අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

කෘත්‍රිමව ඉදවූ පලතුරු අනුභවයේ සෞඛ්‍ය අනතුර

පළතුරැ පාට වෙලාද, පාට කරලාද?


ගසක මල් පිපී, ඵල හට ගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්‌වභාවධර්මයේ නීතියට අනුකූලව සිදු වන සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත් වන ආනිසංශ බොහෝය.

එහෙත් පලතුරු ආහාරයට ගැනීමට උනන්දු වන වත්මන් පාරිභෝගිකයා තමන් මිලදී ගන්නේ, සෞඛ්‍යාරක්‌ෂිත පලතුරුද, නැතිනම් බෙහෙත් ගසා ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි) පලතුරුද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටී.

පලතුරු ඉදීමේ ස්‌වභාවධර්මයාගේ කල් මැරීමේ නීතිය ඉවසා වදාරන්නට නූතන කට්‌ටපුච පරපුරේ වෙළෙන්දන්ට අපහසුය. ඉදුණු පලතුරු දුර පළාත්වල සිට ප්‍රවාහනය කිරීම අපහසු නිසා (පසු අස්‌වනු හානිය) ඇඹිලිපිටිය, වැල්ලවාය, වැනි ප්‍රදේශ වලින් තුට්‌ටු දෙකට මිලදී ගන්නා අමු පලතුරු (මෙම වෙළෙඳුන් අඹ වැනි පලතුරු, ගස්‌ පිටින් ගොවීන්ගෙන් බදු ගන්නා අතර, එසේ බදු ගන්නා ගස්‌ වල නොමේරූ ලා ගෙඩි පවා නෙළා ගනී.) දුර පළාත් වලට ප්‍රවාහනය කර, කෘත්‍රීම රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් ෙ ව ෙ ළ ඳ පොළට ඉදිරිපත් කරයි.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන්නේ මොනවාද?

මේ සඳහා "කාබයිඩ්" නමැති තහනම් රසායනික ද්‍රව්‍යය සහ, යම් යම් කොන්දේසි වලට යටත්ව භාවිත කරන්නට රජයෙන් අනුමත කර ඇති, "එතපෝන්" නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ. (එතපෝන් අවශ්‍යනම් ගැලුම් ගණනින් මිල දී ගැනීමේ පහසුකම් ඇත.)

"කාබයිඩ්"

මෙය රසායනිකව "කැල්සියම් කාබයිඩ්" (CaC2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක්‌ ලෙසටද සෑදේ. "සංශුද්ධ කාබයිඩ්" අවර්ණ වන අතර, "අසංශුද්ධ කාබයිඩ්" අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකිය. ලාක්‌ෂණික සුදුලූණු ගණ්‌ධයක්‌ සහිතය "කාබයිඩ්" වලට ජලය මුසු වීමේදී "ඇසිටලීන්" වායුව නිකුත් කෙරෙන අතර, "ඇසිටලීන්" පලතුරු ස්‌වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල් වන ශාක හෝමෝනයක්‌ වන "එතිලීන්" රසායනිකයට සමාන ගුණ දක්‌වන නිසා, පලතුරු කෘත්‍රීමව ඉදීමේ ක්‍රියාවලියට ලක්‌ වේ. අසංශුද්ධ කාබයිඩ් වල, "ආසනික්‌", "පොස්‌පරස්‌ හයිඩ්‍රයිඩ්", "පොස්‌පීන්", "ආසීන්" වැනි, විෂ සහිත රසායනික සංයෝගයන්ද අඩංගු වෙයි. මෙයට අමතරව පලතුරු මතට "කාබයිඩ්" ඉසීමෙන් "සයනයිඩ්"ද සැදෙයි.

"කාබයිඩ්" සහ වෙනත් රසායනික සංයෝග භාවිත කර පලතුරු ඉදවීම, ලොව බොහෝ රටවල සිදු කෙරෙන අතර, පිටරටවල් වලින් නැව් පිටින් පටවා ලංකාවට එවන පලතුරු වර්ගද, මේ අනුව ඒවා තුළ ඇතැයි පැවසෙන විවිධ වස විස වලට අමතරව "කාබයිඩ්" වලින් දූෂණය වී තිබීමේ අවදානමද නැත්තේ නොවේ.


කාබයිඩ්වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු.

කාබයිඩ් මෙන්ම, කාබයිඩ්" වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයන් බොහොමයක්‌ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්‌ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලු දැමීම, ඇස්‌ දැවිල්ල හා ඇස්‌ වලට ස්‌ථිර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණික වීම, අත් පා වල ඇති වන හිරි ගතිය, කැස්‌ස, හතිය සහ ඇදුම රෝගය, ගබ්සා වීම් සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා ඇති විය හැකි බවත්, සොයාගෙන ඇත.

අපගේ අවධානයට ලක්‌ විය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වනුයේ, පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස්‌ (residuals) සමග "කාබයිඩ්" වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්‌ෂිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.

අපේ රටේ ගොවීන් තක්‌කාලි සඳහා අධික ලෙස පළිබෝධනාශක ද්‍රව්‍යයන් යොදන අතර, (අස්‌වනු නෙළීමෙන් පසුද පළිබෝධනාශක ඉසින බව නිරීක්‌ෂණය කෙරී ඇත.) තක්‌කාලි වලටද (විශේෂයෙන් මිල අධික කාලවලදී) "කාබයිඩ්" යොදන බව දැන ගන්නට ඇත.

පලතුරු ඉදවීමට සඳහා එතපෝන් භාවිතය

එතපෝන් (Ethephon) රසායනිකව, "2-ක්‌ලෝරෝ එතිල් පොස්‌පරික්‌ ඇසිඩ්" ලෙස හැඳින්වෙන අතර, පලතුරු වල මල් හට ගැනීම ක්‍රමවත් කිරීම සඳහා භාවිත කෙරෙන රසායනිකයකි. (plant growth regulator) කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහාද භාවිත කෙරේ.

මෙම රසායනිකයේ විෂභාවය (LD50) අඩු වුවද, දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳ තවම විද්‍යාඥයන් අතර නිශ්චිත එකඟතාවක්‌ නොමැති බැවින්, පලතුරු මතට කෙළින්ම යෙදීම සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් යෙදීම නිර්දේශ කරන්නේ නැත.

එතපෝන් ශාක (පලතුරු) තුළදී පොස්‌පේට්‌ , එතිලීන් සහ ක්‌ලෝරයිඩ් බවට බිඳ වැටේ. මෙම එතිලීන් පලතුරු ඉදීමටද හේතු වන ශාක රසායනිකයකි.

එතපෝන් යෙදූ ඇතැම් නිෂ්පාදන තුළ මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් (Monochloroacetic acid) සොයා ගෙන තිබේ. (h t t p : / / e x t o x n e t . o r s t . e d u / pips/ethephon.htm) ජලය ක්‌ලෝරනකීරණය කිරීමේදී ද, ජලයේ තිබෙන කාබනික සහ අකාබනික සංයෝග සමග ක්‌ලෝරීන් ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම සංයෝගය සෑදෙන අතර පානීය නළ ජලයේ තිබිය හැකි මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් මාත්‍රාව සඳහා සීමා මායිම් යුරෝපා රටවල් වල පනවා තිබේ. මෙම රසායනිකය නිතර සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් ශරීරගතවීම පිළිකා සඳහා පවා හේතු වන බව පැවසේ. 

කෙසේ වෙතත් පලතුරු සමග එතපෝන් ශරීරගතවීම උදරයේ සහ ස්‌නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා වලට හේතුවිය හැකි බව (විශේෂයෙන් අවුරුදු 06 ට අඩු ළමුන් සඳහා) සැලකේවා.

පැනමා රාජ්‍යය පලතුරු ඉදවීම සඳහා එතපෝන් භාවිතය තහනම් කර ඇත. ඉන්දියාව, වර්ෂ 2010 දී එතපෝන් යෙදූ පලතුරු වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්‌ දියත් කළද, මහා පරිමාණ පලතුරු වෙළෙන්දන්, එතපෝන් වෙළෙන්දන්ගේ සහ වෙළෙන්ඳන්ගේ වරප්‍රසාද වලට යටවුණු නිලධාරීන්ගේ බලපෑම මත එකී වෑයම අත් හරින ලදී.

පලතුරු කෘත්‍රිමව ඉදවීමේ නිර්දේශිත ක්‍රමය

කැල්සියම්" හෝ "සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ්" ද්‍රdවනයකින් මිලි ලීටර් 1 ක්‌ ජලය ලීටර් 1 ක දිය කර, එයට "එතපෝන්" දියරයෙන් මිලි ලීටර් 1 ක්‌ මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රdවනය බාස්‌කට්‌ එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක්‌ දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක්‌ තැබීමෙන් ද්‍රdවනයෙන් නිකුත් කෙරෙන "එතිලීන්" වායුවට පලතුරු පැය 24 ක කාලයක්‌ නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකිය.

මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලුම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011. 05. 19 දින නිකුත් කෙරුණු චක්‍රලේඛයෙන් තහනම් කර ඇත. තවද මෙම ක්‍රමයට ඉදවිය හැක්‌කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලි පේර වැනි පලතුරු පමණක්‌ වන අතර, එත්‍රල් දියරය පලතුරු මතට කෙළින්ම යෙදීමද තහනම් කර ඇත.

කෙසේ වෙතත් සියලුම වෙළෙන්දන්, එතපෝන් කෙළින්ම පලතුරු මතට ස්‌ප්‍රේ කිරීමට හෝ කාබයිඩ් පලතුරු මතට ඉසින්නට පෙළැඹී ඇති බව දකින්නට ඇති අතර, වෙළෙඳ පොළේ තිබෙන බොහොමයක්‌ පලතුරු මෙසේ ඉදවූ ඒවා විය හැකිය. මේ නිසා අප ආහාරයට ගනු ලබන පලතුරුවල සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය මෙන්ම, ගුණාත්මකභාවයද බරපතළ ලෙස හානියට පත්ව ඇත. කෙසේ වෙතත් පලතුරු මත මෙම රසායනික සංඝටක තිබෙනවාදැ, යි රස පරීක්‌ෂක වාර්තාවක්‌ කැඳවා, නීති මගින් මෙම කූට වෙළෙඳුන් අච්චු කිරීමට තරම් ශක්‌තිමත් නීති රෙගුලාසි මෙතෙක්‌ සම්පාදනය කෙරී නොමැති නිසාවෙන්, ප්‍රායෝගිකව මෙය නතර කිරීම හෝ නීති මගින් කටයුතු සිදු කිරීම දුෂ්කර කාර්යක්‌ව ඇත.

