අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

දේශීය නාඩි වෙදකමේ විස්මය

මේ වෙදැදුරුතුමන්ව හඳුන්වන්නේ නාඩි වෙද මහත්තයා කියලා..ඉන්නේ අනුරාධපුරේ.. මෙතැන ප්‍රතිකාර ක්‍රම හා ලෙඩේ පිළිබඳ නිගමනයන්ට එන්නේ අසාමාන්‍ය ක්‍රමයකට යි.. අපි ගිහින් වෙද මහතා ළඟ ඉඳගන්න පමණයි තියෙන්නේ.. අපේ මැණික් කටුව ළඟින් ඔහුගේ ඇගිලි තබාගන මිනිත්තු කීපයක් අල්ලගන ඉන්න වෙදමහත්තයා නාඩි පරික්ෂණයක නිරත වෙනවා.. ඉන්පස්සේ අපිට ඇති රෝගී තත්ත්වයන් පවසාගන යන්නේ  රෝගියාව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින්.. බටහිර ක්‍රමයට දින ගණනාවක් පරීක්ෂණ කරමින් සොයාගත් දෑ ඔහු මිනිත්තු දෙක තුනක් ඇතුළත කියවාගන යන්නේ හාස්කමකින් වගේ..

අපේ රුධිරයේ සීනි ප්‍රමාණය කොලස්ටරෝල් ප්‍රමාණය වගේම හදවත් ලෙඩ පවා අප මවිතයට පත් කරමින් ඔහු පවසන්නේ නාඩි ශාස්ත්‍රයෙන්.
මෙතැනට ඇවිත් හිටි බොහෝ දෙනෙක් බටහිර ප්‍රතිකාරවලින් ශල්‍යකර්මවලට තීන්දු වූ අය..ඒ බොහෝ දෙනෙක් කියන්නේ දැන් ඒ ශල්‍යකර්ම අවශ්‍ය නැතැයි එම වෛද්‍යවරුම පවසන බවයි..

මේ වෙදමහත්තයාගේ 
නම එස් එස් ගුණවර්ධන 
ලිපිනය නො.172 මාර්කට් පෙදෙස, අනුරාධපුරය.. 
දුරකතන අංකය. 0252223128

මා මේ විස්තරය දැම්මේ කාට හෝ අවශ්‍යතාවක් තිබේනම් ප්‍රයෝජනවත් වේවි කියන අදහසින්. මා මෙසේ කීවාට ඔබ යන්නේ නම් තව විස්තර සොයා බලා යන්න..කොහොමත් යන්නට පෙර අංකයට කතාකර වෙලාවක් වෙන්කරගන යන්න. 

අනුරාධපුර ප්‍රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර

හොරිවිල පාරම්පරික හෙළ වෙදකමේ තෙවන පුරුක

ආයුර්වේද වෛද්‍ය එස්.එම්.එන්. ප්‍රසාද් සේනානායක
කැඩුම්,බිඳුම් වෙදකම පිළිබඳව කතා කරන විට අනුරාධපුර ප්‍රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර වෙද මහතා අපට සිහිපත් වන්නේ නිතැතිනි.
Horivilaහබරණ  හොරිවිල පදිංචිව සිටි එස්.එම්. හේරත්හාමි (හොරිවිල වෙද මහතා) කැඩුම් බිඳුම් වෙදකමේ පාරම්පරිකව සිට ආ නිපුනයෙකි.
‘සීයා වෙදකම් කරනවිට  මගේ පියා ඔහු සමග නිරන්තරයෙන්ම සිටියා මට මතකයි‘
1983 ආර්. ප්‍රේමදාස මහත්මයා ගම් උදා වැඩ සටහන යටතේ දොම්පේ ‘වෙදගම’උදාකළ ගම් නිර්මාණය කර දීලා අපේ සීයා කැඳවලා හොරිවිල වෙදකම සියනෑවටත් ගේන්න කියලා උපදෙස් දුන්නා”
 හොරිවිල වෙදමහතාගේ පුත්‍ර වෛද්‍ය එස්.එම්.එන් ප්‍රසාද් ඒකනායක මහතා තම සීයා ගැන එසේ කියයි.
“එවකට දොම්පේ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ සරත්චන්ද්‍ර රාජකරුණා, මහත්මයා මේ පිළිබඳව මූලිකව කටයුතු කරලා කිරිඳිවැල වෙදගම උදාගමෙහි හොරිවිල කැඩුම් බිඳුම් වෙද ගෙදරක් නිර්මාණය කළා.
පසුකාලයේ සීයා වෙදගම වෙදගෙදර මගේ පියාට පවරා දුන්නා. සීයා හොරිවිල වෙද ගෙදර පවත්වා ගෙන ගියා.  88 වසරේ මගේ සීයාගේ වියෝවින් පසු මගේ පියාගේ සහෝදරයා හොරිවිල වෙද ගෙදර පවත්වාගෙන යනවා”. 
වෛද්‍ය ප්‍රසාද් සේනානායක ගුරුතලාව ශාන්ත තෝමස් විදුහ‍ලේ අ.‍පො.ස. (ස.පෙළ) සමත්ව අනතුරුව උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළුවිය.
2000 වසරේ තම සීයාගෙන් හා තම පියාගෙන් ලත් ආයුර්වේද වෙදකමට දැක් වු නොමද ආශාව නිසා ඔහු ආයුර්වේද වෙදකම ඉගෙන ගන්නට ඉන්දියාවේ නව දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුළුවිය. 
වසරක් එහි භාෂාව පිළිබඳව හසල ලෙස ඉගෙන 2001 සිට 2007 දක්වා ආයුර්වේදය උගන්නේය.
එහිදී ඔහු යෝග සහ පංචකර්ම ශ්‍රාස්ත්‍රයන්ද ප්‍රගුණ කළ අතර සර්වාංග වෙදකමද ආයුර්වේදයේ සියලු ශාස්ත්‍රයන් ඉගෙන ආයුර්වේද උපාධිය ලබාගෙන ඇත.
ප්‍රසාද් සේනානායක 2008 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තම පියා සමග කිරිඳිවැල වෙදගම කැඩුම් බිඳුම් වෙද ගෙදර කටයුතු කරයි.
පාරම්පරිකව ලබාගත් කැඩුම් බිඳුම් වෙදකම හා තමා භාරතයෙන් ලද ආයුර්වේදයේ තවත් ප්‍රතිකාර ක්‍රමවේද රැසක් ද උපයෝගී  කරගනිමින් වටිනා හෙළ ඔසු නිෂ්පාදනය කිරීමටද ඔහු දැන් පියවරගෙන ඇත.
මේ හේතුව නිසා අද වන විට වෙදගම වෙදගෙදරට ප්‍රතිකාර ගැනීමට එන රෝගීනට කැඩුම් බිඳුම් වෙදකම පමණක් නොව ස්නායුරෝග, කටී වායුරෝග, දියවැඩියා, මුත්‍රාශය ආශ්‍රිත , අර්ශස් රෝග ආත්‍රරයිටිස් යන සියලු සර්වාංග රෝගවලටද ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබි ඇත.
ප්‍රසාද් සේනානායක වෙද මහතා භාරතයේ අධ්‍යාපනය හදාරන කාලයේ සිට අත්හදා බැලීම් උපයෝගී කරගනිමින් ඔහු හෙළ ඔසු රැසක් 
නිෂ්පාදනය කරයි ඔසු නිමා ලියාපදිංචි නාමය යටතේ සන්ධි තෛලය, සන්ධි‍ලේපය, 
හිස්රෝග සඳහා පීනස් තෙල්, මෙරමිප්ලස්, මුත්‍රා ගල් පැණිය, සහ පිරිසිදු තේකොළ සමග මුසුකළ හෙළඔසු ක්ෂාරය මගින් ක්ලොස්ටරෝල් දියවැඩියාව හා (ග්‍රැස්ට්‍රයිටිස් (ආමාශයේ ආම්ල ගතිය)) නිවාරණය කිරීමේ මහඟු බලයක් දෙන හෙළ නිපැයුම් රැසක් හෙළ ඔසු යොදා ගනිමින් නිෂ්පාදන කෙරේ. ඔහු විසින් නිෂ්පාදනය කෙරෙන ඔසු නිෂ්පාදන ඔහුගේම තනි අධික්ෂණය මත සිදුවන බැවින් ඒවායේ ගුණදායක තත්ත්වය විශ්මිත බව ඔහු සඳහන් කරයි.
බෙහෙත් වර්ග 180Horivila1 ක් හා තෙල් වර්ග 6ක් උපයෝගි කර ගනිමින් පැරණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිපදවන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ලත්  එකම ‘සන්ධිතෙල’ නිපදවන්නේ ප්‍රසාද් සේනානායක මහතාගේ ඔසුනිමා 
ඖෂධාලයයි.
සියලු වාත වේදනා, වාත රෝග කටී වාතය, නිතර පවතින බෙල්‍ලේ රුදාව වැනි සියලු ඒ ආශ්‍රිත රෝග සඳහා සන්ධි තෙල ඉතා ගුණදෙන ඔසුවක් බව ඔහු පවසයි.
එසේම එම සන්ධි තෙල හා තවත් පාරම්පරික තෙල් වර්ග 6ක් මුසු කර ගනිමින් රෝගියාගේ  පාවිච්චිය පහසු කරවනු වස් නිපදවා ඇති සන්ධි‍ලේපයද ඉතා අනගි ඔසුවකි.
හිසේ රෝග, හිසකෙස් ගැලවීයාම, නින්ද නොයාම නිතර හිස රදය, හිසේ බරගතිය ආදී රෝග සඳහා නිෂ්පාදනය කරන හෙළ ඔසු සංයෝග වූ ‘හෙයාර් රිච් හර්බල් හෙයාර් ඔයිල්’ ඔහුගේ තවත් නිෂ්පාදනයකි.මොළයේ පවතින ස්නායු දුර්වලතා මතක ශක්තිය අඩුවීම සහ මානසික ආතතිය (ස්ට්‍රේස්) සඳහා වහා ගුණ දෙන මෙමර රිප්ලස් ඖෂධය හෙළ  ඔසුවෙන් කළ අනගි නිපැයුමක් බවද ඔහු සඳහන්  කරයි.
දීර්ග කාලයක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵල ලෙස ඔහු නිපැයූ මුත්‍රා පැණිය. වකුගඩු හා මුත්‍රා රෝග සඳහා වහා ගුණ දෙන ඖෂධ පැණියකි.
එය මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, කොන්දේ අමාරුව, ශරීරයේ ඊ.එස්.ආර්. වැඩිවීම පාලනය වීම, වැනි සියලු මුත්‍රාශය ආශ්‍රිත රෝග සඳහා වහා ගුණදෙන හෙළ ඔසුවකි.
එයට අමතරව ඔහු විසින් නිෂ්පාදිත සිරිලක ප්‍රනීත තේ දල්‍ලේ රසය සියයට දහයක් මුසු කරගනිමින් තවත් දේශීය බෙහෙත් වර්ග උපයෝගී කරගත් තේ පානයක් ලෙස සකස් කර ගත හැකි “ඩයබැටික්තේ”, දියවැඩියාව සඳහාද, අම්ල පිත (ග්‍රැස්ට්‍රයිට්ස්) සඳහා වූ “ග්‍රැස්ටිස් තේ” සහ සිරුරේ තරබාරුව හා ක්ලෙස්ටරොල් පාලනය කරන “කොලෙස්ටරෝල් තේ” දිනපතා පාවිච්චියට  පහසු අන්දමේ තේ පැකට්  ස්වරූපයෙන් නිපද වූ හෙළ ඔසු පෙලකි.
වර්තමානයේ බොහෝ දෙනෙකු ගොදුරු වී ඇති මත්පැන් පානයෙන් හා අධික වේදනා නාශක බෙහෙත් පාවිච්චිය සහ ආතතිය නිසා  සිදුවන අක්මාව හා ආශ්‍රිත පද්ධතිය දුර්වලතා සමනය සඳහා දිගු කාලීන පරීක්ෂණයට භාජනය කළ නව හෙළ  ඔසුවක් වන ‘ලිවර්ටෝන් අප්’ ළඟදිම වෙළෙද පළට නිකුත් කිරීමට හොරිවිල වෙද ගෙදර ප්‍රසාද් සේනානයක මහතා සූදානම්ව සිටි පාරම්පරික කැඩුම් බිඳුම්, වෙදකමට මෙන්ම සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ පහසුව උදෙසාම රදාවාන කිරිඳිවැල මාර්ගයේ අල්ලියවත්ත හන්දිය අසල ‘ඔසුනිමා ඖෂධාලය’ නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද විවෘත කර ඇති අතර සෑම සදුදා දිනකම ඔහු එම ස්ථානයේ ප්‍රතිකාරවල යෙදේ. එසේම සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල කිරිඳිවැල වෙදගමේදී ප්‍රසාද් සේනානයක වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔහුගේ පියා වන සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදරදී මුණ ගැසිය හැක.
මිනිසාගේ හැසිරීම් රටාවේ වූ ආහාර,  විහාර, නිද්‍රා  බ්‍රහ්මචර්යා යන සිව් වැදෑරුම් සිද්ධාන්ත වෙනස් වූ විට වා පිත් සෙම් තිබෙනවා. ඒ නිසා ඒවා පලනය කර ගත යුතුයි. ස්වභාව ධර්මයෙන් නිර්මිත නිසා ස්වභාව ධර්මයේම හැසිරිය යුතු අතර එසේ නොවුණොත් ආතතිය ඇති වෙනවා. එයින් බොහේ රෝග පිනාදිය වැළඳිය හැකියි ඔහු පවසයි.
ආයුර්වේද වෛද්‍ය  ප්‍රසාද් සේනානායක, ඔසුනිමවා ඖෂධාලය රදාවන කිරිඳවැල පාර (අල්ලියවත්ත හන්දිය අසල) රදාවාන
ආරියපාල විදාගම
ලක්බිම

