අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

කැඩුන අස්ථියක් ඉස්පිරිතාලෙක මාස ගාණකින්වත් සුවකරන්න බැරි දෙයක් ඒත් මේ විශ්මිත පුද්ගලයා විනාඩි 45 න් සුවකරන හැටි

 


මරදන්කඩවල වෑල්ඩින් වෙද මහත්තයා කැඩුන අස්ථියක් විනාඩි 45 න් සුවකරන හැටි

වෙද මහත්තයා විශේෂයෙන්ම මොනවටද බෙහෙත් කරන්නේ?
අපේ පරම්පරාවේ විශේෂම වෙදකම් තියෙන්නේ, කැඩුම් බිඳුම් සම්බන්ධව, ඒ අතර අර්ශස් ‍වගේ ලෙඩවලටත් අපි බෙහෙත් කරනවා.

මේ පරම්පරා‍ව කොච්චර විතර පරණද?
ඒක කියන්න දන්නේ නෑ. සමහර විට අවුරුදු සිය දහස් ගාණක් විතර වෙනවා ඇති.

මේ පරම්පරාව හඳුන්වන නමක් තියෙනවාද?
ඔව්… කෝට්ටගල වෙද පරම්පරාව.

මොනවද මේ වෙද පරම්පරාවට අයිති විශේෂ දේවල්?
හුගක් විශේෂ දේවල් තියෙන්නේ ඇත්තටම කැඩුම් බිඳුම් සම්බන්ධව. ඒවා අපි පරම්පරාවෙන් අරගෙන එන රහස් ක්‍‍්‍රම. අපිට පුළුවන් කෙනෙක්ගේ දිග අස්ථියක් කැඩුණහම විනාඩි හතළිස් පහක් ඇතුළත අලවන්න. කොඳු ඇටයක් පැනපු එකක් එක රැුුයකින් හදන්න අපිට පුළුවන්.

විනාඩි හතළිස් පහකින්? කොහොමද අස්ථියක් හදන්නේ?
අපිට ඒ අස්ථිය අලවන්න පුළුවන්කමක් තියෙනවා.

ඒක කොහොමද කරන්නේ?
ලෙඩාගෙ කැඩුම බිඳුම තියෙන තැනට පිටින් බේත් බැඳලා තමයි ඒ වැෙඬ් කරන්නේ. සාමාන්‍යයෙන් වෙද මහත්තුරු කරන විදියටම තමයි.

එහෙම බෙහෙත් බැන්දම මොකද වෙන්නේ?
අස්ථි උණු වෙලා එතැනින් එකතු වෙනවා.

ආයෙත් එතැනින් කැඩෙන්නේ නැද්ද?
නෑ… අපි අස්ථිය විනාඩි හතළිස් පහකින් හදලා ඒකෙන් වැඩ කරන්නත් දෙනවා. ඊට පස්සේ ඒ අතේ වෙන තැනකින් කැඩුණත් එතැනින් කැඩෙන්නේ නෑ, ඒ ගැන අපිට සහතික වෙන්න පුළුවන්.

මොනවද මේ බේත් හේත්?
අපි ඒ බේත් වර්ග ගැන කියන්නේ නෑ. එවා පරම්පරාවෙන් එන වට්ටෝරු. හොයන්නෙත් අපිමයි, හදන්නෙත් අපිමයි. හැබැයි ඊට අමතරව අපි ලෙඩාගේ අදාළ තැන වෙළන්න පිඹුරු හමක් පාවිච්චි කරනවා. ඒකත් අපේ පරම්පරාවේ අය පාවිච්චි කරපු එකක්. ඒ වගේම සතෙක්ගෙ ඇට සැකිල්ලක කොටසක්, බෙහෙත් පතුරු, බෙහෙත් කූරු එහෙමත් තියෙනවා.

බෙහෙත්ම විතරද පාවිච්චි වෙන්නේ?
ම්… බෙහෙත්ම විතරක්ම නෙවෙයි. අපේ පරම්පරාවේ සමහර ගුරුකම් මන්තර වගේම කෙම්ක්‍‍්‍රම ‍එහෙමත් තියෙනවා.

මේ වෙදකම්වලදී ඒවත් පාවිච්චි කරනවද?
ඔව්… සමහරවිට පාවිච්චි වෙනවා.

බෙහෙත් පැළෑටි හොයන්නේ කොහෙමද?
අපි සමහර ඒවා අපේ වත්තෙම හදාගෙන තියෙනවා. මේවා පාරම්පරික වෙද ගෙවල් නිසා සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඒත් සමහර ඒවා හොයාගෙන අපි මරගල කන්දට යනවා.

එතකොට කවුද යන්නේ?
අපේ රහස් වට්ටෝරුවලට අවශ්‍ය දේවල් හොයන්න අපිම තමයි යන්නේ. වෙන අයට ඒවා කියන්නේ නැහැ. පරම්පරාව රැකගෙන ආපු නීති රීතිවලට අනුව තමයි අපි වැඩ කරන්නේ.

මොනවද ඒ නීති?
අපි මුල් තැනක් දෙන්නේ මුදල්වලට නෙවෙයි. ඒ වගේම පරම්පරාවේ ශාස්ත‍‍්‍ර පිටට දෙන්න බෑ මොනම හේතුවක් නිසාවත්.

උකුල් ඇට‍ සම්බන්ධව කරන බේත් හේත් මොනවද?
උකුල් ඇටේ පැන්නම වැලි කොට්ටෙ එල්ලගෙන මාස ගාණක් ඉන්න වෙනවා ඉස්පිරිතාලවල. උකුල් අටේ පැනලා තිබුණොත් එක ?කින් ඒ උකුල් ඇටේ දාලා ආයෙ යන්න පුළුවන් විදියට එක ?කින් අපි හදලා දෙනවා. නැත්නම් මේකෙන්ම ඒ ලෙඩා මැරෙන්නත් පුළුවන්.