කෘත්‍රීමව ඉදවූ පලතුරු වල පෝෂණ ගුණය

ස්‌වාභාවිකව පලතුරු ඉදීමේ ක්‍රියාවලියේදී පුළුල් ජෛව රසායනික ක්‍රියාවලියක්‌ සිදුවන අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස, "ක්‌ලෝරෆිල්" සහ "එන්සයිම" වර්ග බිඳ වැටීම, "කැරටිනොයිඩ", ප්ලෙවොනොයිඩ" සහ ඇන්තොකයිනේස්‌" වැනි ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරක, පිළිකානාශක සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරන (immune system boostersි) රසායනික සංයෝග වල සිදුවන ජෛව සංස්‌ලේෂණය මෙන්ම, විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද අම්ල සංස්‌ලේෂණය වැනි සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් රාශියක්‌ කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී සිදු නොවන බවත,a පලතුරු වල තිබෙන විටමින් ඒ හා සී මෙන්ම බොහොමයක්‌ පෙර කී අතිශයින්ම වැදගත් ශාක රසායනිකයන් විනාශ වෙන බවත්, පලතුරු වල ස්‌වභාවික රසය, සුවඳ, වයනය වැනි ගුණාංගද හානි වෙන බවත් පෝෂණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

පලතුරු ආහාරයට ගැනීමේ අතිශයින්ම වැදගත් කාරණාව වන්නේ, අපගේ දිවි රැකගැනීමට බෙහෙවින්ම වැදගත් වන මෙකී රසායනික සංයෝගවල පැවැත්මය.

ඉන්දියාවේ ආහාර විද්‍යාව සහ පෝෂණ විද්‍යා මහාචාර්යවරයෙකු වන කමල් ගෝපිනාත් මහතා ප්‍රකාශ කරන්නේ, ස්‌වභාවදහමේ නියමයට පටහැනිව කවර හෝ රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත කොට කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී පලතුරු තුළම සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් හේතු කොට ගෙන පිළිකාකාරක සංඝටක ඇති වෙන බවය. 

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ මෙහෙමයි

* ඇස්‌ ඇදගන්නා ආකර්ෂණීය පෙනුමකින් යුතු, සමාකාරව පැතුරුණු තීව්‍ර වර්ණයක්‌ සහිත, සම්පූර්ණ ගෙඩියම හෝ කැණම එකවර ඉදී ඇති පලතුරු හෝ එසේ ඉදුණු එහෙත් තැනින් තැන කොළ පාට ලප, පැල්ලම් ඉතිරිව තිබෙන පලතුරු මිල දී නොගන්න.

* අවාරයේදී වෙළඳපොළේ ඇති පලතුරු මිලදී නොග න්න. අවාරයට වෙළඳපොළට පැමිණෙන පලතුරු බොහෝ විට කෘත්‍රීමව ඉදවූ ඒවා විය හැකිය. (අඹ වැනි පලතුරු වාරයට සුලභ වන බැවින්, කෘත්‍රීමව ඉදවීම බොහෝ විට අවශ්‍ය නොවේ.)

* මුළු කැණම එකවර වර්ණ ගැන් වී ඇති, කෙසෙල් මිලදී නොගන්න. කෘත්‍රීමව කෙසෙල් ඉදවීමේදී කැණම එකවර වර්ණ ගැන්වෙන අතර, එහි ඇවරි සම්බන්ධ වන කඳ කොටස (stem) තද කොළ පාටින් තිබෙනු නිරීක්‌ෂණය කළ හැකිය. මක්‌ නිසාද යත් "එතිලීන්" හෝ "ඇසිටලීන්" මගින් ඉදෙන්නේ පලතුරු මිස එහි කඳ කොටස නොවන බැවින්ය.

* පලතුරු මිල අධික කාලවලදී, මිල අධික පලතුරු වෙනුවට මිල අඩු විකල්ප පලතුරු පරිභෝජනය කරන්න. මිල අධික කෙසෙල් වර්ග, කර්තකොලොම්බන් වැනි අඹ වර්ග, බොහෝ විට කෘත්‍රීමව ඉදවා තිබිය හැකිය.

* මිල වැඩි කාලවලදී සම්පූර්ණයෙන්ම ඉදුණු/ ගොඩම වර්ණ ගැන්වී ඇති තක්‌කාලි මිලදී නොගන්න.

* භාගෙට ඉදුණු පලතුරු මිලදී ගන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේ රටාවක්‌ ඇත. ඊට පටහැනි ලෙස සම්පූර්ණයෙන් ඉදී ඇති පලතුරු මිලදී නොගන්න. උදාහරණයක්‌ ලෙස පැපොල් ගෙඩියක්‌නම් එය පිටුපස සිට ක්‍රමයෙන් ඉදීම සිදුවේ.

* පිටින් ඉදී ඇති, ඇතුළතින් අමු පලතුරු පරිභෝජනය නොකරන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේදී ගෙඩියේ අභ්‍යන්තරයේ සිට පිටතට ඉදීම සිදු වන අතර, කෘත්‍රීමව ඉදවීමේදී එය ප්‍රතිවිරුද්ධ දිසාවට සිදු වේ.

* පලතුරු ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් හොඳින් සෝදන්න.

* පොතු ඉවත්කර, සෝදා ආහාරයට ගන්න.

* ඇපල්, අඹ වැනි පලතුරු කිසි විටෙක, ගෙඩිය එහෙම පිටන්ම ආහාරයට නොගෙන, කැබලි වලට කපා වර්ණ වෙනස්‌ වීමක්‌ සිදු වී තිබේදැයි පරීක්‌ෂා කරන්න.

* ලාක්‌ෂණික රසය, සුවඳ නොමැති, අස්‌වාභාවික රසයක්‌ සුවඳක්‌ සහිත පලතුරු ආහාරයට නොගන්න.

* සැක සහිත තත්ත්වයක්‌ තිබේනම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාට පැමිණිලි කරන්න.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක,
ඇල්ල. (බණ්‌ඩාරවෙල)

මුරුංග ගුණ මහිමය

ගතට සිතට රුවට මුරුංගා


ගැමි එළවළු වර්ග අතර මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වත්මන් පරපුර ආහාරය සඳහා එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරලෙහි පවතින රසය සහ ගුණය ඉතාමත් ප්‍රශස්තය. බොහෝ කාර්යයන් සඳහා යොදා ගන්නා ශාකයක් වන මුරුංගා වත්මනෙහි බහුකාර්ය ශාකයක් සේම අතීත වැසියන් විසින් දෙවියන් මැවූ ශාකයක් ලෙසද පිළිගනු ලැබුවේ මෙම ශාකයේ පවතින අද්විතීය ගුණය නිසාමය. අසාමාන්‍ය ගුණ සමුදායක් පවතින මුරුංගා ශාකය ඖෂධයක් යැයි පැවැසුවහොත් ඇතැම්විට ඔබ මවිත විය හැකිය. එහෙත් සත්තකින්ම මුරුංගා යනු රෝග රැසකට ගුණය ලබාදෙන මාරාන්තික රෝග පවා සුව කරවන තරමේ ඖෂධීය ගුණයක් ඇති දිව්‍යමය ඖෂධයකි. රාජගිරියේ පිහිටා ඇති කොළඹ විශ්වවිද්‍යාලය හා අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ ආයුර්වේද දැනුම සපුරාලමින් පසුවන්නීය. මුරුංගා ඖෂධය මඟින්ද නිරන්තරයෙන්ම ඖෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යයේ නිරත වන හැරපත්දෙණිය මහත්මිය මෙම ඖෂධයේ පවතින විශිෂ්ට රෝග නාශක ගුණය පිළිබඳව පැවැසීමට ඉදිරිපත් වූවාය. "මුරුංගා කියන්නේ අතීතයේ පටන්ම අපේ ගෘහණියන් සමඟ ඉතාමත්ම සමීප එළවළුවක්. මුරුංගා ළපටි කරල් වෑජනය වගේම, මෝරපු කරල් මද තෙම්පරාදු ව්‍යාංජනයත් අපේ ගැමි කාන්තාව අතර ඉතාමත්ම ප්‍රචලිතයි. ඒ වගේම මුරුංගා කොළ මැල්ලුම වගේම මුරුංගා මල් වෑංජනයත් ඉතාම රසවත්. මුරුංගා කරල්, කොළ, මල් බහුල වශයෙන් ආහාරයට ගැනීම මඟින් ඔබට වැලඳී ඇති රෝග රැසක් සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා. සමහර විට ඔබට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මුරුංගා කොහොමද ඔෟෂධයක් වෙන්නේ ඒක එළවළුවක් විතරයි කියලා. නමුත් අපේ දේශීය ආයුර්වේදයේ මුරුංගා කියන්නේ රෝග නාශක ගුණය බහුලවම ඇති ඖෂධයක්. ආයුර්වේදයට අනුව මුරුංගා විවිධ නම්වලින් හඳුන්වනවා. මුරුංගා කියන්නේ ඇස් ආශ්‍රිත රෝගවලට හොඳ ඖෂධයක්. ඒ නිසා අක්‍ෂිව කියලත් මේ ඖෂධීය ශාකය හඳුන්වනවා. ඒ වගේම ශෝබාංජන, තීක්‍ෂණ මූල, ශ්‍රීග්රූ යන නම්වලිනුත් මුරුංගා හඳුන්වනවා. මුරුංගා අයිති වන්නේ Moringaceae (ශෝභාංජන) කුලයට. Moringa Oleifera Lam මෙහි උද්භිද විද්‍යාත්මක නාමය. මුරුංගා ප්‍රභේද රැසක් තිබෙනවා. එකක් තමයි හේන් මුරුංගා. ඒවායේ කරල් හීනියි. අනෙක් එක තමයි වැට මුරුංගා. වැට මුරුංගා බහුල වශයෙන් මායිම්වල රෝපණය කරනවා. යාපනයේ පැත්තේ ඒවා බහුල වශයෙන් දැකබලා ගන්න පුළුවන්. තවත් මුරුංගා ප්‍රභේදයක් තමයි මස් මුරුංගා, කල්පිටි මුරුංගා කියන්නේ. ඒවායේ කරල් විශාලයි.
මද වැඩියි." Moringa-11913-2 වෙනත් ශාක රෝපණය නොවන භූමියක පවා රෝපණය වීමේ හැකියාවක් මුරුංගා ශාකය සතුව පවතී. නිසරු පොළොවේ මෙන්ම මුහුදුබඩ ආශ්‍රිතව පවා මුරුංගා රෝපණය කළ හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ලංකාව මුරුංගා ශාකය බහුලවම දැකගත හැකි රටවල් අතර ප්‍රමුඛතාවක් ගනී. මුරුංගා ප්‍රභේද කිහිපයක් පිළිබඳව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පෙර සඳහන් කළ අතර, අප ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද 3ක් පවතින බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලට අනුව මුරුංගා ප්‍රභේද 3ක් තිබෙනවා. ඒවා තමයි රක්ත ශ්‍රීග්රූ (මල රතු පාට මුරුංගා), කෘෂ්ණ ශ්‍රීග්රූ (මල නිල් පාට මුරුංගා). ශ්වේත ශ්‍රීග්රූ (මල සුදු පාට මුරුංගා) මේ තුනෙන් නිල් සහ රතු මල් ඇති මුරුංගා ශාකය ඉතාමත් දුර්ලභයි. සුදු මල් සහිත මුරුංගා බහුලයි. මේ සෑම ප්‍රභේදයක්ම අපි ආයුර්වේදයේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සඳහා ගන්නවා. මුරුංගා කියන්නේ විෂ නාශක ගුණයක් ඇති ඖෂධයක්. එනිසා අතීතයේ සිටම අප ගැමි ලියන් ඉස්සො, දැල්ලො වගේ ආහාර පිසින විටදී ඒකට මුරුංගා කොළ ටිකකුත් එක් කළා. ඒ වගේම මයියොක්කා උයනකොට, තම්බනකොට එහි විෂ සහිත බවක් වෙයි නම් ඒක නැති කරන්න මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේදී ඒකට දාන්න අපේ ගෘහණියන් පුරුදු වෙලා හිටියා. ඒ වගේම අච්චාරු හදනකොට ඒවා ඉක්මනින් පැසවන්න මුරුංගා පොත්තක් ඒකට එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල මුරුංගා පොතු වේළලා වෑන්ජනවලට කුළු බඩුවක් ලෙසත් භාවිත කරනවා. ඒ විදියට මුරුංගා පොතු වේළලා කුළු බඩුවක් විදියට දිනපතා වෑංජනවලට එකතු කරවා නම් රෝග රැසකින් අත් මිදෙන්න ඔබට පුළුවන්. බඩේ ගල්, පණු රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, හෘදය ආශ්‍රිත රෝග, අස්ථි ආබාධවලට, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට, ඇදුම, කැස්ස ආදී රෝග රැසක් සුවකර ගන්නත්, නොවැලඳී තිබෙන්නත් ඒ ක්‍රමවේදය ඉතාමත්ම හොඳයි." මුරුංගා ශාකයේ ඇති ඖෂධීය ගුණය සේම එක් එක් ලෙඩ සඳහා මුරුංගා ඖෂධයක් ලෙස භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.