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත කර්ම වෙදකම



පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි. 

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.
කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ. 

දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි...... තව විස්තර....

මිතුරැ මිතුරෝ, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනුරැත්ථාපනය



MITHURU MITHURO – Pelmadulla
Established  in 1987

MITHURU MITHURO MOVEMENT

Pelmadulla,

Sri lanka.

Tel:(+94) 45 227 4546

Fax:(+94) 45 227 4363

E-Mail : info@mithurumithuro.org




Activities
  • Treatment & Rehabilitation
  • Outreach Program
  • Vocational Training
  • National & International Trainings
  • Street Children Rehabilitation
  • Pre-school & Religion Schools
  • Health Care Program
  • Environmental Protection Programs
  • Savings & Loan schemes
  •  Nutrition Program
  • Women Skills Development Program



ශාඛා

SENEHASA – Piliyandala (+94) - 11 2613248
Established  in 2000


NISANSALA - Gampaha (+94)-60 2838674
Established in 2000


NIDAHASA- Kuruvita (+94) -452262852
Established in 1999


NIVAHANA - Watareka , Padukka (+94) -11 2830460 
Established in 2000


VOICE- Colombo (+94)- 11 2696696 
Established in 2004

APEKSHA- Borella
Established in


4C RESIDENCE- Kaluthara
Established in

LIYANANIVILA- Kesbewa
Established in




හෙරොයින් ගැන අපිට උගන්වපු බොරු 

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනුරැත්ථාපනය සඳහා මඟ පෙන්වීමට ඇඩික් මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනය අමතන්න‍


 ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාප‍ාරයේ සාමාජිකත්වය සඳහා අමතන්න‍:

011-2435490 

 උප සභාපති නෙවිල් ගුරැගේ මහතා 071 4402299


මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි

ඩෙංගු බෙහෙත සූදානම්
- වෛද්‍ය තරංගා කුමාරි පවසයි


තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.

එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක්‌ ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.

එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා. -සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ.

මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක්‌ කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.

එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක්‌ සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.
අජිත් අලහකෝන්


ඩෙංගු රෝගය සුව කිරීමේ දේශීය ඖෂධයට පේටන්ට් බලපත්‍රය


මාරාන්තික ඩෙංගු රෝගය සුව කිරීමේ ඖෂධය සොයාගත් සර්වාංග රෝග වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සිය ඖෂධයේ අයිතිය තහවුරු කෙරෙන පේටන්ට් බලපත්‍රය හිමිකර ගෙන ඇත. ඩෙංගු රක්තපාත උණ සහ ඩෙංගු උණ රෝග ඖෂධය වෙනුවෙන් මේ පේටන්ට් බලපත්‍රය බුද්ධිමය දේපල අයිතිය යටතේ හිමි කරගත් බව වෛද්‍යවරිය "දිනමිණ"ට පැවැසීය. ඩෙංගු රෝගය වැළදුණ රෝගියෙකුට ප්‍රතිකාර කර පැය 08 ක් ඇතුළත රෝගය සුව කිරීමට හැකි ඖෂධයක් තමා නිපදවා ඇති බව වෛද්‍යවරිය පවසයි. කටරොඩු, ගොකටු ඇතුළු දේශීය ශාඛ 06 ක පමණ කොටස් එකතුවෙන් මේ ඖෂධය නිපදවන බව එම වෛද්‍යවරිය සඳහන් කරයි.
ගස්ලබු යුෂ කිසිසේත්ම තමාගේ ඖෂධ වට්ටෝරුව සඳහා යොදා නොගන්නා බව ඇය අවධාරණය කළාය.
අළුත්වල,අම්බලන්ගොඩ,වෙදමැදුරේදී රෝගීන් සඳහා තම සේවය ලබා දෙන බවත්කොළඹ, කුරුණෑගල ,ගම්පහ ඇතුළු ප්‍රදේශ වලින් මේ ස්ථානයට රෝගීන් පැමිණෙන බවත් සතියේ දිනවල පෙරවරු 7.30 සිට රාත්‍රී 10.00 දක්වා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙන බවත් වෛද්‍ය තරංගා මහත්මිය වැඩිදුරටත් කියයි.
මානෙල් පුෂ්ප කුමාරි

කුස්‌වල වෙද හාමුදුරැවෝ

දේශීය වෙදකමේ  තවත් හාස්‌කමක්‌
දුටු පමණින් පිළිනොගෙන  සත්‍ය විමසා දැනගන්න


බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණුව සම්බන්ධයෙන් කිසිවකුත් අතර විවාදයක්‌ නොමැත. රෝග නිශ්චය, ප්‍රතිකාර ක්‍රමවේද, ප්‍රතිකාරක උපකරණ ආදී බොහෝ අංගයන්ගෙන් වෙනත් වෛද්‍ය ක්‍රමවේදයන්ට වඩා පෝෂිතවූ බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම එම වෛද්‍යවරුන්ගේ පවතින නව තාක්‍ෂණික දැනුම හා මුසුවූ සුවිශේෂී හැකියාවන් සුළුපටු නොවේ.

