අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

පිළිකාව නිට්ටාවටම සුවකරන කුස්වල වෙද හාමුදුරුවෝ.

හෙළ වෙදකම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. ප්‍රත්‍යක්ෂ වුත් රෝග නිට්ටාවටම සුවකළ හැකි වුත් අත්දුටු විශ්මයජනක ප්‍රතිකාර ක්‍රම හෙළ වෙදකම සතු වේ. හෙළ වෙදකම ආශ්චර්යමත්ය. නිදුකින් ජීවත්වෙන්නටත් දීඝායුෂ ලබන්නටත් හේතුවන්නකි. එසේ වන්නට නම් එය හරියට ඉෂ්ඨ සිද්ධ විය යුතුය. වෙදකම වෙළඳාමක් හෝ බාල ලෙස වුණොත් ඒ පිළිබඳ වන විශ්වාසය බිඳ වැටේ. විශ්වාසය රැකගෙන වෙදකම් කරන පිරිසද අතලොස්සකි. හෙළ වෙදකම අද වෙළදාමක් වී ඇත. බොහෝ දෙනා වෙදකමෙහි අල්ප මාත්‍රයක් දැන ප්‍රතිකාර සිදුකරන්න යාමේදී වෙදකම වරදින අවස්ථා වැඩිවේ. අද බොහෝ තැන්වල මේ තත්වය දැකිය හැකිය. ලෙඩකට ප‍්‍රතිකාර සොයන රෝගියෙකුට බොරුවක් කර බලාපොරොත්තු වන මුදල් වලින් වටිනාකමක් නැත. පළමුව ලෙඩාගේ නිරෝගීභාවය ගැන සිතිය යුතුය. දෙවැන්න වෙදදුරු විශ්වාසවන්තයෙක් විය යුතුය. නමට පෝලිමේ යනවාට වඩා සැබෑ වෙදකම සොයා යාමට කවුරු කවුරුත් උනන්දු විය යුතුය. වෙදකමේ අක්මුල් සොයා යන චාරිකාවක සුවිශේෂී තැනෙක අපි නතර වෙමු. ඒ රටක් ලොවක් හඳුනන කුස්වල වෙදහාමුදුරුවෝය. ඇතැම් විට මීට පෙර ඔබ කුස්වල හාමුදුරුවන් ගැන අසා ඇත. නමුත් දන්නා තොරතුරුවලට වඩා නොදන්නා තොරතුරු බොහෝය. කුස්වල වෙද හාමුදුරුවන්ගේ අපූරු වෙදහාස්කම් අද පටන් කියවමු. කවුද මේ කුස්වල වෙද හාමුදුරුවෝ. උන්වහන්සේගේ පැවිදි ජීවිතය දශක පහක් එහාට දිවේ. දඹුල්ල ඇලගමුව දෙහිප්පා රජමහා විහාරයේදී කුස්වල හාමුදුරුවෝ පැවිද්ද ලබා ඇත. මහඇලගමුවේ ලංකානන්ද නමින් පැවිද්ද ලැබූ උන්වහන්සේ දෙහිප්පාවේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙකි.