එතකොට මේ අයට බෙහෙත් ‍කරන්නෙ නැද්ද?
අපිට එහෙම මූලිකව සනීප කළාට තවත් බේත් හේත් කරන්න වෙනවා. සමහර විට ලෙඕඩු අපි ළගම ඉන්න  ඕන. ඒත් දැනට එහෙම පහසුකම් නෑ.

එතකොට?
ඔව්. දැනට ලෙඕඩු ඇවිල්ලා කොතැනක හරි නතර වෙලා බෙහෙත් කරනවා‍. රජයෙන්වත් අපිට ඒ ලෙඕඩුන්ව නතර කරගන්න තැනක් හදලා දෙනවා නම් ඒක විශාල සේවයක් වෙයි.

දැනට පරම්පරාවෙ කීදෙනෙක් මේ වෙදකම් කරගෙන යනවද?
අපි දෙන්නයි….

එම්. මුදලිහාමි… නැත්නම් එම්. ස්වර්ණා කුමාරි දිසානායක
අපේ කෝට්ටගල පරම්පරාවෙ නම පාවිච්චි කරලා වැඩ කරන අය නං ඉන්නවා. සමහරු එයාලට අහුවෙනවා.

ඔයාලව මුණ ගැහෙන්න පුළුවන් තැන් මොනවද?
දඹගොල්ල, කෝට්ටගලල
ගලපොල්ලන්ද කියන තැන අපේ වෙද ගෙදර තියෙනවා.
සියඹලාණ්ඩුව අම්පාර හන්දියේ බෙහෙත් සාප්පුවක් තියෙනවා. එතැන ඉන්නවා සඳුදා ඉඳලා බ‍‍්‍රහස්පතින්දා වෙනකම්. මොනරාගල මහජන බැංකුව ගාව තියෙනවා වෙද ගෙදර. එතැන ඉන්නවා සිකුරාදාට.

අපි මේ විදියට වෙද ගෙදරදී කතා බස් කරලා ගෙදරින් පිටවෙන්න කලින් එයාලගෙ දුරකතන අංකයක් ඉල්ලා ගත්තා. එහෙම කළේ පාඨක ඔබේ පහසුවට, එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබට සිදුවෙනවා, අපේ කාර්යාලයට කතා කරලා මේ ගැන තොරතුරු අහන්න. මෙන්න දුරකතන අංක දෙකක්.

072-4691720
055-4906461

මේ හරහා ඔබේ ලෙඩ දුක්වලට බෙහෙත් හේත් කරගන්න බැරිවෙයි. මොකද මේ අය ලෙඩාව පරීක්ෂා නොකර කිසිසේත්ම බෙහෙත් හේත් කටයුතු නොකරන නිසා. නමුත් අපේ මිනිස්සු අතින් ගිලිහී යමින් තියෙන අපේ ශාස්ත‍‍්‍රවලින් රට පුරා විසිරිලා පැති‍රිලා ඉන්න ඔබට මොකක් හරි ප‍‍්‍රයෝජනයක් තියෙනවා නම් ඒකයි අපේ බලාපොරොත්තුව…
.කැඩුණු දිග අස්ථියක් අපි විනාඩි හතළිස් පහකින් අලවනවා….
ඔවුන් අපිට එහෙම සහතික වශයෙන්ම කිව්වා.
.පුංචි පුංචි තැන්වල අස්ථි කැඩුණාම දිග අස්ථියක් අලවන එක තරම් ලේසි නෑ. ඒත් ඒකටත් අපි බෙහෙත් කරනවා….
මේ ඉරහඳ යට බැලූ බැල්මට පිළිගන්න අපහසු ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා හිතාගන්නවත් බෑ… කියන කාරණාව නිසා, අවිශ්වාස කරන්න එපා…
.පැනපු උකුල් ඇටයක් අපි රැුයක් එළිවෙනකොට හදනවා. ඒක ඇත්තටම ඉස්පිරිතාලෙක මාස ගාණකින්වත් කරන්න බැරි දෙයක්…

ඔවුන් අපිට එහෙමත් කිව්වා…

ඒ වගේම…
ඉතාම වැදගත් කතාවක් මේ අය අපිට කිව්වා…

අපි මුදලට මුල්තැන දෙන්නෙ නෑ. බුලත් අතක තියලා දෙන ගාණක් තමයි…. කියලා. ඒක අපි ඉතාම සතුටු වෙන කොටසක්. මිනිස්සු පෝසත් වෙනවට වඩා මනුස්සකම්වලින් පෝසත් වෙන එකයි වටින්නේ. ඒත් අවාසනාවකට අපේ රටේ දකින්න නොලැබෙන්නෙත් ඒක.

ඒ නිසා කෝට්ටගල වෙද පරම්පරාවේ වෙදකනුයි, හෙදකමයි විතරක් නෙවෙයි මනුස්සකමත් එකතු වුණාම මුළු රටම සුවපත් වෙයි. ඇත්තටම අපි මේ විදියට මේ දේවල් හොයා යන්නේ ඒ වෙනුවෙන්. කැඩුම් බිඳුම් නිසා මිනිස්සු විඳින වද වේදනා ගැන අපි දන්නවා. ඒ නිසා අපි කෝට්ටගල වෙද පරම්පරාවෙනුත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ අහිංසක මිනිසුන්ව සුවපත් කරන්න කියලා.

කතාව – ජීවන පහන් තිළිණ
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

free counters