ලෙඩ රෝගයන්ගෙන් බරිතව මර ඇඳට වැටුණු රෝගීහු කොතරම් ප්‍රමාණයක්‌ බටහිර වෛද්‍ය ක්‍රමයේ පිහිටෙන් පොළොවේ පයගසා ඇවිදිත්ද?
බටහිර වෛද්‍ය ක්‍රමය හැරුණු කොට දේශීය, හෝමියෝපති, යුනානි ආදී වෛද්‍ය ක්‍රමයන් බොහොමයක්‌ පැවතියත් වැඩි පිරිසකගේ "ඇසුර" පවතින්නේ බටහිර වෛද්‍ය ක්‍රමය හා සමගය. ප්‍රතිකාර ලබාගැනීමට ඇති ලෙහෙසි පහසු බව මෙන්ම ඉතා ඉක්‌මනින් ලෙඩ රෝග සුවවීමද ඊට බලපානවා විය හැකිය.
නමුත් දේශීය මෙන්ම අනෙකුත් වෛද්‍ය ක්‍රමවේදයන් ද කෙළ පිඬක්‌ සේ බැහැර කළ නොහැක්‌කේය. මන්ද එම වෛද්‍ය ක්‍රමවේදයන් අනුගමනය කොට තම දරුණු රෝග තත්ත්වයන් සුවපත් කරගත් පිරිස්‌ ද අප අතර සිටින නිසාවෙනි.
ක්‍රමවේදය කුමක්‌ වුව තම රෝගය සුවකර ගැනීම රෝගියාගේ ඒකායන ප්‍රාර්ථනයයි. බටහිර හෝ වේවා දේශීය හෝ වේවා වෙනයම් ක්‍රමයක්‌ හෝ වේවා තම රෝගය සුව වන්නේ නම් රෝගියා තෘප්තිමත්ය.
දේශීය වෛද්‍ය ක්‍රමයෙන් විපුල ඵල ලැබූ රෝගීහු අප ශ්‍රී ලංකාවේ ඕනෑතරම් වෙති. දේශීය වෙදකම මැනවින් දත් එමගින් දරුණු රෝගා බාධ සුවපත් කළ - සුවපත් කරන වෙදැඳුරෝද අප අතර වෙසෙති.
දේශීය වෛද්‍යවරුන් වෙත යොමුවන බොහෝ දෙනා අනෙකුත් වෛද්‍ය ක්‍රමයන් අනුගමනය කොට ඉන් ප්‍රතික්‍ෂේප වූ හෝ සුවකිරීමට අපහසු ලෙඩ රෝග වැළඳුණු අයය. පිළිකාව ඉන් ප්‍රධානය. ලියුකේමියා, ලියුෆොaමා එම ගණයට ගැනෙන තවත් රෝගයන්ය. හෘද, අංශභාග, අර්ශස්‌, කැඩුම් බිඳුම් ආදී රෝගීහුද ඒ අතර වෙති.

මොනයම් හෝ හේතුවක්‌ මත දේශීය වෛද්‍යවරුන් අතර පවතින විවිධ මත ගැටලු නිසාත් දේශීය වෛද්‍ය ක්‍රම මගින් සුවවන රෝගීන් පිළිබඳ පුළුල් ප්‍රචාරයක්‌ රටට නොයැම නිසාත්, බටහිර වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍යවරුන් අතර පවතින දුරස්‌ථ භාවයන් නිසාත් දේශීය වෛද්‍ය ක්‍රමවේදයේ නිසි ප්‍රතිඵල භුක්‌තිවිඳීමේ අවස්‌ථා රෝගීන්ට මගහැරී ඇත.
දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවවන්නන් පිළිබඳ පර්යේෂණ කොට කුමන හේතු සාධක උඩ එම රෝගියා සුවවූයේද? එසේත් නැත්නම් ඊට භාවිත කළ දේශීය ඖෂධයන්ගේ ගුණාත්මක භාවය කෙබඳුද යන්න සොයාබලා සමස්‌ත රෝගී ජනතාවගේ හිත සුව පිණිස බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම මුසුවූ විදිමත් වැඩපිළිවෙළක්‌ ඇරඹෙන්නේ නම් එහි සියලු වාසිය හිමිවන්නේ රෝගීන්ට නොවේද?
තම තමන්ගේ වෛද්‍ය ක්‍රමවේදයන් මතම එල්බගෙන නොසිට රෝගියා සුවකිරීම සඳහා පහසු, අතුරුආබාධ අවම, ප්‍රත්‍යක්‍ෂ ක්‍රමවේදයක්‌ වෙත යොමුවීමට මේ සුදුසුම කාලයයි.

මහනුවර, හීරස්‌සගල පාරේ, තුන්වැනි පටමගෙහි අංක 75/28 නිවසෙහි පදිංචි හේරත් මුදියන්සේලාගේ අගලකොටුවේ ගෙදර ඩිංගිරිබණ්‌ඩා නමැත්තා ද දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා තම රෝගී තත්ත්වය සුවපත් කරගත් අයෙකි. විශ්‍රාමිකයකු වන ඒ මහතා දැන් රෝග බියෙන් තොරව සැහැල්ලුවෙන් තම සැඳෑ සමය ගත කරයි. තම අතීත තොරතුරු විස්‌තර කරන ඩිංගිරිබණ්‌ඩා මහතා මෙසේ පවසයි.
"මම උපන්නේ 1946 අවුරුද්දේ. දැන් මට වයස 63 ක්‌ වෙනවා. අවුරුදු 60 වෙනකම්ම මම රැකියාවේ නිරත වුණා. මුලින්ම අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවයට බැඳෙනකොට මට වයස 26 යි. වසර 12 ක්‌ අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවය කළා. ඒ කාලේ තෙල්දෙණිය උසාවියෙත් මම වැඩ කළා. ඉහෙන් බහින රෝගයක්‌ මට තිබුණේ නැහැ. හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කළේ. 1989 පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවයට එක්‌ වුණා. කොළඹ, නුවර, මාතලේ පොලිස්‌ අධිකාරී කාර්යාලවල සේවය කොට විශ්‍රාම යන්න අවුරුද්දක්‌ විතර තිබෙද්දී ඒ කියන්නේ 2008 වසරේදී තමයි මට හැදුණු මේ රෝගයේ මූලික ලක්‍ෂණ පහල වුණේ. එතකොට මාතලේ පොලිස්‌ අධිකාරී කාර්යාලයේ තමයි සේවය කළේ.

"කකුලේ කලව ප්‍රදේශයේ ගැටයක්‌ වගේ යමක්‌ මුලින්ම මතුවුණා. අපි හිතුවේ ගෙඩියක්‌ කියලා. ගෙඩි වෙදමහත්තයෙක්‌ ළඟට පෙන්නුවා. ඒ දුන්න බෙහෙත් වලින් තවන කොට අඩුවෙලා ගියා. ඒත් යළිත් මතුවුණා. රිදීමක්‌ මොකුත් නෑ. ඇඟපත වේදනාවක්‌ දැනෙන්නෙත් නැහැ. ඒත් ඇඳුම් අඳිනකොට තිබුණු අපහසුතා නිසා ඉස්‌පිරිතාලෙට පෙන්නන්න ගියා. මාව පරීක්‍ෂාකොට බලපු දොස්‌තර මහත්තයා කිව්වා "අපි මේක "ඔපරේෂන්" කරලා අයින් කරමු. බයවෙන්න තරම් කාරණයක්‌ නැහැ" කියලා. ඒ අනුව තිබුණු ගෙඩිය "ඔපරේෂන්" කළා. මට අපහසුවක්‌ දැනුනේ නැහැ. ආපසු මේ වගේ ගෙඩි එන්න ආවොත් ආයෙත් "ඔපරේෂන්" කරමු කියලා ඒ දොස්‌තර මහත්තයා කිව්වා. කිsව්වා වගේම කාලෙකදී නැවත මතුවෙන්න ගත්තා.වැළදි තිබෙන රෝගය ලියුෆොaමා බවත් එම බටහිර වෛද්‍යවරුන් පැවසුවා.

ඔන්න ඔය කාලෙදී තමයි අපි කුස්‌වල වෙදහාමුදුරුවෝ ගැන දැනගත්තේ. "දිවයින" පත්තරේ පළවුණු විස්‌තරයක්‌ අනුවයි ඒ. පසුව ප්‍රදේශයේ වැඩිහිටි අයකුත් මේ පිළිබඳ තොරතුරු අපට කිව්වා. සෝදිසි කරලා බලනකොට බෙහෙත් අරන් සුවවෙච්ච අයගේ තොරතුරු ගොඩක්‌ අපට ලැබුණා. තවමත් බෙහෙත් ලබාගන්නා කීපදෙනකුත් හමුqවුණා. ඒ අය කීවේ බෙහෙත් වේලෙන් වේල ගුණ වැඩිවෙනවා කියලා."
"ඒ අනුව කුස්‌වල හාමුදුරුවන්ගේ මහනුවර පිහිටි ප්‍රතිකාර මධ්‍යස්‌ථානයට අපි ගියා. බටහිර වෛද්‍ය වාර්තා බලලා ලෙඩේ ගැන විස්‌තර අහපු හාමුදුරුවෝ කිව්වා වැළදි තිබෙන්නේ ලියුෆොaමා කියන රෝගය.ඒ නිසා එක දිගට බෙහෙත් ගන්න වෙයි. මේක හොඳකරන්න පුළුවන් කියා. එදා ඉඳන් ගන්න ගන්න බෙහෙත් වාරයක්‌ පාසා ලෙඩේ සුව අතට හැරුණා. දැන් ඇඟේ ගෙඩි මතුවන්නේ නැහැ. මේ අවුරුද්ද ඇතුළත තිබෙන ගෙඩි බැහැලා ගියා මිසක්‌ අලුතින් කිසිවක්‌ මතුවුණේ නැහැ. මානසික වශයෙන් මම ඉන්නේ දැන් හරිම සතුටින්."

ඩිංගිරිබණ්‌ඩා සුවවීම ඔහුගේ බිරිඳ වූ පද්මිණී පෙරේරාටත් මහත් වූ සතුට දනවන කරුණකි. පෙරාදෙණිය රෝහලේ ලිපිකාරිනියක ලෙස සේවය කළ ඇය ද විශ්‍රාමිකය. තම දයාබර සැමියාගේ රෝගය සුවවීම පිළිබඳ අදහස්‌ දක්‌වන ඇය,
"මම විතරක්‌ නොවෙයි අපට ඉන්න එකම දරුවා ... දුව. එයත් ඉන්නේ හරිම සතුටින්. එයා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්‌. දැන් ගුරුවරියක ලෙස සේවය කරනවා. අපේ පවුලේ සාමුහිකත්වය දැන් වෙනදාටත් වඩා වැඩියි. සැමියා අසනීප වුණු දවස්‌වල අප සියලු දෙනාම හිටියේ තරමක්‌ මානසික නොසන්සුන් තාවකින්. දැන් ඒ සියල්ල හමාරයි. "කුස්‌වල වෙද හිමුදුරුවෝ" නිසා තමයි අපට ඒ සැනසිල්ල උදාවුණේ.

හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගන්න පටන් අරන් මේ වන විට වසරක්‌ පමණ වෙනවා මගේ මත්තයාගේ ලෙඩේ හොඳවුණා වගේම තවත් බොහෝ දෙනකුගේ ලෙඩ සුවවෙනවා අපි දැසින් දැක තිබෙනවා. ඒ සමහර අය එනකොට ආවේ ඇඳෙන් බහින්න බැරි මට්‌ටමකින්. මේ වන විට ඒ අය හොඳට ඇවිදගෙන යන අයුරු පසු ගිය කාලය තුළදී අපි ඇස්‌වලිsන්ම දැක තිබෙනවා. හොඳකරන්න බැහැ කියලා පැත්තකට දාපු ලෙඩ්ඩු තමයි වැඩිහරියක්‌ එන්නේ. පුළුවන්නම් "පුළුවන්" බැහැ නම් "බැහැ" කියලා හාමුදුරුවෝ කෙලින්ම කියනවා. "පුළුවන්" කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ලෙඩා සුවකරන බව අපට දැන් විශ්වාසයි. මොකද පසුගිය කාලයේදී එවැනි දේ අප අත්විඳ තිබෙන නිසා." යෑයි පවසන්නීය.
මෙම ලිපිය ආරම්භයේදී මා සඳහන් කළා සේ බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයන්aගේ සුපැහැදිලි මුසුවක්‌ ඇතිවන්නේ නම් කෙතරම් අගනේද?

උදාහරණයක්‌ ලෙස පවසතොත් ඉහත රෝගියා සුවකිරීමට කුස්‌වල වෙදහිමියන් අනුගමනය කළ ක්‍රමවේදයන් පිළිබඳ වගකිවයුතු අංශවල අවධානය යොමුකොට ඒ පිළිබඳ නිවැරදි පර්යේෂණයක්‌ මගින් ඒ හිමියන් සතු ලෙඩ රෝග සුවකිරීමේ දේශීය වෛද්‍ය ක්‍රමවේදය සමස්‌ත ජනතාවගේ හිත සුව පිණිස යෙදවීමට ක්‍රියාකරන්නේ නම් තව මොනතරම් රෝගීන් සංඛ්‍යාවක්‌ සුවවනු අපට දැකිය හැකි නොවේද?
එකිනෙකාට මඩ ගසා ගැනීම් සහ පුහු විවේචනයන්ගෙන් තොරව රෝගියාට වැඩි වාසිදායී තත්ත්වයක්‌ සහිත වෛද්‍ය ක්‍රමවේදයක්‌ හෙට දිනයේ බිහිවනතුරු අපි බලා සිටිමු.

බලධාරීන් මේ පිළිබඳව පර්යේෂණ කළ යුතුයි

මෙවැනි රෝගීන් සුවපත් කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්‌ කරන පූජ්‍ය මහඇලගමුවේ ලංකානන්ද නාහිමි (කුස්‌වල වෙද හාමුදුරුවෝ) පවසන්නේ පාරම්පරික වෙදකමින් මෙවැනි රෝගීන් සුවපත් කිරීමට ඇති හැකියාව පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාගේත්, බලධාරීන්ගේත් නිසි අවධානයට ලක්‌වී එA පිළිබදව පර්යේෂණ කිරිමට පියවර ගත යුතු බවයි.

ඒ වගේම මේ පිළිබද උනන්දුවක්‌ දක්‌වන ඕනෑම කෙනකුට පරික්‍ෂණ පැවැත්විම සදහා ඉඩකඩ විවෘතව පවතී.

කුස්‌වල වෙද හිමි හමුවිය හැකි වේලාවන්

මහනුවර පේරාදෙණිය පාරේ අංක 893 දරන ස්‌ථානයේ පිහිටි මහනුවර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේදී අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හිදීද පොහොය හැර සෙසු දිනවලදී රද්දොළුගම කුස්‌වල ශ්‍රී පුෂ්පාරාමයේදී ද ලංකානන්ද හිමියන් (කුස්‌වල වෙද හාමුදුරුවෝ) හමුවී පිළිකා රෝග, වකුගඩු රෝග, නිදන්ගත සර්වාංග රෝග, සහ සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන.

දුරකථන අංක

011-2293080 (කුස්‌වල)

081-2389926 (නුවර)

060-2126422 (කුස්‌වල)

060-2823417 (නුවර)


සටහන පිළිමතලාවේ කීර්තිරත්න උයන්ගොඩ
2009 ඔක්‌තෝබර්  11 ඉරිදා දිවයින 

කෘත්‍රීම පාද නොමිලේ


බුදුදහම සහ ආධ්‍යාත්මික සුවය



(Mr. Godwin Samararatne)

පිළිකාව නිට්ටාවටම සුව කරගන්න

විශාල වීමට රෑපය මත ක්ලික් කරන්න.

කෘත්‍රිමව ඉදවූ පලතුරු අනුභවයේ සෞඛ්‍ය අනතුර

පළතුරැ පාට වෙලාද, පාට කරලාද?


ගසක මල් පිපී, ඵල හට ගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්‌වභාවධර්මයේ නීතියට අනුකූලව සිදු වන සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත් වන ආනිසංශ බොහෝය.

එහෙත් පලතුරු ආහාරයට ගැනීමට උනන්දු වන වත්මන් පාරිභෝගිකයා තමන් මිලදී ගන්නේ, සෞඛ්‍යාරක්‌ෂිත පලතුරුද, නැතිනම් බෙහෙත් ගසා ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි) පලතුරුද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටී.

පලතුරු ඉදීමේ ස්‌වභාවධර්මයාගේ කල් මැරීමේ නීතිය ඉවසා වදාරන්නට නූතන කට්‌ටපුච පරපුරේ වෙළෙන්දන්ට අපහසුය. ඉදුණු පලතුරු දුර පළාත්වල සිට ප්‍රවාහනය කිරීම අපහසු නිසා (පසු අස්‌වනු හානිය) ඇඹිලිපිටිය, වැල්ලවාය, වැනි ප්‍රදේශ වලින් තුට්‌ටු දෙකට මිලදී ගන්නා අමු පලතුරු (මෙම වෙළෙඳුන් අඹ වැනි පලතුරු, ගස්‌ පිටින් ගොවීන්ගෙන් බදු ගන්නා අතර, එසේ බදු ගන්නා ගස්‌ වල නොමේරූ ලා ගෙඩි පවා නෙළා ගනී.) දුර පළාත් වලට ප්‍රවාහනය කර, කෘත්‍රීම රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් ෙ ව ෙ ළ ඳ පොළට ඉදිරිපත් කරයි.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන්නේ මොනවාද?

මේ සඳහා "කාබයිඩ්" නමැති තහනම් රසායනික ද්‍රව්‍යය සහ, යම් යම් කොන්දේසි වලට යටත්ව භාවිත කරන්නට රජයෙන් අනුමත කර ඇති, "එතපෝන්" නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ. (එතපෝන් අවශ්‍යනම් ගැලුම් ගණනින් මිල දී ගැනීමේ පහසුකම් ඇත.)

"කාබයිඩ්"

මෙය රසායනිකව "කැල්සියම් කාබයිඩ්" (CaC2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක්‌ ලෙසටද සෑදේ. "සංශුද්ධ කාබයිඩ්" අවර්ණ වන අතර, "අසංශුද්ධ කාබයිඩ්" අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකිය. ලාක්‌ෂණික සුදුලූණු ගණ්‌ධයක්‌ සහිතය "කාබයිඩ්" වලට ජලය මුසු වීමේදී "ඇසිටලීන්" වායුව නිකුත් කෙරෙන අතර, "ඇසිටලීන්" පලතුරු ස්‌වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල් වන ශාක හෝමෝනයක්‌ වන "එතිලීන්" රසායනිකයට සමාන ගුණ දක්‌වන නිසා, පලතුරු කෘත්‍රීමව ඉදීමේ ක්‍රියාවලියට ලක්‌ වේ. අසංශුද්ධ කාබයිඩ් වල, "ආසනික්‌", "පොස්‌පරස්‌ හයිඩ්‍රයිඩ්", "පොස්‌පීන්", "ආසීන්" වැනි, විෂ සහිත රසායනික සංයෝගයන්ද අඩංගු වෙයි. මෙයට අමතරව පලතුරු මතට "කාබයිඩ්" ඉසීමෙන් "සයනයිඩ්"ද සැදෙයි.

"කාබයිඩ්" සහ වෙනත් රසායනික සංයෝග භාවිත කර පලතුරු ඉදවීම, ලොව බොහෝ රටවල සිදු කෙරෙන අතර, පිටරටවල් වලින් නැව් පිටින් පටවා ලංකාවට එවන පලතුරු වර්ගද, මේ අනුව ඒවා තුළ ඇතැයි පැවසෙන විවිධ වස විස වලට අමතරව "කාබයිඩ්" වලින් දූෂණය වී තිබීමේ අවදානමද නැත්තේ නොවේ.


කාබයිඩ්වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු.

කාබයිඩ් මෙන්ම, කාබයිඩ්" වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයන් බොහොමයක්‌ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්‌ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලු දැමීම, ඇස්‌ දැවිල්ල හා ඇස්‌ වලට ස්‌ථිර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණික වීම, අත් පා වල ඇති වන හිරි ගතිය, කැස්‌ස, හතිය සහ ඇදුම රෝගය, ගබ්සා වීම් සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා ඇති විය හැකි බවත්, සොයාගෙන ඇත.