මහඇලගමුවේ ධම්ම සිද්ධි උතුරු මධ්‍යම දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් සහ ආඬියාගල ධම්මරක්ඛිත නුවර කලාගම් දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් කුස්වල හාමුදුරුවන්ගේ පැවිදි ආචාර්යවරු වෙති. ඒ දෙනමම උන්වහන්සේගේ ගිහි ඥාතිහු වෙති. ධම්මසිද්ධි නාහිමියන් සහ ධම්මරක්ඛිත නාහිමියන් දෙපළම පරම්පරා වෙදකමට දක්ෂයෝය. උන්වහන්සේලාට පෙර භික්ෂු පරම්පරාවද වෙදකමෙහි හසල දැනුමැත්තෝ වූහ. ඇලගමුව වෙදකම නූතනය දක්වා ගලා එන්නේ මෙපරිදිය. ඇලගමුවේ පාරම්පරික වෙද ඉතිහාසය සොයා බැලූවොත් අවුරුදු හත් අටසීයකට එහා රජ කාලය දක්වා ඉතිහාසයක් පවතී. කුස්වල වෙද හාමුදුරුවන්ගේ මවුපියන්ද පාරම්පරික වෙදුන්ය. උන්වහන්සේගේ මව ඇස් වෙදකමට දස්කම් පෑ බව අපට ආරංචි විය. හාමුදුරුවන්ගේ පියා ගමේ වෙදමහතා විය. ඔහු ගමේ උදවියට වෙදකම් කළ අතර ඒ සඳහා මුදල් අපේක්ෂා කර නැත. එබැවින් ගම්මු එකතු වී වෙදමහතාගේ කුඹුර අස්වද්දා දුන් බව වෙද හාමුදුරුවෝ අතීතය සිහි නංවති. එදා සුවහසක් වන්නියේ ජනයාට සුවය සැදු ඇලගමුවේ වෙදකම අද රට ලොවකට සුවය සැදීමට මාවත හදා තිබේ. ඒ සඳහා කුස්වල වෙද හාමුදුරුවෝ පසුබිම නිර්මාණය කොට තිබේ. සර්ප විෂ, ඇස් රෝග, පිළිකා, කැඩුම් බිඳුම්, ආමාශ ගත රෝග, මානසික රෝග, අර්ශස්, කුෂ්ඨ රෝග, හිසේ රෝග, ක්ෂය රෝග, පෙනහළු, වකුගඩු රෝග, ආබාධිත අය, හදවත් සැත්කම් අසාර්ථක වූවන්, නිදන්ගත රෝගීන් ආදී සර්වාංග රෝග රැුසකට කුස්වල හාමුදුරුවෝ දක්ෂය. විශේෂයෙන් රෝහල්වලින් හා වෛද්‍යවරුන් සුව නොකළ හැකි යැයි අතහැර දැමූවන් බොහෝදෙනෙක් අද යළි ජීවිතය ලබා සිටිති. සතුටින් රැුකියාවන්හි යෙදෙති.‘‘අද ගොඩක් මිනිස්සු පරම්පරා වෙදකම ගැන විශ්වාසයක් නැතුව නෙමෙයි. නමුත් කාලය ඉතිරිකර ගන්නත්, පහසුවත්, හොයාගෙන බටහිර බේත් පෙත්තක් ගිලදාල නිකන් ඉන්නවා.
පැරණි දේශීය වෛද්‍යවරයා ළඟට එනවා අඩුයි. බටහිර ප‍්‍රතිකාර පිළිබඳව මගේ අදහස නම් තවත් අතුරු ආබාධ රැුසකට මග පෑදීමක්. මම උදාහරණයක් කියන්නම්. ක්ෂය රෝගයට දේශීය ප‍්‍රතිකාර තියෙනවා. නමුත් වැඩිදෙනා දුවන්නෙ බටහිර බේත් කරන්න. ක්ෂය රෝගයට ඉංග‍්‍රීසි බේත් බිව්ව ගමන් බොහෝවිට බඬේ තුවාල ඇතිවෙනවා. නැත්නම් වෙනත් ආබාධයක් ඇතිවෙනවා. බටහිර ප‍්‍රතිකාර ක‍්‍රමයේ තත්ත්වය ඕකයි. දැන් බලන්න, අපේ සිංහල වෙදකමේ ඉතිහාසය කල්පනා කරලා. ඉංග‍්‍රීසි වෛද්‍ය ක‍්‍රමය එන්න කලින් අප කළේ අපේ පරම්පරා වෙදකම. අනුරාධපුර, පොලොන්නරු යුගවල පැරණි ආරෝග්‍ය ශාලා