එමඟින් ඔබට වැලඳී ඇති යම් යම් රෝග සඳහා නිවෙසේ සිටම ප්‍රතිකාර ඖෂධ සාදාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපිය කියවීම මඟින් පැහැදිලි වනු ඇත. "ඈත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදි, මුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශ්‍රිත ආහාර ඉතාමත්ම වැදගත්. Moringa-11913-1 ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඖෂධයක් ලෙසයි. ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝගවලට, මුත්‍රා ගල්වලට, හෘදය ආශ්‍රිත රෝගවලට, මුරුංගා වෑංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්." මෙයට වසර දහසකටද ඈත අතීතයක අප දේශීය වෛද්‍ය ආචාර්යවරුන් පැවැසූ දෑ අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් හෘදය ආශ්‍රිත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ. මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවතින බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙසේය. "මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් කියලා අපි අනුමත කරන්නේ. මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා. අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඖෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා ගන්නා හැටි මම කියන්නම්.


මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඖෂධයක්. Moringa-11913-3 ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්, හෘදය ආශ්‍රිත රෝගවලටත් ඒක ගුණයි." සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඖෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්නා ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුම, කැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඖෂධයක් මුරුංගා කොළවලින් හදන හැටි මම කියන්නම්. මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න. ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේ, දවල්, හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඖෂධීය පානයක්. ගැස්ට්‍රයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක්ව අපහසුතාවට ලක් කරන රෝගයක්.ගැස්ට්‍රයිටිස්වලට හොඳ වටිනා සුවදායක ඖෂධයක් මම කියන්නම්. මුරුංගා කොළ මිටක් අරගෙන හොඳින් අඹරා ගන්න. ඒකට මුදවපු කිරි මේස හැඳි 5ක් එකතු කරලා දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. දින කිහිපයක් මේ විදියට කළොත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න ඔබට පුළුවන්. මුත්‍රා ගල් හටගත් බොහෝ දෙනකුට බටහිර වෛද්‍ය ක්‍රමවේදයට අනුව තිබෙන හොඳම විසඳුම තමයි ශල්‍යකර්මයකට භාජන කිරීම. නමුත් ශල්‍ය කර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් හොඳ කෂායක් හදාගන්න හැටි මම කියන්නම්. තරමක් වියළි මුරුංගා පොතු (ගසේ පොතු) මිටක් පමණ අරගෙන වතුර පත හතරක් පමණ දමා පත එකකට සිඳුවා උදේ කාල් බාගයයි, හවස කාල් බාගයයි දිනපතාම පානය කරන්න. සති දෙකක් පමණ අඛණ්ඩවම මේ කෂාය භාවිත කළොත් මුත්‍රා ගල් අංශු බවට පත්වී දිය වී යනවා. හොඳින් මුත්‍රා පිට වීමත් මුත්‍රා දැවිල්ල ප්‍රහීන වී යන්නත් ඒක ඉතාමත්ම ගුණදායක කෂායක්. මුත්‍රා දැවිල්ල අධික ලෙස පවතින රෝගියකුට සුදුසු ඖෂධීය පානයක් තිබෙනවා. පුහුල් යුෂ හරි කැකිරි යුෂ හරි වීදුරුවකට අරගෙන ඒකට මුරුංගා කොළ තළලා අරගෙන මුරුංගා කොළ යුෂ තේ හැඳි 2ක් එකට මිශ්‍ර කරලා බොන්න. මුත්‍රා දැවිල්ල නිමා වී සාර්ථකව මුත්‍රා පිටවීම එමඟින් සිදු වෙනවා". ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන ආකාරයට ශ්‍රිස්ම සමයේදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ අසාමාන්‍ය ලෙස දහදිය බිබිළි හට ගනී. එවන් රෝගයකදී කොහොඹ කොළ සහ මුරුංගා මුල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවැතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කළ හැකිය. මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් ලබා ගැනීමට එය ඉතාමත් උචිත ආලේපයකි. සමේ ආලේප කොට පැය 2ක් පමණ නිදහස්ව හිඳ පසුව නෑම සුදුසු බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. Moringa-11913-5 "ඇතැම් තරුණියන්ගේ මෙන්ම තරුණයන්ගේත් මුහුණේ කුරුලෑ, ලප කැළැල් අසාමාන්‍ය විදියට තිබෙනවා. ඒ වගේම අවපැහැ ගතියක් පවතිනවා. එවන් ගැටලුකාරී තත්ත්වයකදී මුරුංගා කොළ යුෂ අරගෙන ඒකට දෙහි යුෂත් මිශ්‍ර කරලා ඇල් වතුර බඳුනකට ඒක මිශ්‍ර කරලා එයින් මුහුණ සෝදන්න.
දිනපතා උදේ මේ මිශ්‍රණයෙන් මුහුණ සෝදනවා නම් පැහැදිලි වෙනසක් සහ සෞම්‍ය බවක් ඔබගේ මුහුණේ ඇති වේවි. හන්දිපත් ඉදිමුම හන්දිපත් රුදාව වගේ බාහිර තැළුම් වේදනාවලටත් මුරුංගාවලින් හදන හොඳ ඖෂධයක් මම කියන්නම්. එහි නම මුරුංගාදීලේපය. මේ ඖෂධය බාහිර රෝගී අංශයෙන් ලබා ගන්නත් පුළුවන්. නිවෙසේදීම සාදාගන්න හැටි වැදගත්. එනිසා මම කියන්නම්. ලුණු වරණු පොතු, අමු කහ සමව අරගෙන මුරුංගා පොතු යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරන්න. (අමු මුරුංගා පොතු තළා යුෂ ගන්න) සියුම් ලෙස අඹරා ගත් ඖෂධය අරගෙන තැළුම්, වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න. වේල් කිහිපයක් ආලේප කළොත් හොඳ සුවයක් අත්විඳින්න පුළුවන්කමක් තිබෙනවා. තවත් විශේෂ කාරණාවක් තමයි මුරුංගා කියන්නේ දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක්. පෙර සඳහන් කළ විෂක් ශරීර ගත වුණ පුද්ගලයකුට මුරුංගා පොතු දෙහි ඇඹුලින් අඹරා සත්ත්ව දෂ්ටනයට ලක් වුණු තැන ආලේප කරන්න. ඒකට විෂ මැරීමක් සිදු වෙනවා. Moringa-11913-6 සමහර අයට උදේ කාලෙදි සැන්දෑ කාලෙදි සෙම හට ගන්නවා. ඒ තත්ත්වයෙන් අත්මිදිලා නිරෝගී සුවයක් ලබන්න මුරුංගා මුලේ පොත්ත කොටලා මිරිකලා ගත් යුෂට බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැඳි 1 ගාණේ මිශ්‍ර කර මී පැණි තේ හැන්දක් ඒකට එක් කරලා දින 10ක් ඒ ද්‍රාවණය පානය කරන්න. සෙම තත්ත්වය දුරු වෙලා යාවි." අධික තරබාරු තත්ත්වයෙන් අත්මිදීමටද ළපටි මුරුංගා ඇට කෂායක් ලෙස මී පැණි හා පානය කිරීම මඟින් හැකි වන බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ඒ විතරක්ම නොවෙයි. සැරව ගලන තුවාල පිරිසුදු කරලා ඉක්මනින් සුවකර ගන්නත් මුරුංගාවලින් පුළුවන්.
ඔබ කළ යුත්තේ මුරුංගා කොළ ටිකක් අරගෙන තල තෙල්, එළඟි තෙල් ස්වල්පය බැගින් එයට මිශ්‍රකර අඹරා තුවාලයේ ආලේප කිරීම පමණයි. දින කිහිපයක් මේ ක්‍රියාව කළොත් ඔබට පැසවූ තුවාලයකට වුණත් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්. එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත හොඳ ඖෂධයක් මුරුංගා. නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශ්‍රිත රෝගවලටත් හෘදය ආශ්‍රිත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්, මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග රැසකටත් මුරුංගා හොඳඖෂධීය ගුණ සපිරි ශාකයක් කියලා. ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට පුළුවන් කියලා අලුත්ම පර්යේෂණයකින් තහවුරු වුණා. මුරුංගා නමැති ඖෂධය නිරන්තරයෙන්ම ඔබ ආහාරයක් වශයෙන් හෝ ගන්නවා නම් කොලෙස්ටරෝල් අඩු වීමටත් ඇඟේ සීනි ප්‍රමාණය අඩු වීමටත් ඒක හොඳ ක්‍රමවේදයක්. දෛනික ආහාර වේලකට මුරුංගා මැල්ලුමක් වෑංජනයක් අන්තර්ගත කර ගන්නවා නම් කිසිම ලෙඩක් පීඩාවක් ඔබට ඇති වෙන්නෙ නෑ". සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමටද මුරුංගා කරලේ ඇති ඇට භාවිත කිරීම මඟින් හෙළිවන්නේද මෙම අද්විතීය ශාකයෙහි පවතින වීෂ බීජ නාශක ගුණය නේද?"