අපගේ අවධානයට ලක්‌ විය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වනුයේ, පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස්‌ (residuals) සමග "කාබයිඩ්" වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්‌ෂිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.

අපේ රටේ ගොවීන් තක්‌කාලි සඳහා අධික ලෙස පළිබෝධනාශක ද්‍රව්‍යයන් යොදන අතර, (අස්‌වනු නෙළීමෙන් පසුද පළිබෝධනාශක ඉසින බව නිරීක්‌ෂණය කෙරී ඇත.) තක්‌කාලි වලටද (විශේෂයෙන් මිල අධික කාලවලදී) "කාබයිඩ්" යොදන බව දැන ගන්නට ඇත.

පලතුරු ඉදවීමට සඳහා එතපෝන් භාවිතය

එතපෝන් (Ethephon) රසායනිකව, "2-ක්‌ලෝරෝ එතිල් පොස්‌පරික්‌ ඇසිඩ්" ලෙස හැඳින්වෙන අතර, පලතුරු වල මල් හට ගැනීම ක්‍රමවත් කිරීම සඳහා භාවිත කෙරෙන රසායනිකයකි. (plant growth regulator) කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහාද භාවිත කෙරේ.

මෙම රසායනිකයේ විෂභාවය (LD50) අඩු වුවද, දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳ තවම විද්‍යාඥයන් අතර නිශ්චිත එකඟතාවක්‌ නොමැති බැවින්, පලතුරු මතට කෙළින්ම යෙදීම සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් යෙදීම නිර්දේශ කරන්නේ නැත.

එතපෝන් ශාක (පලතුරු) තුළදී පොස්‌පේට්‌ , එතිලීන් සහ ක්‌ලෝරයිඩ් බවට බිඳ වැටේ. මෙම එතිලීන් පලතුරු ඉදීමටද හේතු වන ශාක රසායනිකයකි.

එතපෝන් යෙදූ ඇතැම් නිෂ්පාදන තුළ මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් (Monochloroacetic acid) සොයා ගෙන තිබේ. (h t t p : / / e x t o x n e t . o r s t . e d u / pips/ethephon.htm) ජලය ක්‌ලෝරනකීරණය කිරීමේදී ද, ජලයේ තිබෙන කාබනික සහ අකාබනික සංයෝග සමග ක්‌ලෝරීන් ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම සංයෝගය සෑදෙන අතර පානීය නළ ජලයේ තිබිය හැකි මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් මාත්‍රාව සඳහා සීමා මායිම් යුරෝපා රටවල් වල පනවා තිබේ. මෙම රසායනිකය නිතර සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් ශරීරගතවීම පිළිකා සඳහා පවා හේතු වන බව පැවසේ. 

කෙසේ වෙතත් පලතුරු සමග එතපෝන් ශරීරගතවීම උදරයේ සහ ස්‌නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා වලට හේතුවිය හැකි බව (විශේෂයෙන් අවුරුදු 06 ට අඩු ළමුන් සඳහා) සැලකේවා.

පැනමා රාජ්‍යය පලතුරු ඉදවීම සඳහා එතපෝන් භාවිතය තහනම් කර ඇත. ඉන්දියාව, වර්ෂ 2010 දී එතපෝන් යෙදූ පලතුරු වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්‌ දියත් කළද, මහා පරිමාණ පලතුරු වෙළෙන්දන්, එතපෝන් වෙළෙන්දන්ගේ සහ වෙළෙන්ඳන්ගේ වරප්‍රසාද වලට යටවුණු නිලධාරීන්ගේ බලපෑම මත එකී වෑයම අත් හරින ලදී.

පලතුරු කෘත්‍රිමව ඉදවීමේ නිර්දේශිත ක්‍රමය

කැල්සියම්" හෝ "සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ්" ද්‍රdවනයකින් මිලි ලීටර් 1 ක්‌ ජලය ලීටර් 1 ක දිය කර, එයට "එතපෝන්" දියරයෙන් මිලි ලීටර් 1 ක්‌ මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රdවනය බාස්‌කට්‌ එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක්‌ දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක්‌ තැබීමෙන් ද්‍රdවනයෙන් නිකුත් කෙරෙන "එතිලීන්" වායුවට පලතුරු පැය 24 ක කාලයක්‌ නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකිය.

මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලුම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011. 05. 19 දින නිකුත් කෙරුණු චක්‍රලේඛයෙන් තහනම් කර ඇත. තවද මෙම ක්‍රමයට ඉදවිය හැක්‌කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලි පේර වැනි පලතුරු පමණක්‌ වන අතර, එත්‍රල් දියරය පලතුරු මතට කෙළින්ම යෙදීමද තහනම් කර ඇත.

කෙසේ වෙතත් සියලුම වෙළෙන්දන්, එතපෝන් කෙළින්ම පලතුරු මතට ස්‌ප්‍රේ කිරීමට හෝ කාබයිඩ් පලතුරු මතට ඉසින්නට පෙළැඹී ඇති බව දකින්නට ඇති අතර, වෙළෙඳ පොළේ තිබෙන බොහොමයක්‌ පලතුරු මෙසේ ඉදවූ ඒවා විය හැකිය. මේ නිසා අප ආහාරයට ගනු ලබන පලතුරුවල සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය මෙන්ම, ගුණාත්මකභාවයද බරපතළ ලෙස හානියට පත්ව ඇත. කෙසේ වෙතත් පලතුරු මත මෙම රසායනික සංඝටක තිබෙනවාදැ, යි රස පරීක්‌ෂක වාර්තාවක්‌ කැඳවා, නීති මගින් මෙම කූට වෙළෙඳුන් අච්චු කිරීමට තරම් ශක්‌තිමත් නීති රෙගුලාසි මෙතෙක්‌ සම්පාදනය කෙරී නොමැති නිසාවෙන්, ප්‍රායෝගිකව මෙය නතර කිරීම හෝ නීති මගින් කටයුතු සිදු කිරීම දුෂ්කර කාර්යක්‌ව ඇත.

කෘත්‍රීමව ඉදවූ පලතුරු වල පෝෂණ ගුණය

ස්‌වාභාවිකව පලතුරු ඉදීමේ ක්‍රියාවලියේදී පුළුල් ජෛව රසායනික ක්‍රියාවලියක්‌ සිදුවන අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස, "ක්‌ලෝරෆිල්" සහ "එන්සයිම" වර්ග බිඳ වැටීම, "කැරටිනොයිඩ", ප්ලෙවොනොයිඩ" සහ ඇන්තොකයිනේස්‌" වැනි ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරක, පිළිකානාශක සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරන (immune system boostersි) රසායනික සංයෝග වල සිදුවන ජෛව සංස්‌ලේෂණය මෙන්ම, විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද අම්ල සංස්‌ලේෂණය වැනි සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් රාශියක්‌ කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී සිදු නොවන බවත,a පලතුරු වල තිබෙන විටමින් ඒ හා සී මෙන්ම බොහොමයක්‌ පෙර කී අතිශයින්ම වැදගත් ශාක රසායනිකයන් විනාශ වෙන බවත්, පලතුරු වල ස්‌වභාවික රසය, සුවඳ, වයනය වැනි ගුණාංගද හානි වෙන බවත් පෝෂණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

පලතුරු ආහාරයට ගැනීමේ අතිශයින්ම වැදගත් කාරණාව වන්නේ, අපගේ දිවි රැකගැනීමට බෙහෙවින්ම වැදගත් වන මෙකී රසායනික සංයෝගවල පැවැත්මය.

ඉන්දියාවේ ආහාර විද්‍යාව සහ පෝෂණ විද්‍යා මහාචාර්යවරයෙකු වන කමල් ගෝපිනාත් මහතා ප්‍රකාශ කරන්නේ, ස්‌වභාවදහමේ නියමයට පටහැනිව කවර හෝ රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත කොට කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී පලතුරු තුළම සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් හේතු කොට ගෙන පිළිකාකාරක සංඝටක ඇති වෙන බවය. 

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ මෙහෙමයි

* ඇස්‌ ඇදගන්නා ආකර්ෂණීය පෙනුමකින් යුතු, සමාකාරව පැතුරුණු තීව්‍ර වර්ණයක්‌ සහිත, සම්පූර්ණ ගෙඩියම හෝ කැණම එකවර ඉදී ඇති පලතුරු හෝ එසේ ඉදුණු එහෙත් තැනින් තැන කොළ පාට ලප, පැල්ලම් ඉතිරිව තිබෙන පලතුරු මිල දී නොගන්න.

* අවාරයේදී වෙළඳපොළේ ඇති පලතුරු මිලදී නොග න්න. අවාරයට වෙළඳපොළට පැමිණෙන පලතුරු බොහෝ විට කෘත්‍රීමව ඉදවූ ඒවා විය හැකිය. (අඹ වැනි පලතුරු වාරයට සුලභ වන බැවින්, කෘත්‍රීමව ඉදවීම බොහෝ විට අවශ්‍ය නොවේ.)

* මුළු කැණම එකවර වර්ණ ගැන් වී ඇති, කෙසෙල් මිලදී නොගන්න. කෘත්‍රීමව කෙසෙල් ඉදවීමේදී කැණම එකවර වර්ණ ගැන්වෙන අතර, එහි ඇවරි සම්බන්ධ වන කඳ කොටස (stem) තද කොළ පාටින් තිබෙනු නිරීක්‌ෂණය කළ හැකිය. මක්‌ නිසාද යත් "එතිලීන්" හෝ "ඇසිටලීන්" මගින් ඉදෙන්නේ පලතුරු මිස එහි කඳ කොටස නොවන බැවින්ය.