නටබුන් හමුවෙනවා. බේත් ඔරු, බේත් කොටපු වංගෙඩි, ඔය හැම තැනම තියනවා. මේ දේ කියන්නෙ අපේ පරම්පරා වෙදකම ගැනයි. ඉතිහාසයේ දරුණු යුද ගැටුම් තිබුණා. එළාර දුටුගැමුණු යුද්ධය වගේ සටන් වාර්තා වෙනවා. ඒවයින් තුවාල ලැබූ අයට ශල්‍යකර්ම කළේ බෙහෙත් කළේ පිටරට ගෙනිහින් නොවෙයි. අපේ වෙදකමින්. එදා විතරක් නෙවෙයි, අදත් අපේ පරම්පරා වෙදකම මහා බලසම්පන්නයි. තිරසාරයි. සෞඛ්‍ය සම්පන්නයි. ඇලගමුව වෙදකමින් මා මේ බව ඔප්පු කරල තියනවා. ඕනෑම දරුණු ලෙඩෙක් හොඳ කරලා ඔප්පු කරලත් පෙන්වන්නම්. එකම දේ මිනිස්සු වෙදකම ගැන තියන පසුගාමී හැඟීම. නිසි තැන වෙදකමට ලැබිලා නෑ. හැබැයි හරියට වෙදකම ලබලා හොඳ වුණ අය කියයි හරි දේ කොතනද කියලා. මේ රටේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයක් තියනවා. හොර බොරු නැතුව හරියට වෙදකම කරන වෙද පරම්පරා සහ වෙද මහත්වරුන් 50 x 60 ක් ලංකාවෙ ඉන්නවා. ඒ මුවාවෙන් අමාත්‍යංශය ගෙනියනවා.
තේ, කෝපි, ගම්මිරිස්, වගාවට රජය මිනිස්සු පොළඹවනවා. ඒත් බේත් පැළෑටියක් වවන දේකට මිනිස්සු පොළඹවන්නෙ නෑ. සහනාධාරයක් දෙන්නෙ නෑදේශීය ඔසු උයනක් කරන්න ගියොත් ඒකට පුළුවන් තරම් අකුල් හෙළනවා. ඉතින් දැන් අපට ඉන්දියාවෙන් බෙහෙත් නිෂ්පාදන ගෙන්නන්න වෙලා තියනවා. මේකෙන් කියන්නෙ ලංකාවෙ තෙල්, බේත් හදන්නෙ නෑ කියන එක නොවෙයි. නියම විදිහට ඖෂධ වට්ටෝරු අනුව සකස් කරපු බේත් ඉන්දියාවෙන් ගේන්න වෙලා. ඉතින් වියදම වැඩියි. ඖෂධ පැළෑටි වගාවට දැන් රජය අනුග‍්‍රහය දෙන්න කාලෙ ඇවිත්. කුස්වල වෙද හිමියන්ගෙන් ප‍්‍රතිකාර ගන්නට සිය ගණනක් පිරිස සීදුව, රද්දොළුගම, කුස්වල පන්සලේ ධර්මශාලාවේ පෝලිමේ සිටිති. ඒ සියලූදෙනාට පරම්පරා වෙදකම ගැනත්, ඇලගමුවේ වෙදකම ගැනත් විශ්වාසය ඇති බව පෙනේ. දැන් කොහොමද පිළිකාවෙ තත්ත්වෙ හොඳයි. අත පොඞ්ඩක් උස්සන්න අමාරුයි ආ. ඒක පොඩි දෙයක්. මම බේත් ටික ලියනවා. ඒකෙන් තවා ගන්නවා හොඳයි. දරුණු පිළිකාවකින් පෙළුණු අවුරුදු 55 ක පමණ වයසේ කාන්තාවකට උන්වහන්සේ උපදෙස් දෙයි. ඇගේ පිළිකාව වෙදකම් වලින් සුවය ලබා ඇති බව අපට හැෙඟ්. ඇවිද යන්නට බැරි රෝගීන්, දරුණු පිළිකා රෝගීන්, මානසික ආබාධ රෝගීන්, ආදී විවිධාකාරයේ රෝගීන්ට උන්වහන්සේ ලියන්නේ එක්කෝ තෙල් වර්ගයකි. නැත්නම් ගුලි වර්ගයකි. කල්කයකි, කසායකි. ඕනෑම දරුණු ලෙඩක් කොහෙන් ගියාදෝ නැති තරමට හොඳ අතට හැරෙයි. රජ පරම්පරාවේ ඇලගමුවේ වෙද රහස්වල විශ්මය කුස්වල වෙද හාමුදුරුවන්ගෙන් ඔබට උගත හැකිය. දරුණුයි කියන හැම රෝගයම