වකුගඩු රෝගීන්ගේ යහපතට සමස්ත ලංකා සංගමයක්

සමස්ත ලංකා වකුගඩු සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වූ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය චන්දික විජේරත්න, මහාචාර්ය නාලක ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහත්වරු සහ හෙද නිලධාරිහු මෙහි වෙති.
|
වකුගඩු රෝගීන්ගේ සුබසාධනය සඳහා සමස්ත ලංකා සංගමයක් පිහිටුවා ගැනීම පසුගියදා සිදුකෙරිණි.
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්දික විජේරත්න මහතාගේ විශේෂ සහභාගිත්වයෙන් පැවැති එම ආරම්භක රැස්වීමට රෝගීහු විශාල සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.
මූලික සාකච්ඡාවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේ චිත්‍රකලා උපදේශක ආර්. ඒ. නිමල් මහතාය.
මහාචාර්ය චන්දික විජේරත්න මහතා මෙහිදී මෙසේ කීවේය.
වකුගඩු රෝගියකු සුවපත් කිරීමේදී සුවිශාල වෛද්‍ය කර්මයක් කළ යුතුයි. පෞද්ගලික රෝහලකදී වකුගඩුවක් බද්ධ කළොත් ඒ සඳහා රුපියල් ලක්ෂ 13 ක පමණ වියදමක් දැරීමට රෝගියාට සිදුවනවා. මේ රෝගීන් වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරනවා. නමුත් සියල්ලම රජයෙන් ලබාදෙන්න අමාරුයි. ඒ නිසා මෙවැනි සංවිධාන මගින් සහය වීම වැදගත්.
බියගම විශේෂ- රංජිත් අම්පිටියාවත්ත
දිණමින 21/07/2011
සමස්‌ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය
70/8, සරසවි පටුමග,