* පලතුරු මිල අධික කාලවලදී, මිල අධික පලතුරු වෙනුවට මිල අඩු විකල්ප පලතුරු පරිභෝජනය කරන්න. මිල අධික කෙසෙල් වර්ග, කර්තකොලොම්බන් වැනි අඹ වර්ග, බොහෝ විට කෘත්‍රීමව ඉදවා තිබිය හැකිය.

* මිල වැඩි කාලවලදී සම්පූර්ණයෙන්ම ඉදුණු/ ගොඩම වර්ණ ගැන්වී ඇති තක්‌කාලි මිලදී නොගන්න.

* භාගෙට ඉදුණු පලතුරු මිලදී ගන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේ රටාවක්‌ ඇත. ඊට පටහැනි ලෙස සම්පූර්ණයෙන් ඉදී ඇති පලතුරු මිලදී නොගන්න. උදාහරණයක්‌ ලෙස පැපොල් ගෙඩියක්‌නම් එය පිටුපස සිට ක්‍රමයෙන් ඉදීම සිදුවේ.

* පිටින් ඉදී ඇති, ඇතුළතින් අමු පලතුරු පරිභෝජනය නොකරන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේදී ගෙඩියේ අභ්‍යන්තරයේ සිට පිටතට ඉදීම සිදු වන අතර, කෘත්‍රීමව ඉදවීමේදී එය ප්‍රතිවිරුද්ධ දිසාවට සිදු වේ.

* පලතුරු ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් හොඳින් සෝදන්න.

* පොතු ඉවත්කර, සෝදා ආහාරයට ගන්න.

* ඇපල්, අඹ වැනි පලතුරු කිසි විටෙක, ගෙඩිය එහෙම පිටන්ම ආහාරයට නොගෙන, කැබලි වලට කපා වර්ණ වෙනස්‌ වීමක්‌ සිදු වී තිබේදැයි පරීක්‌ෂා කරන්න.

* ලාක්‌ෂණික රසය, සුවඳ නොමැති, අස්‌වාභාවික රසයක්‌ සුවඳක්‌ සහිත පලතුරු ආහාරයට නොගන්න.

* සැක සහිත තත්ත්වයක්‌ තිබේනම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාට පැමිණිලි කරන්න.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක,
ඇල්ල. (බණ්‌ඩාරවෙල)

මුරුංග ගුණ මහිමය

ගතට සිතට රුවට මුරුංගා


ගැමි එළවළු වර්ග අතර මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වත්මන් පරපුර ආහාරය සඳහා එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරලෙහි පවතින රසය සහ ගුණය ඉතාමත් ප්‍රශස්තය. බොහෝ කාර්යයන් සඳහා යොදා ගන්නා ශාකයක් වන මුරුංගා වත්මනෙහි බහුකාර්ය ශාකයක් සේම අතීත වැසියන් විසින් දෙවියන් මැවූ ශාකයක් ලෙසද පිළිගනු ලැබුවේ මෙම ශාකයේ පවතින අද්විතීය ගුණය නිසාමය. අසාමාන්‍ය ගුණ සමුදායක් පවතින මුරුංගා ශාකය ඖෂධයක් යැයි පැවැසුවහොත් ඇතැම්විට ඔබ මවිත විය හැකිය. එහෙත් සත්තකින්ම මුරුංගා යනු රෝග රැසකට ගුණය ලබාදෙන මාරාන්තික රෝග පවා සුව කරවන තරමේ ඖෂධීය ගුණයක් ඇති දිව්‍යමය ඖෂධයකි. රාජගිරියේ පිහිටා ඇති කොළඹ විශ්වවිද්‍යාලය හා අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ ආයුර්වේද දැනුම සපුරාලමින් පසුවන්නීය. මුරුංගා ඖෂධය මඟින්ද නිරන්තරයෙන්ම ඖෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යයේ නිරත වන හැරපත්දෙණිය මහත්මිය මෙම ඖෂධයේ පවතින විශිෂ්ට රෝග නාශක ගුණය පිළිබඳව පැවැසීමට ඉදිරිපත් වූවාය. "මුරුංගා කියන්නේ අතීතයේ පටන්ම අපේ ගෘහණියන් සමඟ ඉතාමත්ම සමීප එළවළුවක්. මුරුංගා ළපටි කරල් වෑජනය වගේම, මෝරපු කරල් මද තෙම්පරාදු ව්‍යාංජනයත් අපේ ගැමි කාන්තාව අතර ඉතාමත්ම ප්‍රචලිතයි. ඒ වගේම මුරුංගා කොළ මැල්ලුම වගේම මුරුංගා මල් වෑංජනයත් ඉතාම රසවත්. මුරුංගා කරල්, කොළ, මල් බහුල වශයෙන් ආහාරයට ගැනීම මඟින් ඔබට වැලඳී ඇති රෝග රැසක් සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා. සමහර විට ඔබට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මුරුංගා කොහොමද ඔෟෂධයක් වෙන්නේ ඒක එළවළුවක් විතරයි කියලා. නමුත් අපේ දේශීය ආයුර්වේදයේ මුරුංගා කියන්නේ රෝග නාශක ගුණය බහුලවම ඇති ඖෂධයක්. ආයුර්වේදයට අනුව මුරුංගා විවිධ නම්වලින් හඳුන්වනවා. මුරුංගා කියන්නේ ඇස් ආශ්‍රිත රෝගවලට හොඳ ඖෂධයක්. ඒ නිසා අක්‍ෂිව කියලත් මේ ඖෂධීය ශාකය හඳුන්වනවා. ඒ වගේම ශෝබාංජන, තීක්‍ෂණ මූල, ශ්‍රීග්රූ යන නම්වලිනුත් මුරුංගා හඳුන්වනවා. මුරුංගා අයිති වන්නේ Moringaceae (ශෝභාංජන) කුලයට. Moringa Oleifera Lam මෙහි උද්භිද විද්‍යාත්මක නාමය. මුරුංගා ප්‍රභේද රැසක් තිබෙනවා. එකක් තමයි හේන් මුරුංගා. ඒවායේ කරල් හීනියි. අනෙක් එක තමයි වැට මුරුංගා. වැට මුරුංගා බහුල වශයෙන් මායිම්වල රෝපණය කරනවා. යාපනයේ පැත්තේ ඒවා බහුල වශයෙන් දැකබලා ගන්න පුළුවන්. තවත් මුරුංගා ප්‍රභේදයක් තමයි මස් මුරුංගා, කල්පිටි මුරුංගා කියන්නේ. ඒවායේ කරල් විශාලයි.
මද වැඩියි." Moringa-11913-2 වෙනත් ශාක රෝපණය නොවන භූමියක පවා රෝපණය වීමේ හැකියාවක් මුරුංගා ශාකය සතුව පවතී. නිසරු පොළොවේ මෙන්ම මුහුදුබඩ ආශ්‍රිතව පවා මුරුංගා රෝපණය කළ හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ලංකාව මුරුංගා ශාකය බහුලවම දැකගත හැකි රටවල් අතර ප්‍රමුඛතාවක් ගනී. මුරුංගා ප්‍රභේද කිහිපයක් පිළිබඳව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පෙර සඳහන් කළ අතර, අප ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද 3ක් පවතින බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලට අනුව මුරුංගා ප්‍රභේද 3ක් තිබෙනවා. ඒවා තමයි රක්ත ශ්‍රීග්රූ (මල රතු පාට මුරුංගා), කෘෂ්ණ ශ්‍රීග්රූ (මල නිල් පාට මුරුංගා). ශ්වේත ශ්‍රීග්රූ (මල සුදු පාට මුරුංගා) මේ තුනෙන් නිල් සහ රතු මල් ඇති මුරුංගා ශාකය ඉතාමත් දුර්ලභයි. සුදු මල් සහිත මුරුංගා බහුලයි. මේ සෑම ප්‍රභේදයක්ම අපි ආයුර්වේදයේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සඳහා ගන්නවා. මුරුංගා කියන්නේ විෂ නාශක ගුණයක් ඇති ඖෂධයක්. එනිසා අතීතයේ සිටම අප ගැමි ලියන් ඉස්සො, දැල්ලො වගේ ආහාර පිසින විටදී ඒකට මුරුංගා කොළ ටිකකුත් එක් කළා. ඒ වගේම මයියොක්කා උයනකොට, තම්බනකොට එහි විෂ සහිත බවක් වෙයි නම් ඒක නැති කරන්න මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේදී ඒකට දාන්න අපේ ගෘහණියන් පුරුදු වෙලා හිටියා. ඒ වගේම අච්චාරු හදනකොට ඒවා ඉක්මනින් පැසවන්න මුරුංගා පොත්තක් ඒකට එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල මුරුංගා පොතු වේළලා වෑන්ජනවලට කුළු බඩුවක් ලෙසත් භාවිත කරනවා. ඒ විදියට මුරුංගා පොතු වේළලා කුළු බඩුවක් විදියට දිනපතා වෑංජනවලට එකතු කරවා නම් රෝග රැසකින් අත් මිදෙන්න ඔබට පුළුවන්. බඩේ ගල්, පණු රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, හෘදය ආශ්‍රිත රෝග, අස්ථි ආබාධවලට, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට, ඇදුම, කැස්ස ආදී රෝග රැසක් සුවකර ගන්නත්, නොවැලඳී තිබෙන්නත් ඒ ක්‍රමවේදය ඉතාමත්ම හොඳයි." මුරුංගා ශාකයේ ඇති ඖෂධීය ගුණය සේම එක් එක් ලෙඩ සඳහා මුරුංගා ඖෂධයක් ලෙස භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.