සීයට සීයක් සනීප කරන්න පුළුවන් කමක් නෑ. එහෙම කියනවා නම් ඒක විහිළුවක්. බටහිර වෙදකමේ පාලනය කරගෙන දිගටම බේත් විඳිමින්, නොයෙක් දුක් දෙමින් පාලනය කරවන රෝග අපි හරිම සරලව ඊට වඩා හොඳට පාලනය කරවනවා. දරුණුම පිළිකා රෝග තියන අය පිළිකාවක් නැතිවා වාගේ පාලනය කරනවා. බටහිර වෙදකමේ පාලනයක් කළ යුතුයි කියන සමහර රෝග මම සීයට 100 ක් හොඳ කරනවා. බටහිර වෛද්‍යවරු කළ නොහැකියි අතහැර දාපු රෝගීන් ඕනෑ තරම් මා නිරෝගීව ජීවත් කරවල තියනවා. බටහිර වෙදකමේ තියන එම්.ආර්.අයි.සීටී ස්කෑන්, ලේ, මුත‍්‍රා පරීක්ෂණ මාත් බලනවා. මුලදී ඒවයේ ප‍්‍රතිඵල හා වෙදකමින් පසුව ප‍්‍රතිඵල රෝගියාටම බලාගන්න පුළුවන්. සැකේට වෙදකම කරල දෙන්නම ඕනැ නෑනෙ යැයි කුස්වල නායක හාමුදුරුවෝ පවසති. උන්වහන්සේ හමුවිය හැකි තැන්. රද්දොළුගම මුතුවාඩිය කුස්වල පන්සල හා පේරාදෙණිය පරණ පාර, මුල්ගම්පල කුස්වල බෙහෙත් ශාලාව ලිපිනයෙන් විමසීම් කළ හැකිය. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.

බුලත් අත තියපු ගමන් ලෙඩ සේරම කියන වෙදකම

කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමක රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගාණේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්න එම කතා මාලාවේ නව වැනි කොටසය.වාහල්කඩ ඉසිවර අරණේදී විවිධාකාර තරාතිරම්වල පුද්ගලයන් අපට හමු වන බව සැබෑය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු, නීතිඥවරු, ඉංජිනේරුවන්, ගුරුවරු, වෛද්‍යවරු, ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇතුළු එකී, නොකී විවිධ පුද්ගලයන් එම පින්බිමේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන් අතර සිටින හේමපාල චන්ද්‍රසේන ද සිල්වා මහතා විශ්‍රාමික පොලිස්‌ අධිකාරිවරයෙකි. ඔහු පදිංචි වී සිටින්නේ මොරටුව ලුනාව ප්‍රදේශයේය.හේමපාල මහතා ද කාලයක්‌ පිළිකාවකින් පීඩා විඳ පසුව වාහල්කඩ පින්බිමේ දින විසි එකක්‌ කූඩාරම්ගතව සිට ප්‍රතිකාර ගෙන සුවපත් වී සිටින්නේය. දැන් ඔහු විවේකයක්‌ ලැබෙන බොහෝ දිනවල වාහල්කඩ මංගලාරාමයට පැමිණ විහාරාධිපති වහන්සේගේ මෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ විමසා බැලීම පුරුද්දක්‌ කරගෙන සිටින්නේය. මේ මොහොතේ ද හේමපාල මහතා පැමිණ තිබෙන්නේ එකී සත්පුරුෂ යුතුකම ඉටු කිරීම සඳහාය. විහාර භූමියේදී එකිනෙකට හමු වී දැන හඳුනගත් හේමපාල මහතා ලෙන්ගතුව අපව පිළිගෙන පීඩා විඳි රෝගී තත්ත්වය ගැන මෙන්ම වහල්කඩ පින්බිමේ හාස්‌කම් ගැන ද හරවත් ලෙස කරුණු පැහැදිලිs කළේය. මේ විශ්‍රාමික පොලිස්‌ අධිකාරිවරයා අපට කියූ කතාවය.