ලොව ශක්තිජනකම පානය

''පොළව පළා ගලක්‌ දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්.....'' එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිබේ. සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක්‌ වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල්මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්‌මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක්‌ ලෙසය. ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්‌සේ තීන්දු තීරණගත් අප විසින්ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයක්‌ ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ. මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක්‌ වුව ප්‍රමාණවත් වනු ඇත. එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල් තැඹිලි, කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු විත්ති වලින් හෙළිදරව් කෙරෙනා මාහැඟි ගුණය මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ද විමසා බලමු. පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර ජීවයේ පානයයි. පොල් වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයයි. මාස 9 ක්‌ පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියට ලක්‌වී නිපදවන පොල් වතුර, ජීවානු හරිතය. එහි සංයුතිය අපගේ සෛල ප්ලස්‌මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්‌ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම, සුළු වශයෙන් ඇති ස්‌වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්‌වයි. මෙකී විශිෂ්ට අයනික ගුණය නිසාවෙන්, යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක්‌ ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිබෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක්‌ ජීවිත 50,000 ක්‌ පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගත හැක. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්‌, අයඩීන්, සල්µර්, සින්ක්‌, සෙලෙනියම්, කැල්සියම්, පොස්‌පරස්‌, යකඩ හා විටමින් සී. බී. හා ඊ. ද ඇත.
තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්‌ෂිකාරක, පයිටොකෙමිල්ස්‌ වර්ග, ශාක හෝමොන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වේ. හදවත රැක දෙන පොල් වතුර පොල් වතුරෙහි තිබෙන අධික ඛණිජ ලවන සංයුතිය නිසාවෙන්, හෘදයාබධ හා අධික රුධිර පීඩනය වැළැක්‌වීමේ සුපිරි ආහාරයක්‌ ලෙස විද්‍යාඥයන් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත. මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළිවී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩුවූ බවයි. පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්‍රෑම් 300 ක්‌ පමණ තිබෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක්‌ ලෙස හඳුන්වන්නට විද්‍යාඥයන් පසුබට වන්නේ නැත. පොල් වතුරෙහි අහිතකර කොලෙස්‌ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්‌ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලෙස්‌ටරෝල් (HDL) මට්‌ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි. අනෙක්‌ අතට රුධිර කැටි ඇති වීම වළක්‌වාලන ගුණයක්‌ පොල් වතුරෙහි අඩංගු වන බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩුකර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත. වකුගඩු රැකගන්නට සහ මුත්‍රාශයේ ගල් දිය කිරීමට. වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදුවන හානි වැළැක්‌වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක්‌ බව, පර්යේෂකයන් පෙන්වා දෙයි. එබැවින් මත්පැන් හා වස විස නිසාවෙන් සිදු වන වකුගඩු නරක්‌වීම පාලනය කිරීමද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත. පිලිපීනයේ චයිනීස්‌ මහ රෝහල් මුත්‍රවාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක්‌ හෝ තුන් වතාවක්‌ පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ මුත්‍රාශයේ ගල් සෑදී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගීන්ගේ එම ගල්වල විශාලත්වය අඩුවී හෝ කුඩා කොටස්‌ වලට කැඩී තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශල්‍යකර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකි වූ බවත්ය. අනෙක්‌ අතට පොල් වතුර හොඳ මුත්‍ර කාරකයක්‌ද වෙයි. (Dසමරුඑසජ) මුත්‍ර හොඳින් පහවීමටත් මුත්‍ර මාර්ග යේ ඇතිවන අසාධාරන (ඹඔෂ) සුව වීමටත් පොල් වතුර හොඳ ඖෂධයක්‌ ලෙස සැලකේ. වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්‍ෂා වීමට අප්‍රිකානු හා ඉන්දියානු මෙන්ම, ශ්‍රී ලංකාවේදීද දේශීය වෛද්‍ය කර්මයේදී විස ඖෂධ වල විස ගතිය ඉවත් කිරීමට පොල් වතුර භාවිත කොට තිබේ. එමෙන්ම බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ශරීරගතවීමකදී (ධඩැර dදිe) ඒවායේ විෂ හරණය කිරීමටත්, මෙරට ජනයා ආහාරයට ගනු ලබන, ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධ නාශක ශේෂ කොටස්‌ මෙන්ම ආසනික්‌ හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි, විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ම ඇත. පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් (ඵදබදක්‌මරසබැ) සතුව ව්‍යාධිජනක බැක්‌ටීරියා, වෛරස්‌ හා ප්‍රොටාසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක්‌ සහිත හර්පීස්‌ සයිටොමෙගලෝ වෛරස්‌ වර්ග (Cහඑදපැට්‌කදඩසරමි) මෙන්ම Hෂභෂ වැනි දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස්‌ වර්ගත් විනාශ කිරීමේ ප්‍ර්‍රභල හැකියාවක්‌ සතු වන බව පැවසෙනවා. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්‌තිකරණය පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්‍ෂා කෙරෙන බවත් සොයාගෙන ඇත. යෞවනත්වයේ, දීර්ඝායුෂ ලැබීමේ උල්පත සයිටොකයිනීන්. පොල් වතුරෙහි තිබෙන විටමින්, ඛනිජ ලවන හා අනිකුත් පෝෂණ ගුණයන්ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණය වන්නේ මෙහි තිබෙන ශාක සයිටොකයිනින් (Cහඑදනසබසබි) සංයෝගවලින් අපගේ සිරුරට ලැබෙන ගුණය බව නොඅනුමානය. සයිටොකයිනින් යනු පයිටොහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යැම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ඵළ ප්‍රයෝජනය කවරේදැයි විද්‍යායෝ මෑතක්‌ වන තුරුම සොයාගෙන නොසිටියහ. කෙසේ වෙතත්, විද්‍යාඥයින් දැන් අවධාරණය කරන්නේ, මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යැමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක්‌ රැක ගැනීමටත් ඉවහල් වන බවයි. පොල්වතුර වනාහී මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි. පිළිකා පාලනය කිරීමේ ගුණය පෙරකී සයිටොකයිනින් මගින් වයසට යැම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින් පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස්‌ µsෙµa (ඊරමජැ Fසෙe) මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර පිළිකා ඇතිවීමට හේතු වන නිදහස්‌ මුක්‌ත කණ්‌ඩක විනාශ කරන ප්‍රතිඔක්‌සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. බර අඩු කර ගැනීමට කදිම පානයකි 1999 වර්ෂයේ ඇමරිකාවේ යාලේ සරසවියේදී කර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, පොල් වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩුකර ගැනීමට කදිම පානයක්‌ ලෙස යොදා ගැනීමට හැකි බවය. අනෙක්‌ අතට විටමින් සී සුලභ ආහාර ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයකදී හෙළි වී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය. පොල් වතුරෙහි තිබෙන වෙනත් ගුණයන්..... දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, මෝටීන් සැටින් (ඵදරඑසබ Saඑසබ) මහතා අවධාරණය කරන්නේ, මේ ලොව තිබෙන විශිෂ්ටතම ශක්‌ති ජනක පානය වන්නේ පොල්වතුර බවයි. පොල් වතුරෙහි සින්ක්‌ හා සෙලෙනියම් වැනි ඛණිජ ලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් මද සරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්‌වන බව සොයා ගෙන ඇත. මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි. පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ඨ වෙයි. මවු කිරි වල තිබෙන ලෝරික්‌ අම්ලය පොල් වතුරෙහි ද තිබෙන නිසා සකස්‌ කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායක බව පැවසෙනවා. වමනය යැම නතර කිරීමේ ගුණයක්‌ සහ ආමාශයේ දැවිල්ල, ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මළ බද්ධය සුව කිරීමේ ගුණයක්‌ පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇතිවීම වළක්‌වයි. ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක්‌ ලෙස භාවිත කළ හැකිය. ශරීරය අධිකව වෙහෙසෙන අවස්‌ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබෙන බව පැවසෙනවා. පැපොල, සරම්ප, සහ ශරීයේ පලු දැමීම සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක්‌ ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල් වීමෙන් සහනයක්‌ ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත. සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට උපදෙස්‌ දේ. හෙළ වෙදකමට නැතුවම බැරි පොල් වතුර මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර භාවිත කෙරෙන අවස්‌ථා රාශියක්‌ තිබෙන බව පැහැදිලිව දැකගත හැකිය. ශරීරයේ උෂ්ණය, දාහය, සහ දොස්‌ සමනය කිරීම සඳහා භාවිත කරන ''රාජ විරේකය'' මුල් ගල් දිය කිරීමට භාවිතා කරන ''වැලි හැළියේ කෂාය'' ''බලා විෂ්ණු තෛලය'' වැනි ඖෂධ සංයෝග රාශියක්‌ සකස්‌ කිරීමට තැඹිලි සහ පොල් වතුර භාවිත කරයි. සුලභව යෙදෙන ඖෂධයක්‌ පහත දක්‌වන්නේ පෙර කී පර්යේෂණ වලින් තහවුරු කෙරී පවතින අපේ පැරැන්නන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමට උපහාරයක්‌ වනු පිණිසය. ඉරමුසු පිරිසිදු කොට ගෙන තලා, තැඹිලි ගෙඩියකට දමා ඇස්‌ස වසා රැයක්‌ තබා, උදේට පානය කිරීමෙන් මුත්‍ර විෂ තත්ත්වයන්, මුත්‍ර ආබාධ සමනය කෙරෙන බව පැවසේ. මෙරටට පැමිණෙන විදේශික සංචාරකයන් සිල්ලර කඩවලට ගොස්‌ පොල් ගෙඩි මිලදී ගෙන, එහි සිදුරක්‌ සාදවා ගෙන, පාරවල් අයිනේ ඇන තියා ගෙන ස්‌ට්‍රොa එකකින් පානය කරනු ඔබත් දැක ඇති. එහෙත් අවාසනාවකට එම වෙළෙඳසැලේ සිටින තරබාරු වෙළෙඳ මහත්මිය දිනපතාම පොල් වතුර ටික කුණු කාණුවට දමා වස විස ද තිබිය හැකි ප්ලාස්‌ටික්‌ බෝතල් වල අසුරා අව්වට වේලී වේලී තිබෙන පැණි බීම බෝතලයක්‌ පානය කරමින් සිටිනු ඇත. ඉදින් මේ එළැඹ ඇත්තේ, පොල් ගස යට ඉපිද, හෘද රෝග වකුගඩු අබාධ, පිළිකා රෝග වැනි බෝ නොවන රෝග වැළඳී අකාලයේ මියගොස්‌, පොල් ගස්‌ යටම වළදමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස්‌ මෙන්ම රස රහස්‌ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දියයුතු කාලයක්‌ බව මෙහි අන්තිමට ලියා තබමි.
(විශේෂ ස්‌තූතිය - කැඩුම් බිඳුම් හා සර්වාංග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය කරඳගොල්ලේ ඒ. බී. එම්. ජයවර්ධන මහතාට)
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇල්ල

සැත්කමින් තොරව හදවත් රෝගීන්ට ප්‍රතිකාර


වෙද පරපුරක ඇති අභිමානය හා විශ්වසනීයත්වය එම පරපුර ලබා ඇති අත්දැකීම් සම්භාරයයි. එමෙන්ම රෝගීන් පවසන ගුණදොස්‌ විවේචනයයි. මේ ගුණදොස්‌ හා විවේචන සුබවාදී වී නම් එම පරපුරේ ප්‍රතිකාරයන් අතිසාර්ථකත්වයක්‌ ගන්නා බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය.

