද, තිප්පිලි, වලගසාල්, ඉගුරැ පියළි කලං 2 බැගින් ගෙන පත අට එකට සිද සීනි, මී පැණි දමා උදේ හවස පානය කරන්න.
  • ධාරණ ශක්තිය වර්ධනයට ගොටුකොළ රාත්තලක් (500g) ගෙන එයට එළකිරි බෝතල් 2ක් දමා හොදින් තම්බා පවනේ වියළා තේ කුඩු මෙන් කුඩු කර ගිතෙල් සමග මිශ්‍ර කර උදේ, සවස කළං 1 බැගින් අනුභව කරන්න.
  • ළදරැවන්ගේ ඇති වන පණු රෝග වලට ගොටුකොළ නැටි, වලගසාල් සමග තම්බා පානයට දීමෙන් පණු රෝග නැතිවේ.
  • අම්ල පිතට ගොටුකොළ පානය අම්ල පිතෙන් පෙළෙන රෝගීන්ට තේ පානය ඉතාමත් අහිතකර වන අතර ඒ සදහා ගොටුකොළ පානය ඉතාමත් හිතරය. සෝදා පවනේ වියළා ගත් ගොටුකොළ තේ කුඩු මෙන් කුඩු කර තේ මෙන් පානය කරන්න.
  • අර්ශස් රෝගීන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ගොටුකොළ, රතුලූණු, කොහිල අල, මේවා කොටා ගත් යුෂට සහල්, මුං ඇට එකතු කර කැද පිස උදෑසන හිස් බඩ පානය කරන්න.
  • ළමයින්ගේ ලේ අතීසාරයට ගොටුකොළ යුෂට දුරැ කුඩු හා සීනි දමා පෙවීම සුදුසුය.
    ශ්‍රාවයන් ගලන තුවාල වලට ගොටුකොළ දඩු සහ මුල හොදින් අඹරා තල තෙල් වලින් අඹරා බදින්න.
  • හිසරදයට ගොටුකොළ, උදුපියළිය, තල, බෙහෙත් එඩරැ ඇට, උක් හකුරැ, කොට්ට පොල් සම සමව ගෙන පොට්ටනි බැද වන්ඩුවේ තම්බා නළල, හිස ආශ්‍රිත ප්‍රදේශ තවන්න.දරැවන්ගේ ආහාර රැචිය වඩන කොටුකොළ පැණියගොටුකොළ යුෂට සීනි දමා කැකෑරීමෙන් පැණියක් සේ සකස් කර ගෙන දිනපතා තේ හැදි 01 බැගින් දවසට 3 වරක් බොන්න.
  • ගොටුකොළ කැද කැකුළු හාල් මිටක් කොටාගත් ගොටුකොළ යුෂ, රතු ලූණු කොටා ගත් යුෂ, කරපිංචා, කුරැදු පොතු, සුදු ලූණු මේවා ස්වල්පය බැගින් ගෙන කැද පිස පානය කරන්න. ශරීර ශක්තිය වඩවන ප්‍රත්‍යක්ෂ කැදකි.
වෙනත් ඖෂධීය ගුණ
  1. ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවතී.
  2. පීනස් රෝගයට හිතකරයි.
  3. රැධිරය පිරිසිදු කරයි.
  4. ආහාර රැචිය ඇති කරයි.
  5. ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොදින් සිදු කරයි.
  6. සමේ රෝග සුවපත් කිරීමේ හැකියාව ඇත.
  7. කුඩා දරැවන්ගේ පණු රෝග සුව කරයි.
  8. ධාරණ ශක්තිය වර්ධනය කරයි.
  9. මල බද්ධය නැති කරයි.
  10. සර්ප විෂ නැසීමේ ගුණය ඇත.
  11. අර්ශස් රෝගින්ට හිතකරයි.
  12. උමතු රෝගීන්ගේ රෝගය පාලනය කරයි.
  13. මුත්‍ර රෝග සදහා ගුණය.
  14. පුරැෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි.
  15. ස්නායු දුබලතා මගහරවයි.
  16. ශරීරයේ ඇති වන ඉදිමුම් පාලනය කරයි.
  17. හිසකෙස් පෝෂණය කරයි.
  18. ඇස් පෙනීම වර්ධනය කරයි.
  19. සෙම් රෝග සමනය කරයි.
  20. තරැණ බව රැකදෙයි.
free counters