“මම අවුරුදු හතළිහක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සේවය කළේ. දැන් මම විශ්‍රාමිකයි. මට වයස අවුරුදු 73 ක්‌ වෙනවා. අවුරුදු පහළොවක විතර කාලයක ඉඳලා දියවැඩියාවට බෙහෙත් බොනවා. අවුරුදු එකහමාරක විතර උඩදි හිටි හැටියේ මගේ ඇඟේ බර අඩු වෙන්න පටන් ගත්තා. වෛද්‍යවරු කිහිපදෙනෙක්‌ ළඟටම ගියා. ඒ වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ දියවැඩියාවට බෙහෙත් බොන නිසා බර අඩු වෙනවා ඇති කියලා. දවසින් දවස බර අඩු වෙනකොට පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ පොලිස්‌ රෝහලට ඇතුළත් වුණා. එතැනදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා වැඩිදුර පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු යටතේ සීටී ස්‌කෑන් එකක්‌ කළා. එම පරීක්‍ෂණයෙන් නිගමනය වුණේ මගේ අක්‌මාවේ ‘හෙපටෝ සෙලියුලර් කාසිනෝමා’ කියන පිළිකා තත්ත්වය සහ එයින් ඇති වෙච්ච සිරෝසීස්‌ රෝගී තත්ත්වයක්‌ තියෙනවා කියලා. කඩිනමින් ශල්‍යකර්මයක්‌ කරන්න වෙනවා කියලා ඒ වෛද්‍යවරු අපිට කිව්වා. පස්‌සේ මගේ ඥාති දරුවකුගේ උදව් ඇතිව මහරගම පිළිකා රෝහලට ගියා. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්‌ඩලයක්‌ මගින් මාව පරීක්‍ෂා කරලා බැලුවා. ඒ වෛද්‍යවරු මට කිව්වා පිළිකාව තියෙන තැන අනුව ශල්‍යකර්මයක්‌ කරන්න අපහසුයි. කිමෝ තෙරපි කරන්න ඕනා කියලා, ඒ සම්බන්ධයෙන් විශේෂඥම වෛද්‍යවරයා ළඟට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයා පරීක්‍ෂා කරලා මට කිව්වා ‘කිමෝ තෙරපි දෙන්න බෑ. එච්චර දුර ගමන් කරන්නේ නෑ’ කියලා. පස්‌සේ ඒ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයකුට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයත් පරීක්‍ෂා කරලා බලලා මට කිව්වා ‘ඔපරේෂන් එකක්‌ කරන්න පුළුවන්. ඒත් පනහට 50 තමයි විශ්වාසයක්‌ තියන්න පුලුවන් කියලා…’
“මගේ එක ඥාති දුවක්‌ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියක්‌. එයාගේ මහත්තයා පොලිස්‌ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌. ඒ හැම කෙනාම මට උපරිමයෙන් උදව් උපකාර කළා. පහුගිය මාර්තු 07 වැනිදාට ශල්‍යකර්මයක්‌ සිදු කරන්න දින යෙදුනා. මගේ වයසත් එක්‌ක ශල්‍යකර්මයකට යැම විශාල අවදානමක්‌. මම දෙලොවක අතරමං වුණා. නැවත මම මාර්තු 04 