තමරා ප්‍රියන්ති මංගලිකා වෙදැදුරුවරියගේ පරපුරද මෙම ගණයෙහි ලා සැලකීමට අපට ඕනෑතරම් සාක්‍ෂි ඇත. එම සාක්‍ෂි අප රෝගීන්ගෙන්ම ලබාගත් ඒවා වීම මෙහි ඇති විශේෂත්වයකි. ඇයගෙන් ප්‍රතිකාර ගත් ඇතැම් හදවත් රෝගියකු අප හා පැවසුවේ රුපියල් ලක්‍ෂ ගණනක වියදමකින් සැත්කම් කර ජීවිත අවදානමක්‌ ගන්නවාට වඩා මේ දේශීය වෙදකම තුළින් තවත් කාලයක්‌ සිතේ සැනසීමකින් ජීවත්වීමට හැකියාවක්‌ ලැබෙන බවයි.

මෙම ප්‍රකාශයන් රෝගියකුගෙන් පිටවන්නේ ඇතැම්විට පළමු බෙහෙත් පත්තියෙන් විය යුතුය. ඒ වගේම ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්‌ථාවේ දෙන උපදෙස්‌ පිළිපැදීමෙන් විය යුතුය. කෙසේ වෙතත් ඇතැම් බටහිර වෛද්‍යවරු මෙවන් රෝගීන්ගේ චිත්ත ධෛර්ය බින්දුවට බස්‌සවන්නේ දැන හෝ නොදැන දැයි අපි නොදනිතත් එතුළින් රෝගියා භාගයට මිය යන බව නම් දනිමි.

පසුගිය දිනෙක මගේ සමීපතම භික්‍ෂූන් වහන්සේ නමකගේ සුවදුක්‌ විමසන්නට රත්මලාන පැත්තේ විහාරස්‌ථානයකට ගියෙමි. බෝ නොවන රෝග රැසකින් පෙළෙන උන්වහන්සේට මෑතක සිට හදවත් රෝගයද වැළඳී තිබුණේ ජීවිතයේ අනියත බව වඩාත් තහවුරු කරන්නාක්‌ මෙන්ය.

එහෙත් මේ කිසිවක්‌ උන්වහන්සේ එතරම් ගණන් නොගත්තත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නම් නතර කළේ නැත.

මගේ මේ තියෙන රෝගවලට අමතරව හදවත් රෝගයකුත් ආපුවාම මරණයට මුහුණ දීමේ කාලය දැන් ඇවිල්ලයි කියලා මට හිතුණා. ඒත් වෛද්‍යවරු එකහෙලාම හදවත් සැත්කමක්‌ ඉක්‌මනින්ම කළයුතු යෑයි යෝජනා කළ නිසා මමත් ඒකට සූදානම් වුණා. කොහොම කොහොම හරි මට දීපු දිනයට මම ඒ රෝහලට ගියේ කල්වේලා ඇතිව.

සාත්තු සේවකයන් මම ඔපරේෂන් එකට සූදානම් කරන්න එතරම් වේලාවක්‌ ගත්තෙ නැතත් ඔපරේෂන් එකට නියම කරපු වෙලාව නම් පහුවෙලා පැය දෙකතුනක්‌ වුණා. අන්තිමේදී මම ඉන්න බැරිතැන මම අර සාත්තු සේවකයකුගෙන් විමසුව ඇයි මෙච්චර ප්‍රමාද කියල.

මෙතෙන්දී මහ පුදුම උත්තරයක්‌ තමයි මට ඒ සාත්තු සේවකයා දුන්නේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉස්‌සර වෙලා ඔපරේෂන් එකට ගත්ත හදවත් රෝගීන් දෙදෙනකුව ගොඩදාන්න බැරිව අන්න අරහේ දොස්‌තර මහත්තුරු සේරම දඟලනවා. ඒකයි මේ ප්‍රමාදය කියල කිව්වා.

මේ ප්‍රකාශයෙන් මට තිගැස්‌සීමක්‌ හෝ මරණ බියක්‌ ඇති නොවුණත් සැත්කමේ කිසිම විශ්වාසයක්‌ තබා ගන්න බැරි බව නම් මට වැටහුණා. ඒක නිසා සියල්ලෝම එපා කියද්දී මගේ සිය කැමැත්තෙන්ම ටිකට්‌ එක කපාගෙන ආවෙ තවත් සැත්කමක්‌ කරන්නෙ නම් නැහැයි කියලයි. මේ සිදුවීම වෙලා දැනට වසර දෙක තුනක්‌ වෙනවා. එදා හැකි ඉක්‌මනින් කරන්න කියලා කියපු සැත්කම කළා නම් සමහරවිට මගේ ජීවිතය නැතිවෙන්නත් තිබුණා.

මෙම සිදුවීම මම තමරා ප්‍රියන්ති මංගලිකා වෛද්‍යවරියටද කීවෙමි. ඇය ඊට කිසිවක්‌ නොකීවත් දේශීය වෙදකමේදී දෙන උපදෙස්‌ නිසියාකාරව පිළිපදිමින් ප්‍රතිකාර ලබා ගන්නවා නම් හදවත් රෝගයක්‌ එතරම් අවදානමක්‌ ගත යුතු එකක්‌ නොවේ යෑයි කීය.

පසුගිය ලිපියකින් හදවත් රෝග වැළඳෙන්නේ කෙසේදැයි මා ඇසූ ප්‍රශ්න කිහිපයකට අති සාර්ථක පිළිතුරක්‌ සැපයූ ඇය හදවත් රෝගයක්‌ වැළඳීමෙන් පසු කළයුතු කාර්යයන් ගැනද විස්‌තරයක්‌ කළාය.

යම් අයකුට හදවත් රෝගයක්‌ වැළඳුණාම හෘද පේෂිවලට ඇති වූ තුවාල සුවවීමට හෘද වස්‌තුවට විවේකයක්‌ අවශ්‍යයි. මෙතනදී කළයුත්තේ හදවත විසින් කළ යුතු ක්‍රියාකාරකම් අඩුකිරීමයි. ඒ සඳහා කායික මානසික සුවය අදාළ ඖෂධ ලබාදීම සහ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් තියනව නම් එම රෝග මනාව පාලනය කිරීම ඉතාම වැදගත්. කෙසේ වෙතත් හදවතටත් ආබාධයක්‌ වැළඳුණ දින සිටම ක්‍රමානුකූලව තම දින චර්යාව පවත්වාගත යුතුයි. එතුළින් රෝගයේ භයානක තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.

අපි මේක තවත් විස්‌තර කරනව නම් හදවතේ රෝගය වැළඳුණු පළමු පැය 72 තුළදී රෝගියා ඇඳක්‌ මත සම්පූර්ණයෙන්ම විවේකීව සිටීම අනිවාර්යයි. මළ පහ කිරීම, මුත්‍රා කිරීම වැනි ශාරීරික අවශ්‍යතා ඇඳ මතම සිට කළ යුතු අතර එළවළු සුප්, කැඳ වතුර, පලතුරු යුෂ වගේ දියරමය ආහාරයක්‌ වෛද්‍යවරයකුගේ උපදෙස්‌ පරිදි ගත යුතුය. ඒවගේම මෙම කෙටි කාලය තුළ වෛද්‍යවරයා උපස්‌ථාදායකයෝ මෙන්ම ඖෂධයන්හිද නිරන්තර පාලනයක්‌ රෝගියා කෙරෙහි අනිවාර්යයෙන්ම යොමුවිය යුතුයි.

ඉන් පස්‌සේ මේ පැය 72 අවසන් වුණාට පස්‌සෙ හතරවන දිනයේදී රෝගියා හාන්සි පුටුවක වාඩිකරවූවාට වරදක්‌ නෑ. ඊට පස්‌සෙ මීටර දෙක තුනක්‌ උදේ හවස ආධාරකයක්‌ මාර්ගයෙන් ඇවිදින්න යොමුකළාට වරදක්‌ නෑ. ඒ වගේම ආහාරමය වශයෙන් දියර වර්ග සමඟ ජෙලි, බිස්‌කට්‌, පාන් පෙති දෙක තුනක්‌ දෙන්න සුදුසුයි. මෙයාකාරයෙන් පස්‌වන දිනය වන විට මුහුණ සේදීම, ආහාර ගැනීම වගේ එදිනෙදා කටයුතුවල යෙදීම රෝගියාට සුදුසුයි. ඊටත් පස්‌සේ දිනකට තුන් වතාවක්‌ වගේ ඇඳ වටේ ඇවිදීම වගේම ආහාර සඳහා තැම්බූ මාළු සහ එළවළු බත් පීරිසි භාගයක්‌ දීම එතරම් ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ.

හය වන දිනය වන විට රෝගියාගේ එදිනෙදා කටයුතු තවත් අයකුගේ ආධාරයෙන් කරන්න පුළුවන්. මේ කාලය තුළ මීටර් දහයක්‌ පහළොවක්‌ පමණ සෙමින් ඇවිදීම අහිතකර වෙන්නේ නෑ. නමුත් පඩි නැගීම, කඳු නැගීම වැනි වෙහෙසකාරි ක්‍රියාවල නොයෙදීමට වගබලාගත යුතුමයි.

