වෙද මහතා පිලිබද තොරතුරු විමසිමට මෙම අංක පමනක් භාවිතා කරන්න
0094 813 812 795
0094 813 880 025

නමෝ බුද්ධාය !
"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...
යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...
අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...
ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...
ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
ශ්‍රද්ධාව බලවත් කළ හැක්‌කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

හෙළ වෙදකම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. ප්‍රත්‍යක්ෂ වුත් රෝග නිට්ටාවටම සුවකළ හැකි වුත් අත්දුටු විශ්මයජනක ප්‍රතිකාර ක්‍රම හෙළ වෙදකම සතු වේ. හෙළ වෙදකම ආශ්චර්යමත්ය. නිදුකින් ජීවත්වෙන්නටත් දීඝායුෂ ලබන්නටත් හේතුවන්නකි. එසේ වන්නට නම් එය හරියට ඉෂ්ඨ සිද්ධ විය යුතුය. වෙදකම වෙළඳාමක් හෝ බාල ලෙස වුණොත් ඒ පිළිබඳ වන විශ්වාසය බිඳ වැටේ. විශ්වාසය රැකගෙන වෙදකම් කරන පිරිසද අතලොස්සකි. හෙළ වෙදකම අද වෙළදාමක් වී ඇත. බොහෝ දෙනා වෙදකමෙහි අල්ප මාත්‍රයක් දැන ප්‍රතිකාර සිදුකරන්න යාමේදී වෙදකම වරදින අවස්ථා වැඩිවේ. අද බොහෝ තැන්වල මේ තත්වය දැකිය හැකිය. ලෙඩකට ප‍්‍රතිකාර සොයන රෝගියෙකුට බොරුවක් කර බලාපොරොත්තු වන මුදල් වලින් වටිනාකමක් නැත. පළමුව ලෙඩාගේ නිරෝගීභාවය ගැන සිතිය යුතුය. දෙවැන්න වෙදදුරු විශ්වාසවන්තයෙක් විය යුතුය. නමට පෝලිමේ යනවාට වඩා සැබෑ වෙදකම සොයා යාමට කවුරු කවුරුත් උනන්දු විය යුතුය. වෙදකමේ අක්මුල් සොයා යන චාරිකාවක සුවිශේෂී තැනෙක අපි නතර වෙමු. ඒ රටක් ලොවක් හඳුනන කුස්වල වෙදහාමුදුරුවෝය. ඇතැම් විට මීට පෙර ඔබ කුස්වල හාමුදුරුවන් ගැන අසා ඇත. නමුත් දන්නා තොරතුරුවලට වඩා නොදන්නා තොරතුරු බොහෝය. කුස්වල වෙද හාමුදුරුවන්ගේ අපූරු වෙදහාස්කම් අද පටන් කියවමු. කවුද මේ කුස්වල වෙද හාමුදුරුවෝ. උන්වහන්සේගේ පැවිදි ජීවිතය දශක පහක් එහාට දිවේ. දඹුල්ල ඇලගමුව දෙහිප්පා රජමහා විහාරයේදී කුස්වල හාමුදුරුවෝ පැවිද්ද ලබා ඇත. මහඇලගමුවේ ලංකානන්ද නමින් පැවිද්ද ලැබූ උන්වහන්සේ දෙහිප්පාවේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙකි.
කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමක රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ මිනිසුන්ට සහනයක් ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක් ගාණේ ඇවිද ගොස් රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්න එම කතා මාලාවේ නව වැනි කොටසය.වාහල්කඩ ඉසිවර අරණේදී විවිධාකාර තරාතිරම්වල පුද්ගලයන් අපට හමු වන බව සැබෑය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු, නීතිඥවරු, ඉංජිනේරුවන්, ගුරුවරු, වෛද්‍යවරු, ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇතුළු එකී, නොකී විවිධ පුද්ගලයන් එම පින්බිමේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන් අතර සිටින හේමපාල චන්ද්‍රසේන ද සිල්වා මහතා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකි. ඔහු පදිංචි වී සිටින්නේ මොරටුව ලුනාව ප්‍රදේශයේය.හේමපාල මහතා ද කාලයක් පිළිකාවකින් පීඩා විඳ පසුව වාහල්කඩ පින්බිමේ දින විසි එකක් කූඩාරම්ගතව සිට ප්‍රතිකාර ගෙන සුවපත් වී සිටින්නේය. දැන් ඔහු විවේකයක් ලැබෙන බොහෝ දිනවල වාහල්කඩ මංගලාරාමයට පැමිණ විහාරාධිපති වහන්සේගේ මෙන්ම රෝගීන්ගේ සුවදුක් විමසා බැලීම පුරුද්දක් කරගෙන සිටින්නේය. මේ මොහොතේ ද හේමපාල මහතා පැමිණ තිබෙන්නේ එකී සත්පුරුෂ යුතුකම ඉටු කිරීම සඳහාය. විහාර භූමියේදී එකිනෙකට හමු වී දැන හඳුනගත් හේමපාල මහතා ලෙන්ගතුව අපව පිළිගෙන පීඩා විඳි රෝගී තත්ත්වය ගැන මෙන්ම වහල්කඩ පින්බිමේ හාස්‌කම් ගැන ද හරවත් ලෙස කරුණු පැහැදිලිs කළේය. මේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා අපට කියූ කතාවය.