වැනිදා පොලිස්‌ රෝහලට ඇතුළත් වෙලා අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කළා. ඔය අතරේ මම ‘දිවයින’ පත්තරේ පළ කරන ‘ලෙඩ සුව කරන වහල්කඩ ඉසිවර අරණ’ කියන ලිපි පෙළ කියවලා ලිපි එකතු කරගෙනත් තිබුණා. පස්‌සෙ මට හිතුනා ‘මගේ ලෙඩේටත් බෙහෙත් තියෙන්නෙ මේ පින්බිමේ තමයි… කල් නොයා පන්සලට යන්න ඕනා කියලා…’ එහෙම හිතාගෙන මාර්තු මාසෙ 06 වැනිදා මම පන්සලට ඇවිත් ස්‌වාමීන් වහන්සේට බුලත් තියලා ලෙඩේ ගැන ඇහුවා. අපේ ස්‌වාමීන් වහන්සේ ස්‌කෑන් කරලා වගේ මගෙ ඇගේ තියෙන සම්පූර්ණ ලෙඩ ගැන කිව්වා. ඒ හැම ලෙඩක්‌ම සුවපත් කරන්න පුළුවන් පන්සලේ නතර වෙලා ප්‍රතිකාර ගන්න කියලත් කිව්වා. මම පන්සලට ගියේම නතර වෙන්න බලාගෙන අවශ්‍ය අඩුම කුඩුමත් අරගෙනයි. එදාම පන්සල් භූමියේ කූඩාරමක්‌ අටවගෙන නතර වෙලා වෙදකම් පටන් ගත්තා…”“සියලු වෙද, හෙදකම් කරන්නේ ආගමික වත් පිළිවෙත් එක්‌ක. පත්තිනි මෑණියන්ගේ දේව වරමකිනි. පත්තිනි මෑණියන් කියන්නේ බුදු බව ප්‍රාර්ථනා කරන උත්තමාවියක්‌. ඒ වගේම ප්‍රතිකාර කරන ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේ බුද්ධ පුත්‍රයෙක්‌. ඒ පින්බිමේදී කෙරෙන වෙදකම ගැන මම ලොකු විශ්වාසයක්‌ තැබුවා. සෑම දිනකම හවසට ස්‌වාමීන් වහන්සේ බෝධි පූජා පවත්වනවා. සෙනසුරාදා රාත්‍රියට දෙහි කපනවා. මම ඒ කිසිම දෙයක්‌ මගහැරියේ නෑ. දෙන බෙහෙත් ටික නියම වේලාවට මාත්‍රාවට පාවිච්චි කළා. උම්බලකඩ කෑල්ලක්‌වත් කැවෙන්නෙ නැති විදිහට පිළිවෙත් රැක්‌කා. ඒ සියලු දේ කළේ ස්‌වාමීන් වහන්සේට ගෞරවනීය විදිහට. සතියක්‌, දෙකක්‌ ප්‍රතිකාර ගන්නකොට මගේ ඇඟේ ඇතුළේ වෙනස්‌කම් වෙනවා මට දැනුනා. ඒ වගේම මගේ ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව වෙන බවත් මට දැනුනා. දවස්‌ 21 ප්‍රතිකාර අරගෙන කොළඹ ඇවිත් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගිහින් එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කරලා බැලුවා. පිළිකාව තිබුණු තැනක්‌වත් නෑ වාහල්කඩ පුණ්‍ය භූමියේ විශේෂ විශ්ව ශක්‌තියක්‌ ක්‍රියාත්මක වෙනවා. ඒ පින්බිමේදී කෙරෙන බෝධි පූජා, චෛත්‍ය වන්දනා තුළදී පුදුමාකාර මානසික සුවයක්‌ ලැබෙනවා. රෝග සුව වීමට ඒ මානසික සුවය විශාල පිටුවහලක්‌ වෙනවා. ඒ වගේම කිසිම රෝගියකුගේ රුපියලක්‌වත් අය කරන්නේ නෑ. ප්‍රතිකාර ගත්ත දවස්‌ විසි එකට මට බෙහෙත්වලට වියදම් වුණේ රුපියල් අටදාහකටත් අඩු මුදලක්‌. වෛද්‍යවරයෙක්‌ චැනල් කරලා පරීක්‍ෂණයක්‌ කරන්නත් ඒ ගාන මදි. තුන්වේලටම