මෙහිදී තුන්වැනි සතිය ආරම්භයත් සමඟ ඉතා සුළු සුළු වැඩ කළාට වරදක්‌ වෙන්නේ නැහැ. ඒ වගේම ගෙවත්තේ ඇවිදීම, සැහැල්ලු ආහාර ගැනීම ප්‍රශ්නයක්‌ නැතිවා වගේම තෙල් සහිත ආහාර ගැනීම හැකිතාක්‌ දුරට අවම කර ගත යුතුයි. මේ වන විට තනිව ක්‍රියාකළ හැකි වූවත් දිය නෑමේදී වතුර ඇදීම වැනි වෙහෙස ක්‍රියා මාස තුන හතරක්‌වත් යනතුරු ප්‍රමාද කළ යුතුමයි. මේ වගේ අවස්‌ථාවලදී තනිව ක්‍රියාකළ හැකි වූවත් ප්‍රවේශම් වීම ඉතාමත් හොඳයි. අනිත් කාරණය තමයි හෘද රෝගියෙක්‌ මඳ රස්‌නය තිබෙන වතුර පාවිච්චි කිරීම ඉතාමත් සුබදායකයි. හෘදයාබාද වැළඳී සති 10 ක්‌ 12 ක්‌ පමණ කාලෙකින් පස්‌සෙ එදිනෙදා කටයුතුවල සුපුරුදු පරිදි යෙදුණාට කමක්‌ නැත. මේ අතරතුර දිනපතා ව්‍යායාම වශයෙන් විනාඩි 20 ක්‌ 30 ක්‌ පමණ ඉක්‌මන් ගමනින් ඇවිදීම සුදුසු වුවත් ලොකු බරක්‌ එසවීම කොහොම වත් නොකළ යුතුයි.

අනික ඕනෑම අවස්‌ථාවක තම පපුවේ වේදනාවක්‌, බර ගතියක්‌ දහදිය දැමීමක්‌, කරකැවිල්ලක්‌, හුස්‌ම ගැනීමේ අපහසුතාවක්‌ තිබෙනවා නම් වහාම තමා කරමින් සිටිය කාර්ය නතර කර විවේක ගත යුතුයි. ඒ වගේම ඒ මොහොතේම හැකි ආකාරයකින් බෙහෙතක්‌ ලබාගැනීම ඉතාමත් යෝග්‍යයි.

මේ කාලය තුළ කළ යුතු කාර්යභාරයත් තමා තුළ ජීවත්වීමේ අරමුණ ස්‌ථිර කර ගැනීමත් යහපත් මානසික හා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීමත් තමා විසින්ම ඇතිකර ගැනීම ඉතාම ප්‍රායෝගිකයි.

ගොඩක්‌ වෙලාවට හදවත් රෝගියෙක්‌ මානසිකව වැටෙන්න එතරම් කාලයක්‌ ගත වෙන්නේ නැහැ. මේකට තවත් එක හේතුවක්‌ තමයි සමාජයෙන් මතුවන ආකල්ප. ඒ ආකල්ප කිසිවක්‌ සිතට ගත යුතු නැහැ.

මම මෙහිදී බටහිර වෛද්‍ය විද්‍යාව ගැන ගුණදොස්‌ විවේචනයක්‌ කරන්නේ නැහැ. ඒකට අපට ඇඟිල්ල දික්‌කරන්න අයිතියකුත් නැහැ. කොහොම වෙතත් එම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අපහසුය කියූ රෝගීනුත් අපේ ඖෂධවලින් තවමත් ජීවත් වෙලා ඉන්නවා.

මෙහෙම මම කියන්නෙ සැත්කම් නොකර හදවත් රෝග අපට සුවකරන්න හැකියාවක්‌ තියෙන නිසා. අනික මෙහෙම ප්‍රකාශයක්‌ ස්‌ථිරවම කරන්නෙ මගේ හැකියාවට වඩා අපේ පරපුරේ තිබෙන මේ රහස්‌ ඖෂධවල බලවත් බව නිසා.

මට මතකයි මම පුංචි සන්දියේ මගේ අප්පච්චි සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරනවට අමතරව හදවත් රෝගවලට ප්‍රතිකාර කරල ලබපු සතුට. ඒවගේම සුවවෙච්ච රෝගීන් කියපු කතා. ඒ වගේ සනීප වුණු කිහිප දෙනෙක්‌ අදටත් මේ ප්‍රදේශයේම ජීවත් වෙලා ඉන්නවා. එදා මගේ අප්පච්චිට දක්‌වපු සැලකිල්ල ගෞරවය අද මටත් ඒ ඇත්කො දක්‌වන්නෙ මේ ප්‍රතිකාරවල තිබුණු නිවැරදි බව නිසා.

මීට වසර කිහිපයකට පෙර මේ දේශීය වෙදකමට නොයෙක්‌ දොaෂාරෝපණ ආවා. නමුත් ඒ දොස්‌ නගපු අය දැන් මේකෙ තිබෙන බලවත් බව සහ මෙහි තිබෙන අව්‍යාජත්වය මැනවින් තේරුම්ගෙන තිබෙනවා. එමෙන්ම අපි හැමදාම ඒ විශ්වසනීයත්වය තහවුරු කරගෙන තමයි ප්‍රතිකාර කරන්නෙ.

දැන් අපි හදවත් රෝගයක්‌ වැළඳෙන්නෙ කොහොමද ඒ හදවත් රෝගියා ගැන සැලකිලිමත් වන්නේ කොහොමද කියල පැහැදිලි කළා වගේම අපි ඉහතින් කියපු මාස ගණන් ගතවුණාට පස්‌සේ කළයුතු දේ ගැනත් විස්‌තරයක්‌ කළොත්?

අපි හිතමු ඒ රෝගියාට දැනට මාස 10 ක්‌ දොළහක්‌ ගතවෙලා ඉවරයි කියලා. ඉන්පසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත තමන්ගේ රැකියාවට යනව නම් අවස්‌ථාව තියෙනවා. ඒ වුණත් ගතට සිතට තද වෙහෙසකාරී රැකියාවක්‌ කරනවා නම් ඒව ටිකක්‌ සැහැල්ලු කර ගත යුතුයි.

හෘද රෝගියකුගේ ආහාර පාලනය ගැන යමක්‌ කිව්වොත් මම අතුරු ප්‍රශ්නයක්‌ අසමින් වෛද්‍යවරිය දෙස බැලීමි.

මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්‌. විශේයෙන්ම හදවත් රෝගියෙක්‌ තම ආහාර වේල පාලනය කළ යුතුමයි. මෙතෙන්දී බටර්, තෙල්, මාගරින්, සොසේජස්‌ වගේම පේස්‌ටි්‍ර වර්ග, කේක්‌, පුඩින්, වටලප්පන් වැනි ආහාරවලින් හැකිතාක්‌ වැළකිලා හිටියොත් හොඳයි. ඒ වගේම අධික තෙල් සහිත හරක්‌ මස්‌, ඌරු මස්‌ සම්පූර්ණ යොදය සහිත කිරි චීස්‌, බිත්තර, කහමදය ආදිය හොඳම නැහැ. නමුත් මේද රහිත පිටි වර්ග, කහපැහැති, එළවළු වර්ග ඒ කියන්නෙ කැරට්‌, වට්‌ටක්‌කා, පලාවර්ග සුදුසුයි. පලතුරු කෑවාට වරදක්‌ නැහැ.

ධාන්‍ය වර්ග ආහාරයට එක්‌කර ගත්තාට වරදක්‌ නැහැ. ඒත් කජු, රට කජු වැනි අධික මේද ඇට වර්ග ආහාරයට නොගත යුතුයි. ඒ වගේම සුදු පැහැති සහල් වෙනුවට නිවුඩු සහල් හෝ කුරක්‌කන් හිතකරයි. ව්‍යාජංන සඳහා සුදුළුණු බාගෙට තම්බා කෑම ඉතාමත් හොඳයි. බිත්තර සුදු මදය, කඩල, මුං, කවුපි, පරිප්පු, සෝයා ආහාරයට ගත්තට වරදක්‌ නැහැ.

මෙහිදී පැණිරස ආහාර අවම කළ යුතුයි. මේ කොහොම වෙතත් බඩ තද වෙනකම් කෑම නම් එතරම් හොඳ නැහැ.

සියල්ල සාවදානව අසා සිටි මා තවත් ඇසිය යුතු ප්‍රධාන කාරණාවක්‌ රෝගීන්ගේ සුව සෙත සඳහා ඇසිය යුතුයෑයි සිතමින් මෙවැනි රෝගියකු ලිංගික ජීවිතය ගතකරන්නේ කෙසේ දැයි ඇසීමි.

ඒකට කලබල වියයුතු නැහැ. සාමාන්‍යයෙන් සති හතක්‌ අටක්‌ ගියපුවාම ලිංගිකව හැසිරීම් වරදක්‌ නොවුණත් වෛද්‍ය උපදෙස්‌ නොතකා බර ආහාරයක්‌ ගත්තාම විශේෂයෙන් මත්පැන් පානය කළවිට, ඒ වගේම ශරීරයට අධික වෙහෙසක්‌ දැනුණු අවස්‌ථාවක ලිංගිකව හැසිරීම්වල නොයෙදිය යුතුයි.

මේ රෝගීන්ගේ ප්‍රතිකාර විධි ගැන කතා කළොත් මම තවත් ප්‍රශ්නයක්‌ අසමින් අපේ සාකච්ඡාවට සමුදීමට අදහස්‌ කළෙමි.

ප්‍රතිකාර ගැන කතාකරනවාට වඩා ප්‍රතිකාර කිරීම තමයි ඉතාම වැදගත්. මේ කාර්යයේදී අපි ළඟ තිබෙන රහස්‌ ඖෂධ ඉතාමත් ප්‍රායෝගිකයි. මේව ගැන විස්‌තර කරනවාට වඩා එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරල සුවයක්‌ ලබාදීම තමයි වැදගත් තමරා ප්‍රියන්ති මංගලිකා වෙදැදුරුවරිය සිනාසෙමින් පැවැසුවාය.

අවසාන වශයෙන් ඔබ මෙවැනි හදවත් රෝගියකුට දිය යුතු අවවාදය ගැන පැහැදිලි කළොත්.