එමඟින් ඔබට වැලඳී ඇති යම් යම් රෝග සඳහා නිවෙසේ සිටම ප්‍රතිකාර ඖෂධ සාදාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපිය කියවීම මඟින් පැහැදිලි වනු ඇත. "ඈත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදි, මුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශ්‍රිත ආහාර ඉතාමත්ම වැදගත්. Moringa-11913-1 ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඖෂධයක් ලෙසයි. ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝගවලට, මුත්‍රා ගල්වලට, හෘදය ආශ්‍රිත රෝගවලට, මුරුංගා වෑංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්." මෙයට වසර දහසකටද ඈත අතීතයක අප දේශීය වෛද්‍ය ආචාර්යවරුන් පැවැසූ දෑ අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් හෘදය ආශ්‍රිත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ. මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවතින බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙසේය. "මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් කියලා අපි අනුමත කරන්නේ. මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා. අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඖෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා ගන්නා හැටි මම කියන්නම්.


මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඖෂධයක්. Moringa-11913-3 ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්, හෘදය ආශ්‍රිත රෝගවලටත් ඒක ගුණයි." සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඖෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්නා ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුම, කැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඖෂධයක් මුරුංගා කොළවලින් හදන හැටි මම කියන්නම්. මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න. ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේ, දවල්, හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඖෂධීය පානයක්. ගැස්ට්‍රයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක්ව අපහසුතාවට ලක් කරන රෝගයක්.ගැස්ට්‍රයිටිස්වලට හොඳ වටිනා සුවදායක ඖෂධයක් මම කියන්නම්. මුරුංගා කොළ මිටක් අරගෙන හොඳින් අඹරා ගන්න. ඒකට මුදවපු කිරි මේස හැඳි 5ක් එකතු කරලා දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. දින කිහිපයක් මේ විදියට කළොත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න ඔබට පුළුවන්. මුත්‍රා ගල් හටගත් බොහෝ දෙනකුට බටහිර වෛද්‍ය ක්‍රමවේදයට අනුව තිබෙන හොඳම විසඳුම තමයි ශල්‍යකර්මයකට භාජන කිරීම. නමුත් ශල්‍ය කර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් හොඳ කෂායක් හදාගන්න හැටි මම කියන්නම්. තරමක් වියළි මුරුංගා පොතු (ගසේ පොතු) මිටක් පමණ අරගෙන වතුර පත හතරක් පමණ දමා පත එකකට සිඳුවා උදේ කාල් බාගයයි, හවස කාල් බාගයයි දිනපතාම පානය කරන්න. සති දෙකක් පමණ අඛණ්ඩවම මේ කෂාය භාවිත කළොත් මුත්‍රා ගල් අංශු බවට පත්වී දිය වී යනවා. හොඳින් මුත්‍රා පිට වීමත් මුත්‍රා දැවිල්ල ප්‍රහීන වී යන්නත් ඒක ඉතාමත්ම ගුණදායක කෂායක්. මුත්‍රා දැවිල්ල අධික ලෙස පවතින රෝගියකුට සුදුසු ඖෂධීය පානයක් තිබෙනවා. පුහුල් යුෂ හරි කැකිරි යුෂ හරි වීදුරුවකට අරගෙන ඒකට මුරුංගා කොළ තළලා අරගෙන මුරුංගා කොළ යුෂ තේ හැඳි 2ක් එකට මිශ්‍ර කරලා බොන්න. මුත්‍රා දැවිල්ල නිමා වී සාර්ථකව මුත්‍රා පිටවීම එමඟින් සිදු වෙනවා". ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන ආකාරයට ශ්‍රිස්ම සමයේදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ අසාමාන්‍ය ලෙස දහදිය බිබිළි හට ගනී. එවන් රෝගයකදී කොහොඹ කොළ සහ මුරුංගා මුල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවැතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කළ හැකිය. මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් ලබා ගැනීමට එය ඉතාමත් උචිත ආලේපයකි. සමේ ආලේප කොට පැය 2ක් පමණ නිදහස්ව හිඳ පසුව නෑම සුදුසු බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. Moringa-11913-5 "ඇතැම් තරුණියන්ගේ මෙන්ම තරුණයන්ගේත් මුහුණේ කුරුලෑ, ලප කැළැල් අසාමාන්‍ය විදියට තිබෙනවා. ඒ වගේම අවපැහැ ගතියක් පවතිනවා. එවන් ගැටලුකාරී තත්ත්වයකදී මුරුංගා කොළ යුෂ අරගෙන ඒකට දෙහි යුෂත් මිශ්‍ර කරලා ඇල් වතුර බඳුනකට ඒක මිශ්‍ර කරලා එයින් මුහුණ සෝදන්න.
දිනපතා උදේ මේ මිශ්‍රණයෙන් මුහුණ සෝදනවා නම් පැහැදිලි වෙනසක් සහ සෞම්‍ය බවක් ඔබගේ මුහුණේ ඇති වේවි. හන්දිපත් ඉදිමුම හන්දිපත් රුදාව වගේ බාහිර තැළුම් වේදනාවලටත් මුරුංගාවලින් හදන හොඳ ඖෂධයක් මම කියන්නම්. එහි නම මුරුංගාදීලේපය. මේ ඖෂධය බාහිර රෝගී අංශයෙන් ලබා ගන්නත් පුළුවන්. නිවෙසේදීම සාදාගන්න හැටි වැදගත්. එනිසා මම කියන්නම්. ලුණු වරණු පොතු, අමු කහ සමව අරගෙන මුරුංගා පොතු යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරන්න. (අමු මුරුංගා පොතු තළා යුෂ ගන්න) සියුම් ලෙස අඹරා ගත් ඖෂධය අරගෙන තැළුම්, වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න. වේල් කිහිපයක් ආලේප කළොත් හොඳ සුවයක් අත්විඳින්න පුළුවන්කමක් තිබෙනවා. තවත් විශේෂ කාරණාවක් තමයි මුරුංගා කියන්නේ දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක්. පෙර සඳහන් කළ විෂක් ශරීර ගත වුණ පුද්ගලයකුට මුරුංගා පොතු දෙහි ඇඹුලින් අඹරා සත්ත්ව දෂ්ටනයට ලක් වුණු තැන ආලේප කරන්න. ඒකට විෂ මැරීමක් සිදු වෙනවා. Moringa-11913-6 සමහර අයට උදේ කාලෙදි සැන්දෑ කාලෙදි සෙම හට ගන්නවා. ඒ තත්ත්වයෙන් අත්මිදිලා නිරෝගී සුවයක් ලබන්න මුරුංගා මුලේ පොත්ත කොටලා මිරිකලා ගත් යුෂට බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැඳි 1 ගාණේ මිශ්‍ර කර මී පැණි තේ හැන්දක් ඒකට එක් කරලා දින 10ක් ඒ ද්‍රාවණය පානය කරන්න. සෙම තත්ත්වය දුරු වෙලා යාවි." අධික තරබාරු තත්ත්වයෙන් අත්මිදීමටද ළපටි මුරුංගා ඇට කෂායක් ලෙස මී පැණි හා පානය කිරීම මඟින් හැකි වන බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ඒ විතරක්ම නොවෙයි. සැරව ගලන තුවාල පිරිසුදු කරලා ඉක්මනින් සුවකර ගන්නත් මුරුංගාවලින් පුළුවන්.
ඔබ කළ යුත්තේ මුරුංගා කොළ ටිකක් අරගෙන තල තෙල්, එළඟි තෙල් ස්වල්පය බැගින් එයට මිශ්‍රකර අඹරා තුවාලයේ ආලේප කිරීම පමණයි. දින කිහිපයක් මේ ක්‍රියාව කළොත් ඔබට පැසවූ තුවාලයකට වුණත් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්. එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත හොඳ ඖෂධයක් මුරුංගා. නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශ්‍රිත රෝගවලටත් හෘදය ආශ්‍රිත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්, මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග රැසකටත් මුරුංගා හොඳඖෂධීය ගුණ සපිරි ශාකයක් කියලා. ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට පුළුවන් කියලා අලුත්ම පර්යේෂණයකින් තහවුරු වුණා. මුරුංගා නමැති ඖෂධය නිරන්තරයෙන්ම ඔබ ආහාරයක් වශයෙන් හෝ ගන්නවා නම් කොලෙස්ටරෝල් අඩු වීමටත් ඇඟේ සීනි ප්‍රමාණය අඩු වීමටත් ඒක හොඳ ක්‍රමවේදයක්. දෛනික ආහාර වේලකට මුරුංගා මැල්ලුමක් වෑංජනයක් අන්තර්ගත කර ගන්නවා නම් කිසිම ලෙඩක් පීඩාවක් ඔබට ඇති වෙන්නෙ නෑ". සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමටද මුරුංගා කරලේ ඇති ඇට භාවිත කිරීම මඟින් හෙළිවන්නේද මෙම අද්විතීය ශාකයෙහි පවතින වීෂ බීජ නාශක ගුණය නේද?"