පන්සල ගානේ කෑම ටික දෙනවා. ශත පහක්‌වත් ගන්නේ නෑ නායක ස්‌වාමීන් වහන්සේගේ කරුණාමහිමය ගැන කතා කරන්න ගියොත් ඉවරයක්‌ නෑ. උන්වහන්සේ අප තථාගත සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිටි ජීවක වෙදැදුරාණන් වහන්සේ. නැතහොත් ආයුර්වේද වෛද්‍ය ශාස්‌ත්‍රයේ පියාණන් වූ චරකසංහිතාව සංග්‍රහගත කළ ධන්වන්තරී සෘෂිවරයාණෝය. එසේ නැතහොත් සශ්‍රත සංහිතාව කළ ආත්‍රේය මුණිවරයාණන්. උන්වහන්සේට තව සියවසක්‌ ජනතා සුවසෙත සහ ලෝවැඩ පිණිස ඒ පින්බිමේ වැඩ වාසය කිරීමට දීර්ඝායුෂ, සුවසෙත ප්‍රාර්තනා කරනවා. ඒ වගේම දහස්‌ සංඛ්‍යාත රෝගීන්ට කරුණාව දක්‌වමින් ජීවිත දානය දෙන උතුම් වූ ශ්‍රී සිද්ධ සත්පත්තිනි මෑණියන් වහන්සේ පතන ලොව්තුරා බුද්ධත්වයට නුදුරු අනාගතයේදීම පැමිණේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා…”
“මම ජීවිතේට සිගරැට්‌ බීලා නෑ. මත්පැන්වලට ගිජු වෙලා නෑ. මස්‌ මාංශ කන්නේ නෑ. ඒත් මගේ අක්‌මාවේ ඇල්කොහොල් තිබුණා. සිරෝසීස්‌ හැදෙන්න මත්පැන් බොන්නම ඕනා නෑ. කර්ම ඵලය අනුව ලෙඩ දුක්‌ හැදෙන එක නතර කරන්න බෑ. අපි පෙර ආත්මවල පින් රැස්‌ කරගෙන තිබුණොත් දේව හාස්‌කමකින් හරි ඒ ලෙඩ සුවපත් වෙනවා. මැරෙන්න වැටිලා වාහල්කඩ පින්බිමට උස්‌සගෙන එන රෝගීන්ව ධම්ම කුසල ස්‌වාමීන් වහන්සේ සුවපත් කරලා දෙපයින් ඇවිඳගෙන යනවා මම දැකලා තියෙනවා. මට කියන්න තියෙන්නෙ ඔබත් දරුණු රෝගයකින් පීඩා විඳිනවා නම් වාහල්කඩ පින්බිමට ඇවිත් ප්‍රතිකාර ලබාගන්න. ඒ වගේම වාහල්කඩ පින්බිමේ ප්‍රතිකාර ගන්න රෝගීන්ට ඇති වන සාමාන්‍ය රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමට බටහිර වෛද්‍යවරුන්ගේ සේවා පහසුකම් ලබා දෙනවා නම් එයත් උතුම් සත්ක්‍රියාවක්‌ වෙනවා…” පොලිස්‌ අධිකාරිවරයාගේ දීර්ඝ දේශනය අවසානය. ඔහුගේ කතාවෙන් සමාජයේ රෝගී ජනතාවට ගත හැකි පාඩම් බොහෝය.රටේ රෝගී ජනතාවට සුව සෙත ලබා දෙන වාහල්කඩ පින්බිම ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුය. දිනපතා මිනිසුන් දහස්‌ ගණනක්‌ රැඳෙන මේ ස්‌ථානයට ස්‌ථිර පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබාදීම රජයේ යුතුකමකි. එමෙන්ම මේ විෂම සමාජයේදී ජනතාවට සුවසෙත සලසන වාහල්කඩ ස්‌වාමීන් වහන්සේට ජීවිත අවදානමක්‌ නැතුවාම නොවේ. එය දිනෙන් දින වැඩි වීමක්‌ විනා අඩු වීමක්‌ නැත. එහෙයින් නායක ස්‌වාමීන් වහන්සේගේ ආරක්‍ෂාව තහවුරු කිරීම රජයේ වගකීමකි. යහමින් ඇති හැකි අය මෙන්ම රජය ද බොල් වැඩ සඳහා නාස්‌තිකරන