හදවත් රෝගියෙක්‌, බටහිර හෝ දේශීය වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නවානම් වෛද්‍යවරයාටම සියල්ල පවරන්නේ නැතිව තමාත් ඉතාමත් වගකීමෙන් හා සැලකිල්ලෙන් ඊට මුහුණ දිය යුතුමයි. කෙසේ වෙතත් කිසිම සැත්කමක්‌ නොකර මේ වගේ රෝගීන් සුවපත් කිරීමට අපට හැකියාවක්‌ තියෙනවා කියන එක කිව යුතුමයි.
විමලසිරි අගලකඩ

කුස්වල වෙද හාමුදුරුවන්ගේ විශ්ව කර්ම ප්‍රතිකාර

හෙළ වෙදකම ආශ්චර්යමත්ය. නිදුකින් ජීවත්වෙන්නටත් දීඝායුෂ ලබන්නටත් හේතුවන්නකි. එසේ වන්නට නම් එය හරියට ඉෂ්ඨ සිද්ධ විය යුතුය. වෙදකම වෙළඳාමක් හෝ බාල ලෙස වුණොත් ඒ පිළිබඳ වන විශ්වාසය බිඳ වැටේ. විශ්වාසය රැකගෙන වෙදකම් කරන පිරිසද අතලොස්සකි. වැඩිදෙනා
 
වෙදකම ජීවත්වීම පිණිස පෙරළාගෙන තිබේ. තෙලක් හින්ද ද ගුලි කල්ක හැදුවද අවශ්‍ය ඖෂධ වට්ටෝරු දුර්වල කර සකස්වේ නම් වෙදකම බාලවෙයි.
අද බොහෝ තැන්වල මේ තත්්ත්වය දැකිය හැකිය. ලෙඩකට ප‍්‍රතිකාර සොයන රෝගියෙකුට බොරුවක් කර බලාපොරොත්තු වන ”කාසි” වලින් වටිනාකමක් නැත. පළමුව ලෙඩාගේ නිරෝගීභාවය ගැන සිතිය යුතුය. දෙවැන්න වෙදදුරු විශ්වාසවන්තයෙක් විය යුතුය.

නමට පෝලිමේ යනවාට වඩා සැබෑ වෙදකම සොයා යාමට කවුරු කවුරුත් උනන්දු විය යුතුය. වෙදකමේ අක්මුල් සොයා යන චාරිකාවක සුවිශේෂී තැනෙක අපි නතර වෙමු. ඒ රටක් ලොවක් හඳුනන කුස්වල වෙදහාමුදුරුවෝය. ඇතැම් විට මීට පෙර ඔබ කුස්වල හාමුදුරුවන් ගැන අසා ඇත. නමුත් දන්නා තොරතුරුවලට වඩා නොදන්නා තොරතුරු බොහෝය. කුස්වල වෙද හාමුදුරුවන්ගේ අපූරු වෙදහාස්කම් අද පටන් කියවමු.

කවුද මේ කුස්වල වෙද හාමුදුරුවෝ...

උන්වහන්සේගේ පැවිදි ජීවිතය දශක පහක් එහාට දිවේ. දඹුල්ල ඇලගමුව දෙහිප්පා රජමහා විහාරයේදී කුස්වල හාමුදුරුවෝ පැවිද්ද ලබා ඇත. මහඇලගමුවේ ලංකානන්ද නමින් පැවිද්ද ලැබූ උන්වහන්සේ දෙහිප්පාවේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙකි.

මහඇලගමුවේ ධම්ම සිද්ධි උතුරු මධ්‍යම දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් සහ ආඬියාගල ධම්මරක්ඛිත නුවර කලාගම් දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් කුස්වල හාමුදුරුවන්ගේ පැවිදි ආචාර්යවරු වෙති. ඒ දෙනමම උන්වහන්සේගේ ගිහි ඥාතිහු වෙති.

ධම්මසිද්ධි නාහිමියන් සහ ධම්මරක්ඛිත නාහිමියන් දෙපළම පරම්පරා වෙදකමට දක්ෂයෝය. උන්වහන්සේලාට පෙර භික්ෂු පරම්පරාවද වෙදකමෙහි හසල දැනුමැත්තෝ වූහ. ඇලගමුව වෙදකම නූතනය දක්වා ගලා එන්නේ මෙපරිදිය. ඇලගමුවේ පාරම්පරික වෙද ඉතිහාසය සොයා බැලූවොත් අවුරුදු හත් අටසීයකට එහා රජ කාලය දක්වා ඉතිහාසයක් පවතී.

කුස්වල වෙද හාමුදුරුවන්ගේ මවුපියන්ද පාරම්පරික වෙදුන්ය. උන්වහන්සේගේ මව ඇස් වෙදකමට දස්කම් පෑ බව අපට ආරංචි විය. හාමුදුරුවන්ගේ පියා ගමේ වෙදමහතා විය. ඔහු ගමේ උදවියට වෙදකම් කළ අතර ඒ සඳහා මුදල් අපේක්ෂා කර නැත. එබැවින් ගම්මු එකතු වී වෙදමහතාගේ කුඹුර අස්වද්දා දුන් බව වෙද හාමුදුරුවෝ අතීතය සිහි නංවති. එදා සුවහසක් වන්නියේ ජනයාට සුවය සැදු ඇලගමුවේ වෙදකම අද රට ලොවකට සුවය සැදීමට මාවත හදා තිබේ. ඒ සඳහා කුස්වල වෙද හාමුදුරුවෝ පසුබිම නිර්මාණය කොට තිබේ.

සර්ප විෂ, ඇස් රෝග, පිළිකා, කැඩුම් බිඳුම්, ආමාශ ගත රෝග, මානසික රෝග, අර්ශස්, කුෂ්ඨ රෝග, හිසේ රෝග, ක්ෂය රෝග, පෙනහළු, වකුගඩු රෝග, ආබාධිත අය, හදවත් සැත්කම් අසාර්ථක වූවන්, නිදන්ගත රෝගීන් ආදී සර්වාංග රෝග රැුසකට කුස්වල හාමුදුරුවෝ දක්ෂය. විශේෂයෙන් රෝහල්වලින් හා වෛද්‍යවරුන් සුව නොකළ හැකි යැයි අතහැර දැමූවන් බොහෝදෙනෙක් අද යළි ජීවිතය ලබා සිටිති. සතුටින් රැුකියාවන්හි යෙදෙති.
‘‘අද ගොඩක් මිනිස්සු පරම්පරා වෙදකම ගැන විශ්වාසයක් නැතුව නෙමෙයි. නමුත් කාලය ඉතිරිකර ගන්නත්, පහසුවත්, හොයාගෙන බටහිර බේත් පෙත්තක් ගිලදාල නිකන් ඉන්නවා. පැරණි දේශීය වෛද්‍යවරයා ළඟට එනවා අඩුයි. බටහිර ප‍්‍රතිකාර පිළිබඳව මගේ අදහස නම් තවත් අතුරු ආබාධ රැුසකට මග පෑදීමක්. මම උදාහරණයක් කියන්නම්. ක්ෂය රෝගයට දේශීය ප‍්‍රතිකාර තියෙනවා. නමුත් වැඩිදෙනා දුවන්නෙ බටහිර බේත් කරන්න. ක්ෂය රෝගයට ඉංග‍්‍රීසි බේත් බිව්ව ගමන් බොහෝවිට බඬේ තුවාල ඇතිවෙනවා. නැත්නම් වෙනත් ආබාධයක් ඇතිවෙනවා. බටහිර ප‍්‍රතිකාර ක‍්‍රමයේ තත්ත්වය  ඕකයි.

දැන් බලන්න, අපේ සිංහල වෙදකමේ ඉතිහාසය කල්පනා කරලා. ඉංග‍්‍රීසි වෛද්‍ය ක‍්‍රමය එන්න කලින් අප කළේ අපේ පරම්පරා වෙදකම. අනුරාධපුර, පොලොන්නරු යුගවල පැරණි ආරෝග්‍ය ශාලා නටබුන් හමුවෙනවා. බේත් ඔරු, බේත් කොටපු වංගෙඩි, ඔය හැම තැනම තියනවා. මේ දේ කියන්නෙ අපේ පරම්පරා වෙදකම ගැනයි.

ඉතිහාසයේ දරුණු යුද ගැටුම් තිබුණා. එළාර - දුටුගැමුණු යුද්ධය වගේ සටන් වාර්තා වෙනවා. ඒවයින් තුවාල ලැබූ අයට ශල්‍යකර්ම කළේ බෙහෙත් කළේ පිටරට ගෙනිහින් නොවෙයි. අපේ වෙදකමින්.

එදා විතරක් නෙවෙයි, අදත් අපේ පරම්පරා වෙදකම මහා බලසම්පන්නයි. තිරසාරයි. සෞඛ්‍ය සම්පන්නයි. ඇලගමුව වෙදකමින් මා මේ බව ඔප්පු කරල තියනවා.  ඕනෑම දරුණු ලෙඩෙක් හොඳ කරලා ඔප්පු කරලත් පෙන්වන්නම්. එකම දේ මිනිස්සු වෙදකම ගැන තියන පසුගාමී හැඟීම. නිසි තැන වෙදකමට ලැබිලා නෑ. හැබැයි හරියට වෙදකම ලබලා හොඳ වුණ අය කියයි හරි දේ කොතනද කියලා. මේ රටේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයක් තියනවා. හොර බොරු නැතුව හරියට වෙදකම කරන වෙද පරම්පරා සහ වෙද මහත්වරුන් 50 x 60 ක් ලංකාවෙ ඉන්නවා. ඒ මුවාවෙන් අමාත්‍යංශය ගෙනියනවා. තේ, කෝපි, ගම්මිරිස්, වගාවට රජය මිනිස්සු පොළඹවනවා. ඒත් බේත් පැළෑටියක් වවන දේකට මිනිස්සු පොළඹවන්නෙ නෑ. සහනාධාරයක් දෙන්නෙ නෑ.




දේශීය ඔසු උයනක් කරන්න ගියොත් ඒකට පුළුවන් තරම් අකුල් හෙළනවා. ඉතින් දැන් අපට ඉන්දියාවෙන් බෙහෙත් නිෂ්පාදන ගෙන්නන්න වෙලා තියනවා. මේකෙන් කියන්නෙ ලංකාවෙ තෙල්, බේත් හදන්නෙ නෑ කියන එක නොවෙයි. නියම විදිහට ඖෂධ වට්ටෝරු අනුව සකස් කරපු බේත් ඉන්දියාවෙන් ගේන්න වෙලා. ඉතින් වියදම වැඩියි. ඖෂධ පැළෑටි වගාවට දැන් රජය අනුග‍්‍රහය දෙන්න කාලෙ ඇවිත්.

කුස්වල වෙද හිමියන්ගෙන් ප‍්‍රතිකාර ගන්නට සිය ගණනක් පිරිස සීදුව, රද්දොළුගම, කුස්වල පන්සලේ ධර්මශාලාවේ පෝලිමේ සිටිති. ඒ සියලූදෙනාට පරම්පරා වෙදකම ගැනත්, ඇලගමුවේ වෙදකම ගැනත් විශ්වාසය ඇති බව පෙනේ.