“මම අවුරුදු හතළිහක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළේ. දැන් මම විශ්‍රාමිකයි. මට වයස අවුරුදු 73 ක් වෙනවා. අවුරුදු පහළොවක විතර කාලයක ඉඳලා දියවැඩියාවට බෙහෙත් බොනවා. අවුරුදු එකහමාරක විතර උඩදි හිටි හැටියේ මගේ ඇඟේ බර අඩු වෙන්න පටන් ගත්තා. වෛද්‍යවරු කිහිපදෙනෙක් ළඟටම ගියා. ඒ වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ දියවැඩියාවට බෙහෙත් බොන නිසා බර අඩු වෙනවා ඇති කියලා. දවසින් දවස බර අඩු වෙනකොට පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ පොලිස් රෝහලට ඇතුළත් වුණා. එතැනදී වෛද්‍යවරු පරීක්‍ෂණ කරලා වැඩිදුර පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු යටතේ සීටී ස්‌කෑන් එකක් කළා. එම පරීක්‍ෂණයෙන් නිගමනය වුණේ මගේ අක්‌මාවේ ‘හෙපටෝ සෙලියුලර් කාසිනෝමා’ කියන පිළිකා තත්ත්වය සහ එයින් ඇති වෙච්ච සිරෝසීස් රෝගී තත්ත්වයක් තියෙනවා කියලා. කඩිනමින් ශල්‍යකර්මයක් කරන්න වෙනවා කියලා ඒ වෛද්‍යවරු අපිට කිව්වා. පස්‌සේ මගේ ඥාති දරුවකුගේ උදව් ඇතිව මහරගම පිළිකා රෝහලට ගියා. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්‌ඩලයක් මගින් මාව පරීක්‍ෂා කරලා බැලුවා. ඒ වෛද්‍යවරු මට කිව්වා පිළිකාව තියෙන තැන අනුව ශල්‍යකර්මයක් කරන්න අපහසුයි. කිමෝ තෙරපි කරන්න ඕනා කියලා, ඒ සම්බන්ධයෙන් විශේෂඥම වෛද්‍යවරයා ළඟට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයා පරීක්‍ෂා කරලා මට කිව්වා ‘කිමෝ තෙරපි දෙන්න බෑ. එච්චර දුර ගමන් කරන්නේ නෑ’ කියලා. පස්‌සේ ඒ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයකුට මාව යොමු කළා. ඒ වෛද්‍යවරයත් පරීක්‍ෂා කරලා බලලා මට කිව්වා ‘ඔපරේෂන් එකක් කරන්න පුළුවන්. ඒත් පනහට 50 තමයි විශ්වාසයක් තියන්න පුලුවන් කියලා…’
මෙම ඹසුව භාවිත කිරීමෙන් ආමාශ ගත ඇසිඩ් ආදිය පිට කරයි. මේ නිසා ඹසුව භාවිතයේදී බඩ බුරැල් කර මළ පහ පිට විය හැක.
රත්රන් මගින් දරුණු පිළිකා සහමුලින්ම නසන ලොව එකම ඉසිවරයා රත්මලානේ
‘ලෝකයේ දැනට පරීක්ෂණ පවත්වා බටහිර වෛද්‍යකමටත් සුව කිරීමට නොහැකි පිළිකා රෝගය සුව කිරීමට බෙහෙත් සොයාගෙන සිටින එකම වෛද්‍යවරයා මමයි. මම එය රටට සමාජයට කියා පාන්නේ මහත් ආඩම්බරයෙන්’ යැයි වෛද්‍ය ලලිත් කුලරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ ‘තිලක පිළිකා රෝග සංගමය’ ආරම්භ කිරීම හා රසවෛද්‍ය ක‍්‍රමයෙන් පිළිකා රෝගය සුව කිරීම පිළිබදව පානදුර පුරහලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ලලිත් කුලරත්න මහතා මෙසේ කීය,
‘කැරට් 24 රත්රන්වල ජාන වෙනස්කළ හැකි බැවින්, රත්රන් ඖෂධ මාර්ගයෙන් පිළිකාව සුව කිරීමේ ක‍්‍රමවේදය ලොවට හදුන්වාදී ඇති ලොව එකම වෛද්‍යවරයා ලෙස මේ වනවිට මම පිළිකා රෝගීන් විශාල පිරිසක් සුව කරලා තිබෙනවා. මේ සියලූ හාස්කම් කළහැකි වන්නේ ශෛල්‍ය හෝ එන්නත් හෝ විකිරණ ප‍්‍රතිකාර නොකළ රෝගීන්ට බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්න කැමතියි.
පිළිකාව කියන්නේ දරුණු රෝගයක් නෙවෙයි. බටහිර වෛද්‍යවරුන් පිළිකාව භයානක රෝගයක් කියා මිනිසුන් බිය ගන්වා තිබෙනවා. මොකද ඔවුන් ල`ග පිළිකාව සුව කරන්න බෙහෙතක් නැති නිසා. මේ රෝගයට මිනිසුන් පොඞ්ඩක්වත් බිය විය යුතු නැහැ. මම මෙම රෝගය රසදියෙන් හොද කරනවා.
මගේ වෛද්‍ය ආයතනය රත්මලාන ගොළුමඩල හන්දියේ පිහිටි ශ‍්‍රී මංගල ඔසුහලයි’
සමස්ත ලංකා වකුගඩු සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වූ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය චන්දික විජේරත්න, මහාචාර්ය නාලක ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහත්වරු සහ හෙද නිලධාරිහු මෙහි වෙති.
|
තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක් ඉහළ දමන සාර්ථක ඖෂධයක් බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.
මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක් කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.