ලොව ශක්තිජනකම පානය

''පොළව පළා ගලක්‌ දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්.....'' එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිබේ. සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක්‌ වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල්මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්‌මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක්‌ ලෙසය. ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්‌සේ තීන්දු තීරණගත් අප විසින්ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයක්‌ ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ. මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක්‌ වුව ප්‍රමාණවත් වනු ඇත. එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල් තැඹිලි, කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු විත්ති වලින් හෙළිදරව් කෙරෙනා මාහැඟි ගුණය මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ද විමසා බලමු. පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර ජීවයේ පානයයි. පොල් වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයයි. මාස 9 ක්‌ පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියට ලක්‌වී නිපදවන පොල් වතුර, ජීවානු හරිතය. එහි සංයුතිය අපගේ සෛල ප්ලස්‌මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්‌ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම, සුළු වශයෙන් ඇති ස්‌වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්‌වයි. මෙකී විශිෂ්ට අයනික ගුණය නිසාවෙන්, යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක්‌ ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිබෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක්‌ ජීවිත 50,000 ක්‌ පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගත හැක. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්‌, අයඩීන්, සල්µර්, සින්ක්‌, සෙලෙනියම්, කැල්සියම්, පොස්‌පරස්‌, යකඩ හා විටමින් සී. බී. හා ඊ. ද ඇත.
තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්‌ෂිකාරක, පයිටොකෙමිල්ස්‌ වර්ග, ශාක හෝමොන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වේ. හදවත රැක දෙන පොල් වතුර පොල් වතුරෙහි තිබෙන අධික ඛණිජ ලවන සංයුතිය නිසාවෙන්, හෘදයාබධ හා අධික රුධිර පීඩනය වැළැක්‌වීමේ සුපිරි ආහාරයක්‌ ලෙස විද්‍යාඥයන් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත. මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළිවී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩුවූ බවයි. පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්‍රෑම් 300 ක්‌ පමණ තිබෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක්‌ ලෙස හඳුන්වන්නට විද්‍යාඥයන් පසුබට වන්නේ නැත. පොල් වතුරෙහි අහිතකර කොලෙස්‌ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්‌ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලෙස්‌ටරෝල් (HDL) මට්‌ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි. අනෙක්‌ අතට රුධිර කැටි ඇති වීම වළක්‌වාලන ගුණයක්‌ පොල් වතුරෙහි අඩංගු වන බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩුකර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත. වකුගඩු රැකගන්නට සහ මුත්‍රාශයේ ගල් දිය කිරීමට. වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදුවන හානි වැළැක්‌වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක්‌ බව, පර්යේෂකයන් පෙන්වා දෙයි. එබැවින් මත්පැන් හා වස විස නිසාවෙන් සිදු වන වකුගඩු නරක්‌වීම පාලනය කිරීමද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත. පිලිපීනයේ චයිනීස්‌ මහ රෝහල් මුත්‍රවාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක්‌ හෝ තුන් වතාවක්‌ පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ මුත්‍රාශයේ ගල් සෑදී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගීන්ගේ එම ගල්වල විශාලත්වය අඩුවී හෝ කුඩා කොටස්‌ වලට කැඩී තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශල්‍යකර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකි වූ බවත්ය. අනෙක්‌ අතට පොල් වතුර හොඳ මුත්‍ර කාරකයක්‌ද වෙයි. (Dසමරුඑසජ) මුත්‍ර හොඳින් පහවීමටත් මුත්‍ර මාර්ග යේ ඇතිවන අසාධාරන (ඹඔෂ) සුව වීමටත් පොල් වතුර හොඳ ඖෂධයක්‌ ලෙස සැලකේ. වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්‍ෂා වීමට අප්‍රිකානු හා ඉන්දියානු මෙන්ම, ශ්‍රී ලංකාවේදීද දේශීය වෛද්‍ය කර්මයේදී විස ඖෂධ වල විස ගතිය ඉවත් කිරීමට පොල් වතුර භාවිත කොට තිබේ. එමෙන්ම බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ශරීරගතවීමකදී (ධඩැර dදිe) ඒවායේ විෂ හරණය කිරීමටත්, මෙරට ජනයා ආහාරයට ගනු ලබන, ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධ නාශක ශේෂ කොටස්‌ මෙන්ම ආසනික්‌ හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි, විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ම ඇත. පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් (ඵදබදක්‌මරසබැ) සතුව ව්‍යාධිජනක බැක්‌ටීරියා, වෛරස්‌ හා ප්‍රොටාසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක්‌ සහිත හර්පීස්‌ සයිටොමෙගලෝ වෛරස්‌ වර්ග (Cහඑදපැට්‌කදඩසරමි) මෙන්ම Hෂභෂ වැනි දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස්‌ වර්ගත් විනාශ කිරීමේ ප්‍ර්‍රභල හැකියාවක්‌ සතු වන බව පැවසෙනවා. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්‌තිකරණය පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්‍ෂා කෙරෙන බවත් සොයාගෙන ඇත. යෞවනත්වයේ, දීර්ඝායුෂ ලැබීමේ උල්පත සයිටොකයිනීන්. පොල් වතුරෙහි තිබෙන විටමින්, ඛනිජ ලවන හා අනිකුත් පෝෂණ ගුණයන්ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණය වන්නේ මෙහි තිබෙන ශාක සයිටොකයිනින් (Cහඑදනසබසබි) සංයෝගවලින් අපගේ සිරුරට ලැබෙන ගුණය බව නොඅනුමානය. සයිටොකයිනින් යනු පයිටොහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යැම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ඵළ ප්‍රයෝජනය කවරේදැයි විද්‍යායෝ මෑතක්‌ වන තුරුම සොයාගෙන නොසිටියහ. කෙසේ වෙතත්, විද්‍යාඥයින් දැන් අවධාරණය කරන්නේ, මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යැමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක්‌ රැක ගැනීමටත් ඉවහල් වන බවයි. පොල්වතුර වනාහී මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි. පිළිකා පාලනය කිරීමේ ගුණය පෙරකී සයිටොකයිනින් මගින් වයසට යැම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින් පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස්‌ µsෙµa (ඊරමජැ Fසෙe) මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර පිළිකා ඇතිවීමට හේතු වන නිදහස්‌ මුක්‌ත කණ්‌ඩක විනාශ කරන ප්‍රතිඔක්‌සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. බර අඩු කර ගැනීමට කදිම පානයකි 1999 වර්ෂයේ ඇමරිකාවේ යාලේ සරසවියේදී කර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, පොල් වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩුකර ගැනීමට කදිම පානයක්‌ ලෙස යොදා ගැනීමට හැකි බවය. අනෙක්‌ අතට විටමින් සී සුලභ ආහාර ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයකදී හෙළි වී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය. පොල් වතුරෙහි තිබෙන වෙනත් ගුණයන්..... දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, මෝටීන් සැටින් (ඵදරඑසබ Saඑසබ) මහතා අවධාරණය කරන්නේ, මේ ලොව තිබෙන විශිෂ්ටතම ශක්‌ති ජනක පානය වන්නේ පොල්වතුර බවයි. පොල් වතුරෙහි සින්ක්‌ හා සෙලෙනියම් වැනි ඛණිජ ලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් මද සරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්‌වන බව සොයා ගෙන ඇත. මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි. පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ඨ වෙයි. මවු කිරි වල තිබෙන ලෝරික්‌ අම්ලය පොල් වතුරෙහි ද තිබෙන නිසා සකස්‌ කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායක බව පැවසෙනවා. වමනය යැම නතර කිරීමේ ගුණයක්‌ සහ ආමාශයේ දැවිල්ල, ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මළ බද්ධය සුව කිරීමේ ගුණයක්‌ පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇතිවීම වළක්‌වයි. ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක්‌ ලෙස භාවිත කළ හැකිය. ශරීරය අධිකව වෙහෙසෙන අවස්‌ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබෙන බව පැවසෙනවා. පැපොල, සරම්ප, සහ ශරීයේ පලු දැමීම සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක්‌ ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල් වීමෙන් සහනයක්‌ ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත. සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට උපදෙස්‌ දේ. හෙළ වෙදකමට නැතුවම බැරි පොල් වතුර මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර භාවිත කෙරෙන අවස්‌ථා රාශියක්‌ තිබෙන බව පැහැදිලිව දැකගත හැකිය. ශරීරයේ උෂ්ණය, දාහය, සහ දොස්‌ සමනය කිරීම සඳහා භාවිත කරන ''රාජ විරේකය'' මුල් ගල් දිය කිරීමට භාවිතා කරන ''වැලි හැළියේ කෂාය'' ''බලා විෂ්ණු තෛලය'' වැනි ඖෂධ සංයෝග රාශියක්‌ සකස්‌ කිරීමට තැඹිලි සහ පොල් වතුර භාවිත කරයි. සුලභව යෙදෙන ඖෂධයක්‌ පහත දක්‌වන්නේ පෙර කී පර්යේෂණ වලින් තහවුරු කෙරී පවතින අපේ පැරැන්නන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමට උපහාරයක්‌ වනු පිණිසය. ඉරමුසු පිරිසිදු කොට ගෙන තලා, තැඹිලි ගෙඩියකට දමා ඇස්‌ස වසා රැයක්‌ තබා, උදේට පානය කිරීමෙන් මුත්‍ර විෂ තත්ත්වයන්, මුත්‍ර ආබාධ සමනය කෙරෙන බව පැවසේ. මෙරටට පැමිණෙන විදේශික සංචාරකයන් සිල්ලර කඩවලට ගොස්‌ පොල් ගෙඩි මිලදී ගෙන, එහි සිදුරක්‌ සාදවා ගෙන, පාරවල් අයිනේ ඇන තියා ගෙන ස්‌ට්‍රොa එකකින් පානය කරනු ඔබත් දැක ඇති. එහෙත් අවාසනාවකට එම වෙළෙඳසැලේ සිටින තරබාරු වෙළෙඳ මහත්මිය දිනපතාම පොල් වතුර ටික කුණු කාණුවට දමා වස විස ද තිබිය හැකි ප්ලාස්‌ටික්‌ බෝතල් වල අසුරා අව්වට වේලී වේලී තිබෙන පැණි බීම බෝතලයක්‌ පානය කරමින් සිටිනු ඇත. ඉදින් මේ එළැඹ ඇත්තේ, පොල් ගස යට ඉපිද, හෘද රෝග වකුගඩු අබාධ, පිළිකා රෝග වැනි බෝ නොවන රෝග වැළඳී අකාලයේ මියගොස්‌, පොල් ගස්‌ යටම වළදමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස්‌ මෙන්ම රස රහස්‌ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දියයුතු කාලයක්‌ බව මෙහි අන්තිමට ලියා තබමි.
(විශේෂ ස්‌තූතිය - කැඩුම් බිඳුම් හා සර්වාංග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය කරඳගොල්ලේ ඒ. බී. එම්. ජයවර්ධන මහතාට)
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇල්ල
free counters