දැන් කොහොමද පිළිකාවෙ තත්ත්වෙ
හොඳයි.. අත පොඞ්ඩක් උස්සන්න අමාරුයි ආ... ඒක පොඩි දෙයක්. මම බේත් ටික ලියනවා. ඒකෙන් තවා ගන්නවා හොඳයි.
දරුණු පිළිකාවකින් පෙළුණු අවුරුදු 55 ක පමණ වයසේ කාන්තාවකට උන්වහන්සේ උපදෙස් දෙයි. ඇගේ පිළිකාව වෙදකම් වලින් සුවය ලබා ඇති බව අපට හැෙඟ්. ඇවිද යන්නට බැරි රෝගීන්, දරුණු පිළිකා රෝගීන්, මානසික ආබාධ රෝගීන්, ආදී විවිධාකාරයේ රෝගීන්ට උන්වහන්සේ ලියන්නේ එක්කෝ තෙල් වර්ගයකි. නැත්නම් ගුලි වර්ගයකි. කල්කයකි, කසායකි.  ඕනෑම දරුණු ලෙඩක් කොහෙන් ගියාදෝ නැති තරමට හොඳ අතට හැරෙයි. රජ පරම්පරාවේ ඇලගමුවේ වෙද රහස්වල විශ්මය කුස්වල වෙද හාමුදුරුවන්ගෙන් ඔබට උගත හැකිය.

දරුණුයි කියන හැම රෝගයම සීයට සීයක් සනීප කරන්න පුළුවන් කමක් නෑ. එහෙම කියනවා නම් ඒක විහිළුවක්. බටහිර වෙදකමේ පාලනය කරගෙන දිගටම බේත් විඳිමින්, නොයෙක් දුක් දෙමින් පාලනය කරවන රෝග අපි හරිම සරලව ඊට වඩා හොඳට පාලනය කරවනවා. දරුණුම පිළිකා රෝග තියන අය පිළිකාවක් නැතිවා වාගේ පාලනය කරනවා. බටහිර වෙදකමේ පාලනයක් කළ යුතුයි කියන සමහර රෝග මම සීයට 100 ක් හොඳ කරනවා. බටහිර වෛද්‍යවරු කළ නොහැකියි අතහැර දාපු රෝගීන්  ඕනෑ තරම් මා නිරෝගීව ජීවත් කරවල තියනවා. බටහිර වෙදකමේ තියන එම්.ආර්.අයි.සීටී ස්කෑන්, ලේ, මුත‍්‍රා පරීක්ෂණ මාත් බලනවා. මුලදී ඒවයේ ප‍්‍රතිඵල හා වෙදකමින් පසුව ප‍්‍රතිඵල රෝගියාටම බලාගන්න පුළුවන්. සැකේට වෙදකම කරල දෙන්නම  ඕනැ නෑනෙ  යැයි කුස්වල නායක හාමුදුරුවෝ පවසති.




උන්වහන්සේ හමුවිය හැකි තැන් - රද්දොළුගම මුතුවාඩිය කුස්වල පන්සල හා පේරාදෙණිය පරණ පාර, මුල්ගම්පල කුස්වල බෙහෙත් ශාලාව ලිපිනයෙන් විමසීම් කළ හැකිය.

 2014 මාර්තු මස 27 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

දේශීය සිංහල වෙදකම සහ ප්‍රතිකාර තොරතුරැ

Wedha gedhara 2014 06 28  පිත්තාශ/මුත්‍රාශ/කේථාශ ගල් ඉවත් කිරීම

Wedha gedhara 2014 06 21  ඇසේ මස් දළු ඉවත් කිරීම

Wedha gedhara 2014 06 14  කොදු නාරටිය හා සම්බන්ධ ආබාද

Wedha gedhara 2014 06 07  මානසික රෝග ප්‍රතිකාර

Wedha gedhara 2014 05 31  කුෂ්ඨ රෝග / චර්ම රෝග

Wedha gedhara 2014 05 24  අංශභාග රෝග ප්‍රතිකාර

Wedha gedhara 2014 05 10  සන්ධි/කැඩුම් බිඳුම් වෙදකම

Wedha gedhara 2014 05 03  දැවුම් පිලිස්සුම් වෙදකම

Wedha gedhara 2014 04 26  හදවත් රෝග වෙදකම

Wedha gedhara 2014 04 19  සන්ධි වාත රෝග සඳහා ප්‍රතිකාර

Wedha gedhara 2014 03 29
  හෘද රෝග ප්‍රතිකාර

Wedha gedhara 2014 03 22
  ස්නායු රෝග ප්‍රතිකාර

Wedha gedhara 2014 03 15
  කුෂ්ඨ රෝග ප්‍රතිකාර

Wedha gedhara 2014 03 01
  ජල භීතිකා/පිස්සු බලු රෝග ප්‍රතිකාර

Wedha gedhara 2014 02 22
  ගැස්‌ට්‍රයිටිස්‌ අම්ල පිත්ත ආමවාත රෝග ප්‍රතිකාර

Wedha gedhara 2014 02 15
  කැඩුම් බිඳුම් වෙදකම

Wedha gedhara 2014 02 08
  ස්නායු රෝග/නිල වෙදකම/සර්ප වෙදකම

Wedha gedhara 2014 01 18
  ස්ත්‍රී රෝග ප්‍රතිකාර

Wedha gedhara 2013 12 06
  අර්ශස් රෝග ප්‍රතිකාර
  
Wedha gedhara 2013 11 29  ගගුලේ ඇස් වෙද ගෙදර

Wedha gedhara 2013 11 22
  ආතරයිටිස් / ආමවාතය

Wedha gedhara 2013 11 08
  තරබාරැ භාවයට ප්‍රතිකාර

Wedha gedhara 2013 11 01
  සුදු කබර පොතු කබර සඳහා ප්‍රතිකාර

Wedha gedhara 2013 10 11  හෘද රෝග ප්‍රතිකාර

Wedha gedhara 2013 10 04
  අංශභාග රෝග ප්‍රතිකාර

Wedha gedhara 2013 09 27
  දරැ ඵල සඳහා ප්‍රතිකාර

Wedha gedhara 2013 09 20
  පිලිකා රෝග ප්‍රතිකාර

Wedha gedhara 2013 09 13
  කැඩුම් බිඳුම් වෙදකම

Wedha gedhara 2013 08 30
  කැඩුම් බිඳුම් වෙදකම

Wedha gedhara 2013 08 23
  අත පය සිහින් වීම/ස්නායු රෝග වෙදකම

Wedha gedhara 2013 08 09  කටු චිකිත්සාව

Wedha gedhara 2013 08 02  ආතරයිටිස් / ආමවාතය*

Wedha gedhara 2013 07 26  පිත්තාශ/මුත්‍රාශ/කේථාශ ගල් ඉවත් කිරීම*

Wedha gedhara 2013 07 19  නිල වෙදකම / ස්නායු රෝග*

Wedha gedhara 2013 07 12  පීනස් රෝගය

Wedha gedhara 2013 07 05  සන්ධි ඉදිමීම / ආතරයිටිස්

Wedha gedhara 2013 06 21  පිලිකා රෝග ප්‍රතිකාර

Wedha gedhara 2013 06 14  කුෂ්ඨ රෝග / චර්ම රෝග*

Wedha gedhara 2013 06 07  මානසික රෝග සඳහා වෙදකම්

Wedha gedhara 2013 05 31  හර්ද රෝග

Wedha gedhara 2013 05 17  දැවුම් පිලිස්සුම් වෙදකම

Wedha gedhara 2013 05 10  අස්ථි බද්ධ කිරීම / අස්ථි දිරීම

Wedha gedhara 2013 05 03  ගැස්‌ට්‍රයිටිස්‌*

Wedha gedhara 2013 04 26  කහ උන / සෙංගමාලය / හෙපටයිටිස්

Wedha gedhara 2013 04 19  ගෙඩි වන සහ සර්වාංග වෙදකම

Wedha gedhara 2013 04 05  පිළිකා රෝගයට ප්‍රතිකාර

Wedha gedhara 2013 03 29  ආතරයිටිස් / ආමවාතය

Wedha gedhara 2013 03 22  සන්ධි/කැඩුම් බිඳුම් වෙදකම*

Wedha gedhara 2013 03 15  වාත රෝග

Wedha gedhara 2013 03 01  සර්ප වෙදකම


Wedha gedhara 2013 02 22  වකුගඩු රෝගය

Wedha gedhara 2013 02 15  ගගුලේ ඇස් වෙද ගෙදර


නහර ගැට ගැසීමේ රෝගයට ප්‍රතිකාර
..

කෙහෙල්ඇල්ලේ වෙදමහත්තයාට කතා කරන්න 

077 6094495 - 055 2222208


සඳුන් කෝට්ටේආරච්චි වෙදමහතා,
සඳුන් වෙද මැදුර,
285/17, නා ගහ කුඹුර පාර,
පාම්වත්ත, උඩුපිල, දෙල්ගොඩ.
සෙනසුරාදා පෙ. 8 සිට රාත්‍රී 12 දක්වා
ඉරිදා දිනවල දී
25, ඇන්ඩසන් පාර, වැල්ල වීදිය,
මීගමුව.
දුරකථන. 0094 774135584
වසන්ත. 0094 773555538
සෙසු දිනවල නිකවැරටිය වෙද මැදුර


හොරිවිල වෙද මහාතා
 
හොරිවිල වෙද මහාතාගේ බාලපුත් ශාන්ත සෙනවිරත්න මහතා  සෑම සෙනසුරාදාවකම කොළඹ ආමර් විදියේ  සමුපකාර රෝහලේ දැන් ප්‍රතිකාර කරනු ලබයි. ඉතාම සහන මිළකට ප්‍රතිකාර කරන බව රෝහල් පරිපාලන අංශ කියයි වෙද මහතා සම්බන්ධ විය හැකි දුරකතනය- 0777 039324

අරළු
 
 
අත්තන

කඳුලැස්ස (දුලභ ඔසු තොරතුරු)
 
 
සමදරා ශාකය Quassia Indica (Samadara)

සෙම හා වාතය සමනය කිරීමේ ඖෂධීය ගුණයෙන් සතු 
නිල් අවරිය ශාකය වේදනා නාශකයකි

වැනිලා... රසය හා ගුණය

කැකුණ (Conarium Zeylanicum-Kekuna)

කරල් හැබ (Cyathula Prostara)

අස්වැන්න (ශාලපර්ණි ඔසු ගුණ එලෙසම ඇති ප්‍රතිනිධිය)

මුව කීරිය
..

විෂ්ණු ක්‍රාන්ති 
..

'ගලිස්'
..

වල්ලා පට්ටා
..

හීන් බෝවිටියා
..
බල ජව සවිය වැඩුමට ඔසු ගුණ බලලා.... 
කොළ කැඳ බොන්න කොට දිඹුලා මුසු කරලා
..
හීන් කරඹ
..

ඉරිවේරිය මහඟු ඖෂධීය ගුණ
..
මී මැසි ජනපද
..

තෙබු....(kobu)
..

කසඹිලියා හෙවත් කහඹිලියා
..

අඬනහිරියා
..






free counters