මුදල් යොදවමින් මේ පින්බිමේ සිටින රෝගීන්ගේ සනීපාරක්‍ෂක කටයුතු සඳහා යම් විධිමත් පහසුකම් සැපයීමට දායකවන්නේ නම් එය ඔබ විසින් එලොවටත් මොලොවටත් කරගන්නා යහපත් ආයෝජනයකි. එමෙන්ම වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගය කැඩී බිඳී ගොස්‌ අති දුෂ්කරය. රෝගියෙක්‌ ගෙන යැම කෙසේ වෙතත් නිරෝගීමත් කෙනෙකුට ද වාහනයක හෝ ගමන් කිරීමට අසීරුය. ඒ තරමටම මග වළ, ගොඩැලි සහිතය. දහස්‌ සංඛ්‍යාත රෝගී ජනතාව යන, එන ඒ මාර්ගයට තාර එලා විධිමත් ලෙස සකස්‌ කිරීම ද රජයේ වගකීමකි. රාජ්‍ය නොවන සංවිධානයක්‌, ආයතනයක්‌ හෝ එම සත්ක්‍රියාවට පෙරමුණ ගන්නේ නම් එය ද උත්තුංග සමාජ සත්කාරයකි. අපේ යුතුකම අපි කළෙමු. ඔබේ යුතුකම වෙන තෙක්‌ අපි බලා සිටිමු.වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැදි සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැලකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරීම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති ස්‌වාමින් වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැලකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

ගැස්‌ට්‍රයිටිස්‌ සහ බඩේ දැවිල්ල ආදී ආබාධ සඳහා

ගැස්‌ට්‍රයිටිස්‌ සහ බඩේ දැවිල්ල ආදී ආබාධ සඳහා සුදුසු ශෝධන ඹසුවක් පහත දැක්වේ.

නෙල්ලි සහ රසකිඳ සම සමව 50ග්‍රෑ පමණ ගෙන වතුර තේ කෝප්ප 8 ක් දමා කෝප්ප 1 ක් ප්‍රමාණයට හිඳගන්න  (පත 8 එකකට හිඳ ගන්න) මේ සඳහා ඇලුමිණියම් භාජන භාවිතා නොකරන්න. මැටි භාජන වඩාත් සුදුසුයි. ඉන් පසු සීනි ස්වල්පයක් දමා කෝප්ප භාගය බැඟින් උදේ සවස දින දෙකක් දිනක් හැර දිනක් බොන්න.

මෙම ඹසුව භාවිත කිරීමෙන් ආමාශ ගත ඇසිඩ් ආදිය පිට කරයි. මේ නිසා ඹසුව භාවිතයේදී බඩ බුරැල් කර මළ පහ පිට විය හැක.

සැලකිය යුතුයි

1. වර්ශා දිනවල මෙම ඹසුව භාවිතා නොකරන්න.
2. සෙම්ප්‍රතිශ්ෂාව ඇති අවස්ථාවන් වලදී මෙම ඹසුව භාවිතයට නොගන්න.
3. පපුවේ සෙම සහිත නම් උදේට පමණක් මෙම ඹසුව භාවිත කරන්න. සවසට භාවිතා නොකරන්න. සෙම් අධික නම් තේ කෝප්ප බාගයකට වඩා අඩුවේන් භාවිත කරන්න.
4. ශරීරය සිසිල් කරයි.

ඔසුව භාවිතයෙන් පසු වෙලාවට ආහාර ගන්න පුරැදු වන්න.
මිරිස්, ඇසිඩ් සහිත සහ තෙල් අධික ආහාර පාලනයෙන් යුතුව ගන්න.

භාරත යොගී වරැන් විසින් පවා මෙම ඹසුව භාවිත කරන බව සඳහන් ය. ගැස්‌ට්‍රයිටිස්‌ සහ බඩේ දැවිල්ලට ඉතා ප්‍රක්ත්‍යක්ෂයි.

මීට අමතරව කැහිපිත්තන් ...
free counters